මොබිටෙල්ලගෙ එයාලම ඡායාරෑප අරන් ලියාපදින්චි කරනවනෙ. ඩයලොග්ලගේ එහෙම එකක් නෑ. මොකද එයාල ලියාපදින්චිය හරිය‍ට කරන නිසා. සමහර සම්බන්ධතා තමාගේ නමට නැත්තම්

පෙරගෙවුම් සබදතා වල සිම් පත සමග ආකේඩ් එකකට ගියහම තමාගේ නමට හරවගන්න පුලුවන්. එතකොට එයාල අන්තිමට ලබාගත් ඇමතුම් 5 (රින්ග්කට් ප්‍රශ්ණයක් නෑ) ක අංක අසනව. හැබැයි මේ අංක මාස 3ක් ඇතුලත ගත් ඇමතුම් වල වෙන්න ඕනෙ. නැතිනම් අවසන් වරට දාපු කාඩ් 5ක සීරියල් දුන්හම තමාගේ නමට හරවා ගත හැකි. ඒත් ඒක තුන්වන පාර්ශවීය මාරැකිරීමක් වෙනව. ඒ කියන්නෙ අදාල මුල් හිමිකරැ මේ අංකය දන්නවනම් එයාට ඒ අංකයට සිම්පතක් ගැනීම හෝ මොනව හරි කරගන්න පුලුවන්. නමුත් එහෙම වෙන්නෙ නැති තරම්. එම නිසා ඇමතුම් 5ක අංක දීල තමාගේ නමට හරව ගත්තට අවුලක් නෑ. නමුත් සම්පූරැණ හැරවීමකටනම් වර්තමාන හිමිකරැගේ ලිපියක් හා හැදුනුම්පත් පිටපතක් අවශ්‍යයි.

පසුගෙවුම් සබදතා මාරැකිරීමට වර්තමාන හිමිකරැගේ ලිපියක් හා හැදුනුම්පත් පිටපතක් අවශ්‍යයි.

එයාල‍ගෙ Data Not Confirmed කියන්නෙ මේ අපේ තොරතුරැ පිලිබද ලියවිලි එයාල සතුව නෑ කියන එකයි. ඒත් පද්ධතියෙ තියනව. එහෙම වෙන්වෙ සිම් එක කොහෙන් හරි කොමියුනිකේෂන් හරි එයාලගෙ නියෝජිතයෙක්ගෙන් ගත්විට. ආකේඩ්එකෙන් ගත්ත ඒවට මේ අවුල නෑ. ඒත් ආකේඩ් එකක මෙ‍ට්රෝපොලිටන්, සොෆ්ට්ලොජාක් වගේ ඩයලොග් පා‍ට්නර් නියෝජිතයන් 9 දෙනාගෙ කවුන්‍ටරයකින් ගත්තත් ඒවත් ආකේඩ් ඒව ගනයට නෙවේ වැටෙන්නෙ

ඒ අයට Data Not Confirmed කියල වැ‍ටුන කියල අවුලක් නෑ. ඒක දාන්නෙ ඩයලොග් එකේ ගැලවුමට. ඒ අය කරන්න තියෙන්නෙ යන එන ගමන් ආකේඩ් එකකට ගිහින් තම හැදුනුම්පත පෙන්නල ඒක තමාගෙ කියල කියන එක විතරයි. එතකොට ඔය Data Not Confirmed අයින් වෙයි.

හැබැයි මගෙනම් තාම #132# හොන්දට වැඩ. එහෙම එන්නෙ සමහරවි‍ට ෆෝන් එකේ අවුලක් නැත්තම් නෙ‍ට්වර්ක් අවුලකට

SIM Registration and View – සිම් ලියාපදින්චිය හා තොරතුරැ ගැනීම

One thought on “SIM Registration and View – සිම් ලියාපදින්චිය හා තොරතුරැ ගැනීම

  • August 7, 2009 at 8:04 am
    Permalink

    මොබිටෙල් රෙගිස්ටෙර් නම් නියමයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *