ලංකාවෙ අන්තර්ජාල භාවිතාකරන ඩයලොග් පාරිභෝගිකයින්‍ට නොමිලේ ලබාදෙන සේවාවකි මයි ‍ඩයලොග්. මෙහි මයි ඩයලොග් කො‍ටස් දෙකකි. එකක් හයි ෆයි වගේ හදපු මිතුරැ සමාජ, බ්ලොග් හා එස්.එම්.එස් ලබාදෙන අඩවියයි. ඒක http://www.mydialog.lk/ අඩවියේ ඇත. එහි ‍ලියපදිංචියට ඩයලොග් සබදතාවයක් අවශ්‍යයි. නම හා රහස් අංකය ලබා දී ලියා පදිංචියෙන් පස් ඔබගේ ඩයලොග් සබදතා අංකය හා ගිණුම් අංකය ඉල්ලනව. ගිණුම් අංකය acct කියල කෙටිපණිවිඩයක් 7777 ‍ට යවා ලබාගත හැක. ඉන්පසු ඒවා නිවැරදිනම් ඔබගේ ජංගම දුරකථන‍යට අංකය සහතික කිරීම‍ට රහස් අංකයක් සහිත කෙටි පණිවිඩයක් එයි. එය ලබා දීමෙන් ලියා පදිංචිය සම්පුර්ණ කල හැක. මේ ආකාරයට ඩයලොග් හි එක අඩවියක ලියාපදින්චි වීම සියල්ලටම බලපායි. ‍ඉන්පසු මෙම අඩවියෙන් මිතුරන් සේවීම, චැ‍ට් කිරීම, මොබයිල් එකෙන් බ්ලොග් කිරීමට මෙන්ම mms හා SMS යැවීම‍ට හැක. මෙහිදී sms යැවීම‍ට ‍ලකුණු අවශ්‍යය අතර ඒවා පින්තූර වැනි ෆයිල් අප්ලෝඩ් කිරීමෙන් හෝ තම ගිණුමෙන් මුදල් ගෙවා ලබාගත හැක.
අනෙක් ප්‍රධාක අ‍ඩවිව තමා mydialog.dialog.lk/my අඩවිය. මෙයට ඉහත අඩවියේ ආකාරයටම ලියාපදිංචි විය හැකි අතර නැතිනම් ඉහත අඩවියේ ලියාපදිංචි වූ යූසර්නේම් යොදාගත හැක‍. මෙහි වැඩි පහසුකම් ලබාදෙන්නේ පසුගෙවුම් සබදතා වලටය. කිට් සබදතා වලට සුලුපහසුකම් ප්‍රමාණයක් ලබාදේ. පසුගෙවුම් සබ‍දතාවල සවිස්තරාත්මකව මේ මොහොතේ බිල බලාගැනීමට, බිල් ගෙවීම‍ට, ගෙවුම් බලාගැනීම‍ට, සේවා ක්‍රියාත්මක හා ක්‍රයා විරහිත කිරීමට, කණ්ඩායම් sms වල කණ්ඩායම් සැකසීමට, ඇමතුම් ගණන් දැනගැනීම වැනි රාශියක් වැඩ කරගත හැක. තවද මෙම අඩවිය හරහා ගොස් රින්ග්ඉන්ටෝන්, sms ඩයිවර්‍ට් කිරීම‍ට, මිස් කෝල් ඩයිවර්ට් වැනි ඒවා සැකසීම වැනි දේද කල හැක.
තම යූසර්නේම් එකට ඩයලොග් අංක කීපයක් දාගත හැක. නමුත් රින්ග්ඉන්ටෝන්, sms ඩයිවර්‍ට් කිරීම‍ට, මිස් කෝල් ඩයිවර්ට් වැන් ‍ඩවි වලට ලොග් වුනු විට ගන්නේ ඩීෆෝල්‍ට් අංකය පමණි. එම නිසා mydialog.dialog.lk/my වලින් ඩීෆෝල්‍ට් අංකය වෙනස් කර අදාල අ‍ඩවියට ලොග් වී අවශ්‍යය සැකසුම් කළ හැක. තවද එක අංකයක් එක ගිණුමක‍‍ට පමණක් වලංගුවේ.
My Dialog for Online SMS, Check Bill and more…. – මයි ඩයලොග් මගින් එස්.එම්.එස් යවන්‍ට, බිල බලන්ට හා තවත් ඔන්ලයින් වැඩ‍

4 thoughts on “My Dialog for Online SMS, Check Bill and more…. – මයි ඩයලොග් මගින් එස්.එම්.එස් යවන්‍ට, බිල බලන්ට හා තවත් ඔන්ලයින් වැඩ‍

  • July 2, 2008 at 3:48 am
    Permalink

    දැනට මම මේ අඩවි දෙකම භාවිතා කරලා තියෙනවා. මෙම අඩවි දෙකේ මම දකින ප්‍රධාන වෙනස තමයි, http://www.mydialog.lk අඩවියේ එක් දිනකදී යවන පළමු කෙටි පණිවුඩ පහක මුදල් ඊලඟ දිනයේ දී පාරිභෝගිකයාට නැවත ලබාදීම. නමුත් mydialog.dialog.lk/my අඩවිය භාවිතා කලොත් සෑම කෙටි පණිවුඩයක් සඳහාම මුදලක් අය කරනවා. මේ අඩවි දෙකම වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ කෙටි කාලීනව විදේශ ගත වෙන අය වෙනුවෙන් කියල මම විශ්වාස කරනවා මොකද Roaming SMS එකක් සඳහා ලොකු මුදලක් වැයවෙන නිසා මේ පිලියම වාසි දායකයි

    Reply
  • July 3, 2008 at 6:07 am
    Permalink

    ඒක ඇත්ත. වැඩිපුර පොයින්‍ට් ටිකක් දාගත්තහම ඇතිවෙන්න කෙටිපණිවිඩ යවන්න පුලුවන්. ඒ ‍පොයින්‍ට් පහුවෙනිදට ආයෙ එනව. මේක 1%ක් විතර හරියන්නෙත් නෑ. සමහර වෙලාවට ඔක්කොම එන්නෙ නෑ

    Reply
  • July 13, 2008 at 12:30 pm
    Permalink

    [email protected]

    මාලින්ද මට බ්ලොග් එකවුන්ට් එකක් හදනවිදියයි.එක කොහොම සිංහල බ්ලොග් ලිස්ට් එකට දාගන්නේ ත් කයලා දෙනයද.

    Reply

Leave a Reply to jana Cancel reply

Your email address will not be published. Required fields are marked *