මේක සිංහල ‍යුනිකොඩ්ගැන අදහසක්. මුලින්ම පරිගණකයට සිංහල යුනිකොඩ් නොතිබ්බ කාලෙ සිංහල වැඩවලට ගොඩක් අමාරැ වුනා. එක සියි‍ට් එකෙන් එකට ෆොන්ට් දාන්න ඕනෙ. ඒත් දැන් යුනිකොඩ් ‍එකට පින්සිද්ද වෙන්න දැන් එහෙම නෑනෙ. එක ප්‍රමිතියක් තියනව. ඒත් මම වින්ඩෝස් එකේ යුනිකොඩ් එක ගැනවත් ලිනක්ස් එකේ යුනිකොඩ් ගැනවත් කියන්න නෙමේ මේක ලීවෙ.
පරිගණකය‍ටනම් ෆොන්‍ට් එක දාගන්න පුළුවන්. ඒත් ජංගම දුරකථන ගැන පොඩ්ඩක් හිතුවද. මම හොන්ද උදාහරණයක් කියන්නම්. මගෙ පරිගණකය ‍ටික කලක් අස්තීර වුනා. ඉතින් මම මේල් චෙක් කලේ, බ්ලොග් ලීවෙ ‍ජංගම දුරකථනයෙන්. ඒත් එතන තිබ්බ ලොකුම අවුල තමා ඒකෙ සිංහල නැති එක. නොකිය එකේ සමහර ෆෝන් වල සිංහල තියනව. ඒත් හොන්ද ෆෝන් සිංහලට හරවල නෑ. මම කියන්නෙ සිංහලට හැරවීමක් නෙවේ.සිංහල ෆොන්‍ට් (යුනිකොඩ් එක) ගැන. මොකද ෆොන් වලට ‍ෆොන්ට් දාන්න ‍බෑ. හැබැයි පද්ධතිය යාවත්කාලීන කරන්න පුලුවනි. ඉතින් මම කියන්නෙ මොබයිල් වල‍ට හැරෙන මේ කාලෙ ෆොන් එකෙන් සිංහලෙන් බ්ලොග් ලියන්න, අන්තර්ජාලයේ සැරිසරන්න ක්‍රමයක් තියනවනම්‍ හොන්දා කියලයි. ඒත් ඒව හදන්න මමනම් දන්නෙ ‍නෑ. දන්න එක්කෙනෙක් හරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් දැන් කරොත් හොන්දා නේද. අපේ ෆෝන් එක අරන් වෙන ර‍ටකට ගියහම ඒ ර‍ට වල ඔක්කොම (හුගක්) පණිවිඩ එන්නෙ ඒ රටේ භාෂාවෙන්.ඒ ඔක්කොම කියවන්න පුලුවන්. ඒත් ලංකාවෙ සිංහලෙන් පණි‍විඩයක් ආවොත් ඒක කොටු ‍කොටු. ඉස්සර සිංහල පිටුවක් හරි ගොනුවක් හරි ඕපන් කළාම ඉංග්‍රීසි අකුරැ ගොඩක්‍ ඒත් දැන් එහෙම නෑ.. ඉතින් මොබයිල් වලටත් සිංහල හදමු නේද…

Sinhala Unicode for mobile – සිංහල යුනිකොඩ් එක ජංගමදුරකථන වල‍ට‍

6 thoughts on “Sinhala Unicode for mobile – සිංහල යුනිකොඩ් එක ජංගමදුරකථන වල‍ට‍

  • June 25, 2008 at 5:57 am
    Permalink

    මම දන්න තරමින් දැනට සිංහලෙන් browser එකක් සයන්ස් ලෑන්ඩ් සමාගමෙන් සාදා තියනවා. මම දන්න තරමින් මේක මොබිටෙල් අයට බාවිතා කර්න්න පුලුව්න්, හරියටම දන්නේ නෑ

    Reply
  • June 25, 2008 at 6:07 am
    Permalink

    මාලින්ද,
    මේ ගැන මීට පෙර කිහිප වතාවක් “සිංහල යුනිකෝඩ් සමූහයේ” කතා කලා. පහත දැක්වෙන සබැඳුම් බලන්න.

    http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/38e1bf52cb5be96e/0f900fff048d8f0a?#0f900fff048d8f0a

    කෙසේ වෙතත් දැනට පවතින ගැටලුව වන්නේ ු ජංගම දුරකතන මත ඇති මෙහෙයුම් පද්ධති සිංහල යුනිකේත සහාය නොදැක්වීමයි. මේ සඳහා නිෂ්පාදකයින් විසින් පියවරක් ගත යුතු වන අතර ජංගම දුරකතන මත සිංහල ක්‍රියා කරවිය හැකි බාගත හැකි ඇඩෝනයක් වැනි යමක් නිමැවිය හැකිනම් සිංහල යුනිකේතය ජංගම දුරකතන මත ද ක්‍රියා කරනු ඇත.

    Reply
  • June 25, 2008 at 9:11 am
    Permalink

    මමත් බැලුව. සයන්ස් ලෑන්ඩ් එකේ වැප් සයිට් එකට යන්නෙත් නෑ…

    Reply
  • June 25, 2008 at 9:38 am
    Permalink

    සමහර නොකියා දුරකථන වල බ්‍රවුසර වලින් සිංහල අඩවි වලට යන්න පුළුවන්. මං හිතන හැටියට සිංහල දුරකථන වෙන්න ඕන.

    මේක බලන්න: http://ict4peace.wordpress.com/2008/04/26/vikalpa-on-my-nokia-3110c/

    Reply
  • June 27, 2008 at 5:04 am
    Permalink

    ඒක හරි. මමත් ඒවගෙ බැලුව. නොකියා සිංහල ෆෝන් වලින් සිංහල සයිට් වලට යන්න පුලුවන්. ඒත් හොන්ද ෆෝන් සිංහලය හරවල නෑනෙ. ඉතින් ඒවට සොෆ්ට්වෙයා දාන්න පුලුවන් නිසා එහෙම එකක්වත් හැදුවොත් නරකද. සෝනිඑරික්සන්, මොටරෝලා ඒවටත් එක්ක. මොකද නොකිය අය පද්දතියෙ ඒව හිටන් හරවන්වනෙ. ඒත් එච්චර දෙයක් නැතුව යුනිකොඩ් එක ව‍ගේ දාගන්න ඇත්තම්…

    Reply
  • June 28, 2008 at 9:02 am
    Permalink

    මගේ ජංගමදුරකථනයේ පෙන්නන්නේ කොටු කොටු 🙁 සමහර Sonyericssion ඒ වගේ .ttf ෆොන්ට්ස් දාන්න පුලුවන් හැබැයි යුනිකෝඩ් වැඩද දන්නෑ

    Reply

Leave a Reply to Malinda Cancel reply

Your email address will not be published. Required fields are marked *