ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන් කිරීමට අවස්ථාව සලසාදෙයි. නමුත් මෙතුවක් කල් මේ සදහා ඡායාරෑප එක්කල හැකි වූවේ ගූගල් පිකාසා මෘදුකාංයෙන් හා එම අඩවියට පිවිසීමෙන් පමණි. නමුත් මෑතක සිට එම සමාගම හදුවාදෙන නව සේවාව මගින් තම ඡායාරෑප ඊමේල් මගින් ඇල්බමය‍ට එක් කිරීමට අවස්ථාව ලබාදේ.
ඒ සදහා මුලින්ම පිකාසා වෙබ් ඇලුබමයේ සෙ‍ටින්ග්ස් වෙත පිවිස එහි ඇති Upload Photos by Email කොටසින් තමන්ටම ආවේනික පිකාසා හි ඊමේලි ලිපිනයක් සකසාගත යුතුයි. ඒ සදහා තම රහස් වචනයක් ඇතුල් කල පසු තම පරිශිලක නාමය හා රහස් වචනය එක්ව තමාගේ පිකාසා ලිපිණය ලබාදේ. නමුත් මෙය ඕනෑම අවස්ථවක වෙනස්කරගත හැකිය.
එම සේවාව සක්රිෙය කරගැනීමෙන් පසු එම ලිපිනයට එවන පින්තූර හා විඩියෝ ඇමුනුම් සහිත ඊමේල් ඇල්බමයට ඇතුලත් කරලනී. මේ නිසා පරිගණකයක් නැතුව හෝ තම ඡා‍යාරෑප හා විඩියෝ ඇල්බමයට එක්කල හැකිය. එය ජංගම දුරකථනයෙන් උවද ගැ‍ටලුවක් නැත. ජංගම දුරකථනයෙන් ලබාගන්නා රෑප හා විඩියෝ එවෙලේම තම ඇල්බමයට මෙම සේවාවෙන් එක්කල හැකිය.
එමෙන්ම තම පවුලේ හෝ මිතුරන් එවන රෑප ස්වයංක්රිහයව මෙම ඇල්බමයට එකතුකරවීමට ඊමේල් වල සෙටින්ග්හි ෆිල්ටර්ස් හරහා එම රෑප ඇල්බමයේ ලිපිණය‍ට යැවිය හැක.

Photo Upload via Email – ඊමේල් මගින් ඇල්බමයට ඡායාරෑප එක්කිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *