දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා නට්‍යය වේ. මේ නාට්‍යය මාලාවට රන් දෙපැය මෙන් නම් නැත. එහෙත් එහිත් රන්දෙපැයෙත් වැඩි වෙනසක් නැත.
එකම ආකාරයේ බොලද රසාස්වාදයක් උදෙසා නිර්මිත මෙම නාට්‍යය මාලාවෙන් අපේ බොහෝ දෙනා හොදට ගොනාට ඇදගෙන තිබේ. නමුත් රන්දෙපැයෙන් ගොන් රැල බේරාගැනීමට තැත් කලත් මෙම නාලිකාවේ නාට්‍යය ගැන කථාකිරීමක් නැත.
එකම දේ දිග් කර දිග් කර පෙන්වන මෙම නාට්‍ය වලට අපේ ජනතාව කොතරම් ‍ගොනාට ඇදත කියතොත් බොහෝවිට එම නාලිකාවේ වැඩිම මිල වෙලද දැන්වීම ප්‍රචාරය වන්නේ එම කාලය තුලය. ඇත්තෙන්ම මෙම කාලය තුල වෙලද දැන්වීම් මිස නාට්‍යය පෙන්වීමක් නැත. එක නාට්‍යයක් විනාඩි 40 ක් ලෙස ගතහොත් ඇත්තෙන්ම නාට්‍යය විකාශය වන්නේ විනාඩි 16.5 කට ආසන්න කාලයකි. එයිනුත් විනාඩි එක හමාරක් පසුගිය සතිය වෙනුවෙනි. ඉතින් එමනිසා නාට්‍ය විකාශය වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. ඉතිරි විනාඩි 20 කටත් වැඩි කාලයක් වෙලදදැන්වීම් වලින් ආයතන ගිණුම් පුරවා ගනී.
‍එමෙන්ම මෙම ඇබ්බැහි වීම තුල අපි අපේම කාලයට, ජීවිතයට අමතරව මුදල් නාස්තියකි. මන්ද යත් මෙම නාට්‍යය මාලාවේ තප්පර 15ක වෙලද දැන්වීමකට දලවශයෙන් රැපියල් ලක්ෂයක් අයකරයි. තප්පර 30 ට රැපියල් ලක්ෂ දෙක හමාරකි. මේ ආකාරයට රැපවාහිනි ආයතන මුදල් ගරන අතරේ එසේ වෙලද දැන්වීම් ලබාදෙන වෙලද ආයතනත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකරයි. දැනගත් ආකාරයට හෝර්ලික්ස් ආයතනය වෙලද දැන්වීම් වෙනුවෙන් දිනකට වැය කරන මුදල දල වශයෙන් රැපියල් මිලියන 15 කට වැඩිය.
නමුත් මේ ආයතන මෙසේ වැය කරන මුදලින් එම කිරිපිටි පැකට් එක රැ 10 කින් හෝ අඩුකර වෙලද පොලට නිකුත් කලේනම් එය වෙලද දැන්වීමට වඩා කොතරම් හිතකරද. නමුත් අපේ අය ඇදගෙන ඇති ආකාරයට එසේ නොකරයි. එමෙන්ම මෙම වෙලද දැන්වීම් මිල ඉහල දැමූ විට කිරිපිටි මිලත් ඉහල නගී.
මේවා අපි අපිම දාගන්නා තොප්පි ‍නොවේද?

– ගැරැවරයෙකුගේ දේශණයක් ඇසුරෙනි

රන් දෙපැයෙන් ‍ගොනාට ඇදීම හා බඩුමිල

3 thoughts on “රන් දෙපැයෙන් ‍ගොනාට ඇදීම හා බඩුමිල

  • September 2, 2008 at 1:42 am
    Permalink

    කථාව ඇත්ත. රන් දෙපැයට විරුද්ධ වුන අය කිසිවෙක් මේකට විරුද්ධව ඒ අර්ථයෙන් කතාකර නැහැ. ඒ බට්ටි-පබා දේශිය නිසා වෙන්න ඇති. මේ හැම එකෙන්ම කරන්නෙ මිනිස්සුන්ව අන්දන එක. දැන් ඔය මෙගා විරෝධය තුල තියෙන්නෙත් අවස්ථාවාදයම තමා, ඔවුන් විරුද්ධවෙන්නේ මේකෙන් වෙන හානියට නොවෙයි, ඒවා නිසා තමන්ගේ බඩට පාර වදිනවට.
    මේ වගේ නිර්මාණයන් වලින් වන සමාජ හානිය ගැන කිසිම විවේචනයක් (ප්‍රමාණවත් තරමේ) නැති එකෙන් පේන්නේ පොදු සමාජීය ගැටළු ගැනල ලංංකීය සමාජයේ තියෙන අවිඥානික බව. හැමෝටම අවශය විනෝදය විතරයි. එහි හරය සහ එයින් වන හානිය ගැන ගැටළුවක් නැහැ. අන්තර්ජාලයේ ඇති අසභ්‍ය ප්‍රකාශන ගැන කලබලවන රජය වත්, නැතිනම් සිනමා නිර්මාණයක සැබෑවක් ලෙස ගන්නා මේ ඊනියා ජාතික නායකයෝ පවා මේ සම්බන්ධයෙන් නිහඬයි.
    මේ ගැන මෙහෙම හරි සටහනක් තැබූ එක ගැන ස්තූතියි.

    Reply

Leave a Reply to dArE Cancel reply

Your email address will not be published. Required fields are marked *