මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව ඔය විදිහටම තිබ්බ. උසස් පෙල පන්ත් පටන් ගද්දි අපිට GIT කාලච්ඡේදෙකුත් තිබ්බ. අපි ඒකෙ GIT ගියත් ඒකෙ හිටිය ගුරැතුමා අන්තර් ජාලෙමයි. ගැලවෙන්නෙ නෑ. ළමයි හැමදාම ගේම් ගහන්ව. අනිත් ඒවට නෙ‍ට් දාල නෑ. වැඩිම 3-4 කට විතරයි. මෙහෙම ටික කාලයක් අපේ පන්තිය ගියත් අනිත් පන්ති  යන්නෙ නෑ. එක්කො ඒවගෙ අනිත්ව උගන්වනව. අන්තිමේට අපේ එකටත් ඔය ටිකම උනා. ඒත අපේ ළමයිගේ හා සර්ලගෙ වැඩ නිසා ආයෙත් GITආව. මෙහෙම අවුරැද්දක් විතර ගිය. ‍‍දෙවෙනි අවුරැද්දෙ අලුත් සර් කෙනෙක් ඇවිත්. ඒත් එයාට තියරි ‍පොඩ්ඩක් දැනගත්තට ප්‍රැක්ටිකල්නම් 0යි. ඒ දන්න තියරිත් කියාගන්න තේරෙන්නෙ නෑ. අපිට මෙයා මාසයක් විතර කලා. ඒත් වැඩේ සාර්ථක නෑ. ‍මෙයා මුකුත් දන්නෙ නැති නිසා ළමයි සර්ව අන්දනව. උගන්වන්නෙ ළමයිගෙන් අහන්. ළමයි ඉතින් සර්ගෙ හැටි දැනගෙන බොරැ කියනව. ඉත්න් මෙහෙම ළමයි ඉගන් ගන්න කැමති නෑනෙ. මේ සර් සිලබස් එක හොයාගන්නත් මාසයක් විතර ගියා. මගෙනම් මතය දැන් ඉන්න ළමයි සර්ලට වඩා දන්නවත හුගක් ප්‍රැක්ටිකල්. ඉතින් ඉපදුන දවසෙ ඉදන් පරිගනකෙ ඉන්න ඒ අයට උගන්වන්න අර වලේ විද්‍යාව වගේ කරපු සර් කෙනෙක්ට මාසෙක විතර පුහුණුවක් දීල දැම්මහම හරිද? මේක මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනෙ. අනික සර්ල පරිගණකය‍ට හරි බයයි. හිතල කරන්න ‍දන්නෙම නෑ. ‍පොතෙන් පිට යන්නෙත් නෑත මෙහෙම අය කොහොමද ළමයෙක් අහන් ඒකට හැරි උත්තර දෙන්නෙ.

ඒ මොනව උන්ත අලුත් දෙයක් ඉගන ගන්න පුලුවන් වෙයි කියල අපේ ළමයි ගියා. සමහර අය පරිගණක දැකපු අය විතරයි. විශේෂයෙන් ඒ අය‍ට වගේම අපිටත් ලොකු ඕනෙ කමක් තිබ්බ මේක විෂයක් හැ‍ටිය‍ට කරන්ත. ඒක ‍නිසා පාසල් ප්‍රජාවෙන් කොච්චර බලපෑම් ආවත් අපි සර්ල දිරි ගන්නව ගන්නව ගියා. මම හිතන්නෙ එහෙම ගිය එකම උසස් පෙල පන්තිය අපේ පන්තිය. මොකද අනිත් පන්ති වල අය‍ට මුලදිම මේක එපා වෙලා, නිරස වෙලා.

අන්තිමේ‍ට අපි‍ට කරන්න (සර්ට උගන්නමින ඉගන ගන්න)  මාස 1-2 ක්වත් බැරි උනා. අපේ කාලසටහනෙන් GIT අයින් කළා. ඇතමයි රජය වියදම් කරන්නෙ මේකටද? ඇයි මේක හරිය‍ට කරන්න බැරි. අපේ වගෙත් දිවයිනෙ ප්‍රධාන පාසලක ඔහොමන්ම් අනිත්වගෙ කොහොම ඇත්ද? මේකට මොනව හරි කරන්න පුලුවන් අය නැද්ද? අපේ සර්ලට මේක දිය කරල පොවන්නවත් බැයිද?

General Information Technology – පාසලේ තොරතුරැ තාක්ෂණය

One thought on “General Information Technology – පාසලේ තොරතුරැ තාක්ෂණය

  • July 19, 2008 at 6:58 am
    Permalink

    Interesting post and it is true!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *