මම ඊයෙ SLT පැකේජ ගැන විස්තරයක් දැම්ම. ඒත් එයාල එලියට දාල දැන් විස්තර. FUP සීමාව ඊටත් වඩා අඩු කරල. ඒත් මේ FUP එකක් 512Kbps සම්බන්ධතා වලට නෑ. එතනින් ඉහල සම්බන්ධතා වලට විතරයි තියෙන්නෙ. කලින් තිබ්බ සම්බන්ධතා වෙනුවට අලුතින් සම්බන්ධතා එලියට දාල. ඒ වේගවල් වලින්ම FUP එකක් හා මාසික ගාස්තුව වෙනස් කරල
Xcite Plus පැකේජයේ මාසික ගාස්තුව රු 2000/- යි, මාසික භාවිත සීමාව 5GB
Office Plus පැකේජයේ මාසික ගාස්තුව රු 5000/- යි, මාසික භාවිත සීමාව 12GB
Xcel Plus පැකේජය මාසික ගාස්තුව රු 8000/- යි, මාසික භාවිත සීමාව 16Gb
මේ සීමාවෙන් පස්සෙ 30GB වෙනකම් මෙගාබයිටයක් ශත 50යි. ඉන් පසු මොගාබයිටයකට රු 1/- යිඅසීමිත භාවිත කරනවනම් තියන එකම පැකේජය Home හා Entree පැකේජ. Home එක මාසිකව රු 1600/- යි, Entree පැකේජය මාසිකව 500 උනත් 3250/- ක භාවිතයෙන් පස්සෙ Unlimited වෙනව.

ඒත් මේ දෙකේ Ratio එකේ වෙනස් තියනව. Ratio කියන්නෙ උදාහනයක් විදිහට 2Mbps සම්බන්ධතායක් ගත්තොත් ඒ සම්බන්ධතාවය බෙදෙන සම්බන්ධතා ගණන. ටෙලිකොම් Entree පැකේජය ඇරෙන්න අනිත් පැකේජ මෙතෙක් කල් දීල තියෙන්නෙ 1:20 කියන අනුපාතයට. ඒත් මේක Home සම්බන්ධතා වලට වැඩිය දැනෙන්නෙ නැත්තෙ ඉන්න පාරිභෝගිකයින් ගාන වැඩි නිසා. නමුත් Entree පැකේජය 1:1 අනුපාතයට දෙන්නෙ.
නව පැකේජ අනුව Home ඇරෙන්න අනිත් පැකේජ සියල්ල 1:1 අනුපාතය යටතේ උපරිම වේගයක් ලැබෙන්න දෙනව. ඒ FUP නිසා. Entree එකත් තාම දෙන්නෙ 1:1 අනුපාතයෙන්. 3500 ක් ගෙවන්න පුලුවන්නම් Home එකට වඩා Entree එක හොදා. Ratio එක වෙනස් නිසා. ඒකයි ඉස්සර Limit පැකේජයෙ ඉදන් Unlimit Home පැකේජයට මාරු කලාම ස්ලෝ කියල තේරෙන්නෙ.
නව පැකේජ වල usage meter එක ඒ ඒ පාරිභෝගියන්ට ලබාගන්න පුලුවන්. මේ වෙනස්කම් වලට හේතුව විදිහට ටෙලිකොම් ආයතන කියන්නෙ TRC එක කචල් එකක් දැම්මලු. ඒක නිසා වෙනස් කරනවලු. ඒත් එයාලට ඩයලොග් හා ලංකාබෙල් සම්බන්ධතා ගැන කීවහම මුකුත් කියන්නෙ නෑ. සමහර විට යටනa FUP එකක් ඇතිලු. නැතිනම් ඉස්සරහදි දායිලු. ඒත් ඩයලොග් එකෙන් ඇහුවහම කියන්නෙ එහෙම කිසිම FUP නැ. හැබැයි භාවිතය වැඩි වෙලාවට අවම 1.5Mbps දක්වා වේගය අඩුවෙන්න පුලුවන් කියල. ඒත් ඒව Unlimit. ඒත් දැන් ඔය SLT වලින් බාන හුගක් අය Dialog හරි Lankabell වලට මාරු උනොත් ඒවටත් මේ ලෙඩේ එයිද දන්නෙ නෑ. මොනව උනත් මෙයාල බෝලෙ පාස් කරන්නෙ TRC එකට. කෙසේ වෙතත් මේක කරල තියෙන්නෙ අනෙක් පාරිභෝගිකයන්ගෙ යහපතටලු. ඒත් ඒකෙන් ඉන්න පාරිභෝගිකයො කීදෙනෙක්ට සොරි වෙනවද. ඒ වගේම මේ නිසා කී දෙනෙක් නැතිවෙයි කියන්න බෑ. මොකද කැෆේ වලට මේ සීමා අරන් හරියන්නෙ නෑ. ඒවා ලිමිට් කරන්න බෑ. ඒ වගේම විවිධ බාගත කිරීම් කරල යමක් හොයාගත්ත අයට වෙන විසදුමකට යන්න වෙනව. නැතිව ගිගාබයිට් එකකට රු 500ක් ගෙවන්නෙ මොකටද?
















