සාමාන්‍යයෙන් කෙටිපණිවිඩයක් යැවීමේදී එය‍ට ශත 25 සිට රැ 2 දක්වා මුදලක් අය වුවත් එයින් යැවිය හැක්කේ අකුරැ 160 ක් පමණි. නමුත් තම දුරකථනය MMS හා Email හෝ Java සදහා අනුකූලතාවයක් දක්වන්නේනම් ලේසියෙන් මේකටයුත්ත කරගත හැකිය.

මෙහිදී අසීමත අකුරැ ප්‍රමාණයක් ඩයලොග් දුරකථනයකින්නම් ශත 30 සිට ශත 80 දක්වා මුදලකට යැවිය හැක. අනෙක් ජාලයන් GPRS සම්බන්ධ වීමට රැ 2.61 ක මුදලක් අයකරනු ලබයි.

කියවීමට මොබිටෙල් හෝ ‍ටිගෝ දුරකථන‍යකින්නම් නොමිලේද, ඩයලොග් දුරකථනයකින්නම් උපරැම ශත 30කටද කියවිය හැකිය.

යැවීම –

මෙය පරිගනකයෙන් ඊමේලි පණිවිඩයක් ලෙස හෝ නැතිනම් දුරකථනයේ ඇති Mail Box, Email යන අංගයේ සැකසීම් කිරීමෙන් Pop3 ‍හෝ Imap හරහා ඊමේලි පණිවිඩයක් ලෙස අනෙක් දුරකථනයට යැවිය හැකිය. Mail Box, Email හි සැකසුම් සකසාගැනීමෙන් අනතුරැව කෙ‍ටිපණිවිඩයක් ආකාරයටම යැවිය හැකිය.

යැවිය යුතු ලිපිණ –

ඩයලොග් 94 <දුරකථන අංකය> @mms.dialog.lk Eg- [email protected]

මොබිටෙල් 94 <දුරකථන අංකය> @mms.mobitel.lk Eg – [email protected]

ටිගෝ 94 <දුරකථන අංකය> @mms.tigo.lk Eg – [email protected]

ලබාගැනීම

මෙම පණිවිඩය යැවීමෙන් පසු තම දුරකථනයට කෙටි පණිවිඩයක් ආකාරයෙන්ම සුලු මොහොතක් ඇතුලත එම පණිවිඩය බාගත කිරීමෙන් කියවිය හැකිය. මේ සදහා මොබිටෙල් හා ටිගෝ කිසිදු අයකිරීමක් නොකරන අතර ඩයලොග් පමණක් උපරැම ශත 30 ක් පමණ අයකරයි.

මෙම පණිවිඩ සදහා වෙනත් රෑප හෝ ඇමුනුත් ඇතනම් මිලගනන් එම ඇමුණුම් වල ඉඩ අනුව වෙනස් වේ.

එමෙන්ම පණිවිඩ යැවීමට Mail Box, Email පහසුකම නැතිනම් Gmail හි මොබයිල් මෘදුකාංගය බාගැනීමෙන් එය හරහාද යැවිය හැකිය. එහිදී මොබිටෙල් ‍හෝ ටිගෝනම් පණිවිඩය කොපි කරගෙන හෝ සිටීම හොන්දය. නැතිනම් නැවත නැවත GPRS සම්බන්ධ වීමේදී ඒ සදහා රැ 2.61 බැගින් අයකෙරේ. නමුත් ඩයලොග් වල මෙම සබදතාගාස්තු නැත.

Mail Box, Email හා සැකසුම් සකසා ගැනීමට Gmail හෝ POP3, IMAP සහය දක්වන ඊමේ‍ල් සේවා සපයන්නෙක්ගේ POP3 හෝ IMAP සක්‍රිය කිරීම අවශ්‍යය වන අතර එහි සැකසුමු සකසා ගැනීමට POP3 හෝ IMAP සකසුම් සකසන අයුරැ කියවා බලන්න.

කෙටිපණිවිඩ ලැබීමේදී මොබිටෙල් හෝ ටිගෝ හි APN (Access Point Name) නාමය MMS සදහා දෙන නාමය විය යුතුය. නැතිනම් නියවන විටත් අයකෙරේ.

Cheap Massage Sending Method – ලාබ ක්‍රමයට දිග කෙටිපණිවිඩ යැවීමේ ක්‍රමයක්

One thought on “Cheap Massage Sending Method – ලාබ ක්‍රමයට දිග කෙටිපණිවිඩ යැවීමේ ක්‍රමයක්

  • October 7, 2008 at 1:48 pm
    Permalink

    ආ…. මල්ලී…. කාලෙකට පස්සෙ…
    මම හැමදාම හිතන් ඉන්නවා comment එකක් දාන්න… කොහෙද ඉතින් සිහි නෑ නෙ…..

    “පරිගණක ලෝකය” 46 පිටුව අද කඩේකට ගිහින් බලලම ආවා…. මරු ඈ… ඔහොම යං…. ඔයාගෙ ෆෝන් බුක් සොෆ්ට්වෙයා එකත් ඒකට යවන්න…

    මොනවා කරත් හොදට පාඩම් කරන්න… නැත්නම් ප්‍රතිඵල ආපු දවසට එල්ලෙන්න වෙන්නෙ…..

    Reply

Leave a Reply to PVGM Cancel reply

Your email address will not be published. Required fields are marked *