ඩයලොග් එකෙන් දෙන මේ හොම් ශූන් කියන සිම් එකෙ අනික් ඩයලොග් ඒව‍ට වඩා වාස් ගොඩයි. මේක කිට් සබදතාවයකට සමාන පෙරගෙවුම් සබදතාවයක්.  මේක ගන්න ඕනෙ හැමවෙලාවෙම එහෙ මෙහෙ යන අය නෙවෙ. හුගක් එකම් ඒරියා එකක ඉන්න කෙනෙක්. නැත්තම් ගෙදර තියන්න. මොකද මේක ගත්ත ඒරියා එකේ කුලුනෙන් සිග්නල් වලින් විතරයි මේ පහසුකම හම්බෙන්නෙ. උදාහරණයකට අපි කුරැණෑගල ඒරියා එකෙ සිම් එකක් ගත්තොත් අපිට කුරැණැගල ටවර් එකෙන් සිග්නල් එනකන් මේ ලබාදෙන පහසුකම් ලැබෙනව. වෙන ටවර් එකක‍ට මාරැ වුනහම සාමාන්‍ය‍ය kit සබදතාවයට මාරැවීමක් වෙනව. මේක වෙන්නෙ ඩුවල් සබ්ස්ක්‍රිප්සන් සේවාව මගින්.  ඒ කියන්නෙ සිම් සාමාන්‍යය සබදතාවයකුයි, ‍හොම් ශූන් සබදතාවයයි දෙකම තියනව. තියන සිග්නල් එන ටවර් එක අනුව ඒක ස්වයංක්‍රීයව මාරැවෙනව. හරියට ඉස්සර දුන්න 3G සිම් එක වගේ. 3G ඒරියා එකෙ ඉද්දි  3G අනිත් වෙලාවට GSM’.

මේකෙ විශේෂ දීමනා අතර වැදගත් දීමනාවක් තමා ලැබෙන ඇමතුම් නොමිලේ වීම. සාමාන්‍යය කි‍ට් සබදතාවයක ඉන්කමින් උපරිම විනාඩි 3යි.  නැත්තම් රැ 6 ගෙවන්න ඕනෙ. මේකෙ දෛනික ගාස්තු මුකුත් නෑ. ඒ වගේම MY10 පහසුකමත් නොමිලේ. ඒ කියන්නෙ රැ 6/= දීමනාව නොමිලේ දෙනව වගෙ වැඩක්. ඊට අමතරව කාර්යබහුල හා ‍කර්යබහුල නොවන වේලාවට ඩයලොග් නොවන දුරකථන වෙත ගන්නා ඇමතුම් සදහා රැ5/= ක් ද ඩයලොග් වෙත ගන්නා ඇමතුමක් රැ 4/= ක්ද වේ. නමුත් සාමාන්‍යය සබදතාවයක කාර්ය බහුල වේලාවට ඩයලොග් නොවන අංකයකට ගන්නා ඇමතුමක් රැ 6/= ක් වන අතර කාර්යබහුල නොවන වේලාවට ගන්නා සියලු ඇමතුම් රැ 7/= ක් වේ. (සතිඅන්තයේ දින හැර). නම්ත් මේ සබදතාවයෙ සදහන් කල පරිදි දීමනා ලැබෙන්න ඒ ටවර් එකේම ඉන්න ඕනෙ.

Dialog KIT Home Zone – ඩයලොග් හොම් ශූන්

One thought on “Dialog KIT Home Zone – ඩයලොග් හොම් ශූන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *