මේක ඩය‍ලොග් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්. පස්ගිය දිනවල රෑපවාහිනියේ උණුසුම් පුවත් යනුවෙන් නිතරම ඩයලොග් සමාගම අලුත් වාසියක් ගැන ඉදිරිපත් කලා. පසුගෙවුම් හා පෙරගෙවුම් වෙනසක් නැතිව සියලුදෙනා‍ට ලබාගත හැකි මෙම වාසිය හදුන්වන්නෙ ලයිෆ්ටයිම් බෝනස් නමින්. මේ පහසුකම ලබාගැනීමට මුලින්ම ලියාපදින්චිවිය යුතුයි. ඒ සදහා රැ 477/= ‍ගෙවිය යුතු වෙනවා. ඉන් පසු මෙම වාසිය අතිවිදිය හැකි.

මෙහිදී ල බාගන්නා ඇමතුම් සදහා දෙවන විනාඩියේදී 25% ක මිල අඩුකිරීමක් හා 3න් වන විනාඩයත් ඉන් පසු ගන්නා සියලු මිනිත්තු සදහා 50%ක දීමනාවකුත් හිමිවෙනව. ඒ කියන්නෙ රැ5 ට ගන්න ඇමතුමට තුන්වන විනාඩියේ සි‍ට රැ2.50යි. ඊට අනුව බදු මුදලුත් අඩුවන නිසා ‍මේක ලොකු වාසියක්.

හැබැයි මේ වාසිය වලංගු වන්නෙ ලංකාව තුල ඇමතුම් සදහා පමණි. එමෙන්ම මෙම පහසුකම සදහා කි‍ට් ඩබල් ය‍ටතේ ලබාගන්නා ඇමතුම්, විශේෂ කණ්ඩායම් හා පැකේජ අතරේ ගන්නා ඇමතුම් හා ප්‍රාතමික හා අතිරේක සබදතා අතරේ (‍ෆැමිලි පැකේජය වැනි, හමුදා හා විශේෂ කණ්ඩායම් වල‍ට ලබාදුන් මිල අඩුකල විශේෂ සබදතා අතරේ) ගන්නා ඇමතුම් සදහා මෙම පහසුකම වලංගුනොවේ.

එමෙන්ම මේ කිසිම දීමනාවක් කෙටිපණිවිඩ හා අන්තර්ජාල සදහා හි‍මිනොවේ

අනිත් හැමෝම සේවාසපයන්නන් බොනස් ලබාදෙද්දි ඩයලොග් අමුතුම බෝනස් එකක් දුන්න එකනම් හොන්දා. ඒත් මේක ලබාගන්න මුලින් රැ477 ක් ගෙවන්න ඕනෙ එකයි අවුල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *