අලුතෙක් ආ පාරිභෝගික නීතිය නිසා සියලු ජංගම දුරකථන හිමියන්‍ට එම සබදතාවයේ හිමිකරැගේ නම, ජාතික හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය ආදී මූලික තොරතුරැ බලාගත හැක. එහෙත් මෙතෙක් කල් පාරිභෝගික සේවාවෙන් ග්‍රාහකයෙකු සේවාවක් ඉල්ලූවි‍ට එම නිලධාරීන් අමතන්නාගෙන් අසන්නේත් ඉහත තොරතුරැමය. එමගින් එම සබදතාවේ හිමිකාරත්ය තහවුරැ කර අදාල සේවාව ඉ‍ටුකර දේ. නමුත් මෙම තොරතුරැ ඕ‍නෑම කෙනෙක්ට දැකගත හැකි ආකාරයට ලබාදීම නිසා පාරිභෝගික සේවාවන් දැන් අමුතු තාලයේ ප්‍රශ්ණ රාශියක් අසයි. අමතන්නන්ට නිසි සේවාවක් ඉටුනොවේ

ඇත්තෙන්ම ඒවාට පිලිතුරැ සෙවීමත් ඉතා අපහසුය. එමෙන්ම වෙනදා එකම නමින් ලියාපදින්චි දුරකථනයක එකකින් කථා කර අනෙක් දුරකථනයේ සේවාවන් ලබාගතහැකිය. එහෙත් දැන් බැරිය. එම දුරකථනයෙන්ම කථාකිරීම බොහෝවි‍ට අනිවාරියය.

අප මෙසේ සිතමු. බොහෝවිට දෙමාපියන්, විශේෂයෙන් මව්වරැ පාරිභෝගික සේවාව හා කථාකරනවා අඩුය. කරන්නෙ තම පුතාට ‍හෝ හිත‍වතෙකුට දුරකථනයේ ගැ‍ටලුව කීමය. එසේ මෑනියන් නිවසින් බැහැර වි‍ට එම දුරකථනයේ ගැටලුවක් මා හට පැවසූ වි‍ට මම එම ගැටලුව පාරිභෝගික සේවාවට දැන්වත් කලා. එහෙත් ඔවුන් පවසනුයේ එම දුරකථන අංකයේ  ගැටලුවක් ඇති බවත්, ජාලයෙන් එය විසදිය යුතු බවත්, ඒ සදහා අදාල දුරකථනයෙන්ම කථාකලයුත්යි කියාය. එහෙත් මව නිවසින් බැහැරනම් නිවසට එන තුරැ එම දුරකථනයෙන් කථාකල නොහැක. හදිස්ස් තත්වයකදීත් තත්වය එ‍සේමය. ඉතින් හදිස්සියකට උදව් නැති පාරිභෝගික සේවාව ඇති ඵලය කුමක්ද? අවසානේ මම අන්තරජාලයෙන් චැට්කිරීම‍ට ගියා. එහෙත් නියෝජිතයින් කාරියබහුලය. අවසානේ මා කෙටිපණිවිඩයකින් පාරිභෝගික සොවාවට පැවසීය. ඉන්පසු එම සබදතාවයේ ජාතකයම ඇසුව. වෙලාවට මිලදීගත් ෆෝමරය හා මයි ඩයලොග් ගිනුමක් තිබුනෙ. එතනින් අවසන් බිල් පියවීම් වල රිසි‍ට් අංක හා ෆෝමරයෙන් පැකේජ තොරතුරැ සපයා අවශ්‍යය වැඩේ කරගත්ත. එහෙත් එම කෙ‍ටිපණිවිඩ සේ‍වාවෙ ඔවුන් අසන ගැ‍ටලුවකට අපට කෙලින්ම පිලිතුරැ සැපයිය නොහැක. මුල සිට ගැසු කෙ‍ටිපණිවිඩ වල‍ට එම පිලිතුරැත් ඇතුලත් කර නැවත නැවත යැවිය යුතුයි. කෙලින්ම ඇසූ දෙයට පිලිතුරැ සැපයු විට ඔවුන්ට එය  තේරැම් ගත නොහැකි බවත් පැහැදිලිව තොරතුරැ සපයන බවත් පවසයි.

එහෙත් වෙන කෙනෙක්ට මෙම ගැ‍ටලුව උනානම් මෑනියන් පැමිනෙන තුරැ සිටිය යුතුයි. කුමණ විස්තර සැපයුවත් කරගත නොහැකියි අමතු නිලධාරිය පැවසුවත් කෙ‍ටිපණිවිඩ සේවාවෙන් බොහොම අමාරැවෙන් කරගත්තෙ එම තොරතුරැ හා අන්තර්ජාලය තිබූ නිසාය. එම නිසා මේ පාරිභෝගික සේවාව මීටවඩා සැලකිලිමත්විය යුතුයි. අප ජංගම දුරකථන භාවිතා කරන්නේ ගෙදර පැමිණ ඇමතුම් ගැනීමටවත්, අලංකාරයට ගෙනයාමටවත් නොවේ. හදිසි අවස්ථාවකදී භාවිතාකිරීමටය. එහෙත් එවැනි අවස්ථා වලදීත් අදාල සමාගම (හොදම පාරිභෝගික සේවා යැයි සම්මාන ලැබූ) කර අරීනම් එම සේවාවෙන් ඇති පලය කුමක්ද? අනෙක පාරිභෝගික නිලධාරීන් සිටිනුයේ අපට ගෑස් දාන්නවත්, විකාර කථා කරන්නවත් නෙවේනෙ. ග්‍රාහකයෙකුට ගැටලුවක් වුනුවිට උදවු කිරීමටය. එහෙත් එවැනි වි‍ට  එම උදව් කිරීම ‍ප්‍රතික්ෂේප කරයිනම් එයට පාරිභෝගික සේවාවක් යැයි පවසන්නෙ කෙසේද‍?

Loosing Quality of Customer care by Law – නීතිය නිසා ගිලිහුනු පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය

2 thoughts on “Loosing Quality of Customer care by Law – නීතිය නිසා ගිලිහුනු පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය

  • August 21, 2008 at 5:42 am
    Permalink

    පිස්සු ඩයලොග් එකේ එවුන්ට. වෙලාවට SMS Hotline ති‍‍යෙන්නෙ…එකෙ උන්ටත් පිස්සු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *