දැන් ඩයලොග් සමාගම මොබිටෙල් උපහාර මෙන් පැකේජයක් හදුන්වා දී තිබේ. ඩයලොග් බ්ලාස්ටර් නමින් හදුන්වන මෙම පැකේජයෙන් මාසිකව ඩයලොග් වෙත මිනිත්තු 1000 ක නොමිලේ ඇමතු‍ම් කාලයක් හිමිවේ. එම සීමාවව ඉක්ම වූවිට ඩයලොග් වෙත ගන්නා ඇමතුම් සදහා විනාඩිය‍ට රැ 2 /- ක් අයකෙරේ. මයි10 නම්බර සදහා විනාඩියක‍ට ශත 50කි
අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් නොමිලේ නොවන අතර ඒ සදහා විනාඩියට රැ 3/- ක් අයකරයි. එමෙන්ම ඒ සියලු ගාස්තු තප්පරයට අයකිරීමක් සිදුකරන අතර ඩයලොග් අංක සදහා කෙටි පණිවි‍ඩයක් ශත 50 ක් ද ස්ථාවර අංක සදහා කෙටිපණිවිඩයක් රැ1/- ක් ද වේ.
නව සබදතාවයක මිල රැ 1000/- ක් වන අතර දැන‍ට පවතින සබදතාවය නව බ්ලාස්‍ටරැ සබදතාවයට හරවාගැනීම‍ටනම් #678# ට ඇමතුම්ක් ගැනීමෙන් සිදුකල හැකි අතර එසේ පැකේජ ‍මාරැකිරීම‍ට රැ 500/- ක් හා අදාල බදුමුදල අයකෙ‍රේ.
ඉහත මිනිත්තු 1000 ඉක්මවන තෙක් කපල්, ෆැමිලි හා කණ්ඩායම් පැකේජයන් වෙත ගන්නා ඇමතුම්ද නොමිලේ වන අතර එම කාලය ඉක්ම වූවිට අදාල වට්ටම් ගාස්තු හිමිවේ.
මෙහි මොබිටෙල් උපහාර පැකේජයේ තරම් දීමනා නැතත් එව ලබාගත නොහැකි අයට හොන් තේරිමකි.

Free 1000Minuits In Dialog – ඩයලොග් මාසිකව විනාඩි 1000ක් නොමිලේ

11 thoughts on “Free 1000Minuits In Dialog – ඩයලොග් මාසිකව විනාඩි 1000ක් නොමිලේ

  • September 28, 2008 at 8:05 am
    Permalink

    මාත් මේක දාගත්තා මේ දැන්. හැබයි ගුණ දොස් කියන්න වෙන්නෙ මේ මාසෙ බිල ආවාම තමා.මීට කලින් Discount එක දැම්ම එකට 477 මේකට 500 වැඩක් වෙයිද මන්දා

    Reply
  • September 28, 2008 at 8:16 am
    Permalink

    @ මරණය – මේ.. ඔයාට බිල ආවම කියනවද? මොකද මාත් දානවද නැද්ද කියල හිතාගෙන ඉන්නේ. අර අහ‍සින් කියන අය එන පාටකුත් නෑ. බොරුවට පද අරිනවා එනවා එනවා කියලා..

    Reply
  • September 28, 2008 at 8:23 am
    Permalink

    @හරේශ්
    ඒකනම් ඇත්ත. මාත් මේ මග බලාගෙන ඉඳලා බැරිතැන තමා මෙවා කරන්නෙ. සමාගම් ඉතින් අපි ගැන ආදරයක් නැහැනේ එක නිසා එක එක ජාති කියන්ව අපේ බිල අඩුවෙනව කියලා ඒත් අන්තිමට බිලේ වෙනසක් නැහැ අපේ සාක්කුවෙ තිබ්බ සල්ලි නම් අඩුවෙලා

    Reply
  • September 28, 2008 at 12:12 pm
    Permalink

    මාලින්ද… මම මේ අහන්නමයි හිටියේ… ඔයා ඩයලොග්/මොබිටෙල්/ටෙලිකොම් ඇඩ් දානවාට ගෙවනවාද ? 😀

    පොඩි විහිලුවක් කලේ… මොකද ඔයා ලියන්නේම ඒගැන නිසා…. 🙂

    Reply
  • September 28, 2008 at 12:13 pm
    Permalink

    @හරෙෂ් සහ –මරණය 🙂 [මට ලියන්න වෙන්නේ ඔයාගේ මරණය කියලා 😉 ]

    අහසින් එන අයගේ සේවාව නම් ඒ අයගේ රටේදිත් ගන්න දෙයක් නැ. මම නම් නිකන් දුන්නත් ගන්නැ. අපේ අයට රටින් එනවා කිවම පිස්සු වගේ.

    මගේ යාලුවා IDD දාගෙන දවස් 2 ගියා ඒක සක්‍රීය වෙන්න. එතකන් ලංකාවට කතා කළේ කාසි දාලා. ඔන්න ඉංදියාව. හික්…

    මටත් නිකන් බිල් වැටුන වෙලාවල් තියෙනවා. 🙂

    Reply
  • September 28, 2008 at 7:56 pm
    Permalink

    හොඳ වේලාවට ධනිෂ්ක ඔය කතාව කිවුවෙ. මන් හිතුවා දාන සද්දෙ හැටියට සේවාව අති විශිෂ්ඨයි කියල. එහෙනම් ඉතින් තියෙන එක රැක ගන්නව.

    Reply
  • September 29, 2008 at 11:55 am
    Permalink

    @ ඩනිෂ්ක – බොහොම ස්තූතියි අයියේ… මමත් තියෙන ඩයලොග් එකේ පිහිට පැතුව නම් හොඳයි වගේ..

    Reply
  • September 30, 2008 at 2:02 am
    Permalink

    නෑ. නෑ. මම ඉතින් වෙනසක් නැතිව ඔක්කොගෙම දානව. මේව ලංකාවෙනෙ. කවුරැවත් ඒව දාන්නෙ නෑ. පිටරට ඒවමයි දාන්නෙ. වෙනසකට වගේ ලංකාවෙ ඒව දානව

    Reply
  • September 30, 2008 at 2:45 am
    Permalink

    කවුරු හරි මේ වගෙ දේවල් දාන එක හොඳයි කීයක් හරි අරන් හරි කමක් නැහැ. අපිට දැනගන්න පුළුවන්නෙ එතකොට අරගන්න කලින්

    Reply
  • June 4, 2012 at 10:37 pm
    Permalink

    The certain New york Diet can be an highly affordable and versatile eating far better tool built for time expecting to loose fat along with naturally maintain a healthful everyday life. la weight loss 342883

    Reply
  • June 16, 2012 at 5:52 pm
    Permalink

    hi, your website is great. I truly do numerous thanks for operate 326339

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *