Multi Sim, Max Sim

ඔබ දුරට ජංගම දුරකථන සබදතා කීපයක් භ‍ාවිතාකරනවානම් බොහෝ විට ජංගම දුරකථන කීපයක් භාව්තාකිර‍ීම‍ට සිදුවනවා ඇති. නැතිනම් තමාගේ ජංගම දුරකථනයේ නිතර සිම් මාරැ කිරීමක් සිදුවනවා ඇති. නමුත් දැන් එසේ කිරීමට අවශ්‍යය නැත. සුපර් සිම්, මැක්ස් සිම්, මල්ටි සිම් යන විවිධ නම් වලින් හදුන්වන නව සිම් කාඩ්පත නිසා ඔබගේ ජංගම දුරකථන අංක ක‍ීපයක‍් එකම සිම් කාඩ් පතට පි‍ටපත් කර භාවිතය‍ට ගැනීමේ පහසුව ඇත.

මෙයට දැනට හැකියාව ඇත්තේ මොබිටෙල් හා ඩයලොග් සිම් පමණි. ටිගෝ හා හච් සිම් මෙසේ කොපි කිර‍ිමට පහසුකම් නැත. ඒවා කොපි ප්‍රොටෙක්ට් සිම්ය.

මොබිටෙල් හා ඩයලොග් සිම් 6 ක් හෝ 16 ක් රදවාගත හැකි සිම් ඇත. මේවාට කලවමේ උවද සිම් කොපි කරගත හැක. මෙම සිම් පතක් රැ 1300 සිට ඇති අතර ඒ සමග සිම් ර‍ීඩරයක්ද ලැබේ. සිම් පත පමණක්නම් රැ 500 සිට ඇත. මෙම සිම් රී‍ඩරය සමග ලැබෙන මෘදුකාංගය මගින් විනාඩි 20 සිට පැයක් දක්ව‍ා කාළයක් තුල නියම සිම් පත කියවන අතර ඉන් පසු කේතයක් ලබාගනී. එය තැන්පත් කර හිස් මැක්ස් සිම් එක මත තප්පර කීප‍යකින් තැන්පත් කල හැක.

මේ අනුව සීම් කීපයක් කොපිකරගත හැකි අතර අවශ්‍යයනම් මිතුරකුගේ වුවද කොපිකරගත හැක. එමගින් මිතුරාගේ නම්බ‍රයෙන් හා ඔහුගේ මුදල් ‍වලින් ඇමතුම් ලබාගත හැක.

මෙහි ඇති දුර්වලතාවයක්නම් මෙහි සිම් කීපයක් කොපිකරගත්තද වරකට එක නම්බරයක් පමණක් භාවිතා කල හැකිමුත් Dialog ලබාදෙන Multisim (Multisim ගැන කිය‍වන්ට) මෙන් එකම නම්බරය දුරකථන කීපයක භාවිතා කල හැකි අතර සිග්නල් වල ප්‍රමුකථාව මත ඇමතුම් හා පණි‍විඩලැබේ. නමුත් ඩය‍ලොග් හා මොබිටෙල් ලබාදෙන dual Subscription එසේ නැත. (dual Subscription ගැන කිය‍වන්ට).

Max Sim – ජංගම දුරකථන සිම් ඒකතුව

2 thoughts on “Max Sim – ජංගම දුරකථන සිම් ඒකතුව

  • December 26, 2010 at 8:39 am
    Permalink

    අලුත් සිම් කොපි කරන ක්‍රමයක් නැද්ද?

    Reply
  • December 26, 2010 at 11:45 am
    Permalink

    බෑ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *