ඇත්තමයි කාලිංගගෙ (Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service. බ්ලොග් එක කියවපුවහම ලංකාවෙ පාරිහෝගික සේවය ගැන හුගක් තේරැණා. මටත් ඔය ව‍ගේ අත්දැකීම් ගොඩයි. එයාලට කියන දේ‍ට නෙවෙ උත්තර දෙන්නෙ. ඩයලොග් එකේ මේක ‍ටිකක් අඩුයි. මොකද එයාලගෙ සිස්ට ම් එකේ පොතක් වගේ ඔක්කොම තියනව. ඒක බලන් උත්තර දෙනව. ඒත් අලුත් දෙයක් ඇහුවොත් වෙන ඒව කියවන්නෙ. මම HSDPA ආපුම දවස් වල කුරැණෑගල edge තිබ්බ. Gprs වෙනුවට edge වැටෙන්නෙ. ඉතින් ඩයලොග් එකෙන් ඇහුවහම කියන්ව edge තියෙන්නෙ කොළඔ ෆියුචර් වර්ල්ඩ් එකේ විතරයිලු. ඇත්තමයි කස්ටමර් ‍සර්විස් අය අලුත් වෙන මුකුත් දන්නෙ නෑ. HSDPA ගැන ඇහුවහම එහෙම එකක් නෑ කියනව. එක කාලයක් මට මෙව නිසා දිගටම කථා කරන්න වුනා. එවුන් අහන දේට නෙවේ උත්තර දෙන්නෙ. එක කාලයක් diamail ‍ගැන ඇහුවහම කියනව කිට් සබදතා වලට දෙන්නෙ නෑලු. ඒත් මගේ එකේ ඇක්‍‍ටිවු.. සතයක්වත් කැපුනෙ නෑ. ඒත් ලගදි ඉදන් ඒව‍ට රැපියල්ක් යනව. මේ ඔක්කොම පාරිභෝගික සේවෙ තමා. හුගක් අය‍ට කඩ්ඩ තිබ්බට තාක්ෂණික පැත්ත නෑ.. එක කාලයක් තිබ්බ මම ඩයලොග් එකේ ‍‍පෙරගෙවුම් සම්බන්දයක් භාවිතා කරන දවස් වල කස්ටමර් සර්විස් ගද්දි ‍‍පෙරගෙවුම් පාරිභෝගික සේවෙ‍ ගන්නෙ නෑ. වුන්ටෙ හුගක් ඒව බෑ. අනික ඒ මදිවට උස්සන්. ‍.. කෑම එකත් ලග තියාගන්න ඔනෙ. ඒ මදිවට කිසිම සුහදත්වයක් නෑ. මාර සැරක්. ඒත් ප්රොධාන පාරිභෝගික සේවය ඊට වඩා ටිකක් හොන්දා. ඒත් ලගදි ‍‍පෙරගෙවුම් සබදතා වලින් ඒකට ගන්න බෑ. දැන් පසුගෙවුම් නිසා අවුලක් නෑ‍‍. මේ ඊයෙ පෙරේදා ඉදන් 678678 ගත්තහම හෙන ගැහුව වගේ කවුරැ හරි හලෝ කියනව. රෙකෝඩින්ග් නෑ. හැබැයි දැන්නම් ඒව නෑ. ඒත් ඉස්සර ඕක‍ට ගත්තහම වෙන කාගෙ හරි පැකේජ් එකක රේ‍ට් බලන්න. සර්විස් ඇක්ටිවු, ඩී ඇක්ටිිවු කරගන්න පුලුවන්. ඒත් දැන් බෑ. ඔය අවුල් වලට පොඩ්ඩක් විසදුමක් හොයන් තියනව ටෙලිකොම්ල. එයාලගෙ හැබැයි කෝල් කලාම දවස් තුනක් විකර ලයින් එකේ ඉන්නත් ‍‍් ඕනෙ. ඊට පස්සෙ ආන්සර් කලාම අවුල කිවුවහම අපරාදෙ කියන්න බැ. ඒ ‍සෙක්ෂන් එකට දානව. මම කියන්නෙ මේක තමා හරිම බැඩේ. ඒත් වැඩේ වෙන්න ලයින් එක අරහෙට දානව, මෙහට්ට දානව. එපාවෙනව‍. සමහර වෙලාවට ටෙලිකොම් එකෙන් කියනව ‍මොබිටෙල් එක‍ට ගන්න, මොබිටෙල් එකෙන් කියනව අපේ අවුලක් නෙවේ, ටෙලිකොම් එකෙන් තමා ඒක කරන්නෙ, ඒකට ගන්න කියනව, මේක හුගක් වෙන්නෙ මොබිටෙල්ල දුන් ටෙලිකොම් නෙට් ගැන කථා කරදිදි. මේවනම් අද මෙට හැදෙන ඒව නොව් වගේ. ඒවගෙ ඉන්න එවුන්ව වෙනමම තම්බන්න ඕනෙ. එක එක අයගේ එක එක නීති. සමහරැ හැමදේම බෑ කියනව. අරන් ආකේඩ් යන්නලු. ඒක නිසා දැන් කස්ටමර් කෙයා ගන්න කලින් හොන්ද වෙලාවක් බලන්න වෙයි.

Sri Lankan Customer service – ලංකාවෙ පාරිභෝගික සේවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *