රජයෙන් නිකුත් කල ජංගමදුරකථන සබදතාවල හිමිකාරත්වය පිලිබද නීති නිසා දැන් ජංගම දුරකථන සේවා සපයන ආයතන වල මාර පෝලිමක්. හැබැයි ඩයලොග්වල ඇර. මොකද ඩයලොග්ල නැවත ලියාපදිනිචිකිරීමක්වත් හැදුනුම්පත් නිකුත්කිරීමක්වත් සිදුකරන්නෙ නැති නිසා.

නමත් අනෙක් සේවාසපයන්නන්ගෙ විශේෂයෙන් ‍මොබිටෙල් හා ටිගෝලගෙ. මමත් ලගදි ගියා මගෙ සිම් ලියාපදින්චි කරන්න. මේන නිසා පොලිම් උනාට සේවාසපයන්නන‍ට හා පාරිභොගිකයන්ට පහසුයි, වාසියි. මොකද මීට පෙර භාවිතාකරන්නම තම සිම්පත් හරවාගැනීමට මෙතරම් උනන්දු උනේ නෑ. හම්බෙන කාගෙ හරි හැදුනුම්පතකට ලියාපදින්චිකරන අයත් බොහෝ හි‍ටිය. සමහර විට හැදුනුම්පතේ අයිතිකරැ මේ සම්බන්ධව දන්නෙත් නෑ. මොනව හරි උනහම තමා දැනගන්නෙ ඒකත් මගෙ නම‍ට කියල. නමුත් මේ නීතියෙන් එහෙම වෙන්නෙ නෑ. අනුන්ගෙ නම් වලින් තම සිම් ලියාපදින්චිකරන්නෙ නෑ. මොනදේ උනත් ඒක ආයතන වලටත් ලේසි. නමුත් මේක නිසා පාරිභෝගික සේවාව අමතල වැඩක් කරගන්න ගියහම දහදුක් විදින්න ඕ‍නෙ, ප්‍රශ්ණ පත්තරේක‍ට උත්තර ලියන්න ඕනෙ. මම ලගදි ‍මගේ නමට තියන ‍සිම් පතක වැඩක් කරගන්න ගියා. වෙනදනම් අහන්නෙ උපන්දිනේ, නම, හැදුනුම්පත් අංකය ඒත් දැන්…. බැදපු බිල්, බිල් අංක, සම්බන්ධතාවයෙ උපත විපත හැමදේම.

මොනව උනත් ටිගෝලගෙ සේවාවත් අන්තිමයි. දැන් මොබිටෙල්ල ජායාරෑප ඕනෙ උනහම එයාලගෙ කැමරාවෙන්ම ගහගන්නව, ෆොටෝකොපිත් එහෙමයි. ඒත් ‍ටිගෝලගෙ අඩුගානෙ ඉදගන්න තැනක්වත් නෑ. අපිම ආයෙ ෆොටෝකොපිත් ගහන් එන්න ඕනෙ. මම ටිගෝ එක පාවිච්චි කරන්නෙ නැති නිසා මම වෙන සිම් එකක් දාගෙන ගියෙ, එයාලට නම්බරේ පරික්ෂාකරන්න ( #132# ) අපේ ෆෝන එකටම දාල දෙන්න කීව. මෙයාල ගාව ෆෝන නැද්ද මෙච්චර, මාර විදිහට පාරිභෝගිකයව චාටර් කරන්නෙ. ඒ මොනව කලත් මෙයාලගෙත් කිසිම වගකීමක් නෑ. මොකද අපිට කාගෙ හරි සිම් එකක් හම්බුනොත් #132#  මගින් නම්බරේ බලන් ටිගෝ එකෙන් ලියාපදින්චි කරගන්න පුලුවන්. කාගෙ උනත් කම්ක් නෑ. ඒ ක‍ට්ටිය ඒ බකල් පරිගණක වලින් පද්ධතියෙ පරික්ෂා කරන්නෙ නෑ. #132#  මගින් නම්බරේ පරික්ෂා ක‍ලා, අරන් එන කෙනාට දුන්න, හැදුනුම්පතත් එක්කම. මේක නිසා තිබුන තත්වය තවත් අවුල් වෙනව. මොකද දැක් එකම නම්බරේට  හැදුන්ම්පත් කීප‍යක් ගන්න පුලුවන් ටිගෝල‍ගෙ.

SIM Registration Scene – සිම් ලියාපදින්චියේ සිද්ධිය

3 thoughts on “SIM Registration Scene – සිම් ලියාපදින්චියේ සිද්ධිය

  • August 15, 2008 at 12:28 am
    Permalink

    ඩයලොග්ලගෙ #132# ඩයල් කරහම Service not available කියන පණිවිඩය තමයි හම්බ වෙන්නේ. මේ අංකය ක්‍රියාත්මක කල මුල් දිනවල සම්පූර්ණ විස්තරය ලබා දුන්නත් දැන් සති කීපයක් තිස්සේ මේ අංකය අක්‍රිය තත්වයට පත්වෙලා.

    Reply
  • August 15, 2008 at 2:41 am
    Permalink

    මචං ඩයලොග් #132# නම් වැඩ. මම දැන් ටිකකට කලින් චෙක් කලා. ඔය රෙගිස්ට්‍රේෂන් වැඩේ ඩයලොග් වල වෙන්නේ කොහොමද කියලා කවුරු හරි දන්නවාද? මගේ පරණ cim එක තාම වෙන කාගෙද නමකට තියෙන්නේ 🙂

    Reply
  • August 15, 2008 at 2:55 am
    Permalink

    What happen to our original registration forms?
    They read the computer screen and re write the same content on a paper and get us to sign 3 times.
    The fine print cannot be read in few minutes or hours, need a mag glass and a lawyer to explane the content.
    If these companies are using computers why cant they get a printout or check the accuracy of the data they have.

    Mobitel — eventhough I am the registered owner they want the photo of the actual user. They took only her photograph not mine. They should take both images.

    Dialog #132# give my details but say “data not confirmed”

    What is the root cause for re registering? Criminal activities!!!
    If so why not register all motor vehicles, buses, taxis , three wheelers , unmaked jeeps, cars, mopeds without any numbers!!!!!
    Knives, hammers, etc etc etc

    For Most of the major criminal activities uses the kitchen knives and vehicles

    Something wrong somewhere hope these guys just came out of the IDH hospital

    Donald Gaminitillake
    I set the standard

    Reply

Leave a Reply to Kulendra Cancel reply

Your email address will not be published. Required fields are marked *