මේක යූත්මැක්ස් (yuthmax.com) අඩවියට ලියපු ලිපියක්

====================================================================

තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කලාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒක‍ට විසිටර්ස් ගණකයක් දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව. ‍

ඒත එතනින් නොනැවතී තව ‍ගොඩක්දුර යාමට ගූගල් සමාගම නොමිලේම අවස්ථාව ලබාදී තිබෙනව. තමන්ගෙ අඩවිය‍ට යනේනෙ කොයි රට වලින්ද, වැඩිපුර බලන්නෙ මොන පිටුද, වැඩිපුර යොමු උනේ මොන ක්‍රමයෙන්ද,  ඔවුන් භාවිතා කල සබදතාවයන්, පාලන පද්ධතිය, බ්‍රවුසරය, අවිය‍ට සේවීමට යොදාගත් සෙවුම් වචන වගේ ගොඩක් විස්තර බලාගන්න මේකෙන් පුලුවන්.

තමන්ගේම ගූගල් ගිණුම ආධාරයෙන් ගූගල් ඇනලයි‍ටික්ස් වෙත පිවිස එයට තම අඩවිය ඇතුලත්කල පසු එමගින් ජාව කේතයක් ලබාදෙනව. එය තම වෙබ් පි‍ටුවට නැතිනම් බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකට පි‍ටපත් කරගත්තහම හරි. මෙසේ පි‍ටපත් කිරීම හරියාකාරව සිදුවූවාද යන වග ගූගල් ඇනලයි‍ටික්ස්  මගින්ම පරික්ෂාකරගත හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ අඩවි හා පිටු වෙන වෙනම විශාල ප්‍රමාණයක් එක්කල හැකි වීමයි. මෙසේ කේතයන් ස්ථාපණය කලත් එය යාවත්කාලීන වන්නෙ දිනක් පසු‍වීය.

ඒවගේම තමන්‍ට අවශ්‍යයනම් ‍මේකෙන් වාර්ථාවක් එලිවට ගන්නත් පුලුවන්. හිට් කවුන්ටර්, නැතිනම් විසි‍ටර්ස් කවුන්‍ටර් වෙනුවට මේක හොන්ද විසදුමක්.

ඒ ව‍ගේම මේකෙන් තමන්ගේ අඩවියේ සාර්ථකත්වයට මෙන්ම ප්‍රවර්ධනයටද හොන්ද රැකුලක් කරගන්න පුලුවන්. මොකද මේකෙන් තමන්ගේ අඩවිය ගැන අප‍ට දැනගත ‍නොහැකි විස්තර රාශියක් සොයාදෙනු ලබනවා.

Report For Successes your Site – වෙබ්අඩවියක සාර්ථකත්වය‍ට වාර්ථා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *