ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.
මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති පිරිසක්ය.
නමුත් දැන් ……
මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ විට එම සිසු සිසුවියන් නවක වදයට ලක්වෙති. මේ නවක වදය ඈත අතීතයේ සිටම පැවතුනත් දැන් එය අතීතයේ දෙන ලද්දේ විනෝදෙනි. ඉන් එම නවක වදයට ලක්වන සිසුන්ටද මානසික‍ හෝ කායික පීඩන නැත. එසේ කරනුයේ එම ප්‍රජාවට ගැලපෙන සේ නවක සිසුන් හැඩගස්සවා ගැනීමටය. එහෙත් දැන් හැඩගස්සවන්නේ සිරැරෙනි. ඒ බයිසිකල් චේන්, පොලු, මුගුරැ වැනි ආයුධ වල උදව්වෙන් මරණය හෝ බාගෙට මරණය අත්කර දෙමිනි.
ඉන්පසු අභ්‍යන්තර ගැටුම්ය. එහිදීත් සිසුන් දිවිදෙති, රෝහල් ගතවෙයි. ඒ අතර තුර පෙලපාලි හා උද්ගොෂණය. මෙම සිසුන්ට ඉගනීමට වඩා විසදීමට ඇත්තේ ලෝක ප්‍රශ්ණය.
මේ ආකාරයෙන් ඉගනීම සීමා වුනු විශ්වවිද්‍යාල ජීවිතය ඇත්‍තෙන්ම අමිහිරි කාලයකි. එම දෙමාපියන්ට දරැවන් යුද්ධයට ඇරියාටත් වඩා නිවසට එනතුරැ හිතේ සතුටක් නැත. එමෙන්ම පාසලෙන් ටිකක් හෝ හැදියාවක් ඇතිව විශ්වවිද්‍යාලය‍ට ඇතුලත්වන සිසුවා ඉන් එලියට එන්නේ කාඩයෙකු ලෙසය. ‍ඔහු මැරයෙකු‍ මෙන් සමානය.
මේ නිසා අද බොහෝ සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කර විදේශ ගතවෙයි. නැතිනම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙයි. එහෙත් නැතිබැරැ දෙමාපියන්ගේ දරැවන් එම දෙමාපියන්ට මෙම ‍බිල්ලට දීමට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.

විශ්වවිද්‍යාල තුල බොදවන් අනාගත සිහින

One thought on “විශ්වවිද්‍යාල තුල බොදවන් අනාගත සිහින

  • September 3, 2008 at 10:42 pm
    Permalink

    මාලින්ද කී දේට තවත් කරුණක් එකතු කරන්නම් – 2008 වසරෙදි සරසවියෙන් උපාධිය ලැබූ කෙනෙකු විදියට මගේ අත්දැකීම්: මලින්ද කිව්වා සරසවි පද්ධතිය තුල සිසුවා ගෙ ආධ්‍යාත්මික පරිහානිය. ඒ වගේම දරුණු දෙයක් තමයි සරසවි පාඨමාලා වල තියෙනෙ දුර්වලතා. පාඨමාලා කාලීන අවශ්‍යතා අනුව සැකසිලා නැහැ නේද. සියලුම පීඨයන් ගැන නෙවෙයි මේ කියන්නෙ. කොළොඹ සරසවියෙ පරිඝණක පීඨය, මොරටුව සරසවිය, වගේ කීපයක් සිසුන්ට ඉතාමත් යෝග්‍ය පාඨමාලා සපයනවා. නමුත් අනෙකුත් බොහෝ පීඨවල සිසුන් යල් පැන ගිය විශය කරුණු සිවු වසරක් හදාරා උපාධියත් ගෙන පිටතට ආවාම රැකියාවක් නෑ.

    මේ තත්වය හමුවේ අසරණ වෙන උපාධිධරයා කරන්නෙ වෙනත් අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් සොයා යෑම. කොහොම හරි වෙනත් ක්‍රමයකින් හෝ පුද්ගලයා “ගොඩ ගියා” කියමුකො. නමුත් සිසුවාගෙ උපාධි පාඨමාලව සදහා රජයෙන් වියදම් කල මුදල අපතේ නේද.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *