දැන් මොබිටෙල් මගින් ලබා දෙන උපහාර පැකේජය නොගන්නා කෙනෙක් නැති තරම්. මේ දවස් වල තාම මොබිටෙල් කාර්යාල වල මාර සෙනග. මෙහෙම පැකේජ තියන එකනම් හොන්දා. ඒත් එමගින් නිසි ලෙස තම යුතුකම වගකීම ඉටු නොවන්නේනම් කුමක් කරන්නද?

මීට මාසෙකට පෙර ගත්ත මොබිටෙල් සිම් එකවත් තාම අයිතිකරැගේ නමට ලියාපදින්චි කරල නෑ. හිමිකාරත්වය පරික්ෂා කලාම නැවත ලියාපදින්‍චි කරන්න කියනව. මෙයාලට මෙචිචර පාරි‍බොගිකයො ඉදලත් ඒ අය ගානට සැපයුම දීගන්න බැරිකම මෙයින් පෙනී නොයයිද? රටේ ආරක්ෂාවට කියල ගෙනාපු මේ නීතියට මේ නිසා බලපෑමකි වෙනවනම් ඒක කොච්චර නරකද?

මෙයාල අපිට හිමිකාරත්වය තහවුරැ කිරීමට දෙන කාඩ්පතේවත් තම නම, ජාතික හැදුනුම්පත් අංකය නෑ. ඒක ගෙදර ඇවිත් අපිම ලියාගන්න ඕනෙ. ඉතින් මේ සිම් පතින් ඕනෙම කෙනෙක්ට තම නම ඒ කාඩ්පතේ ලියන් භාවිතා කරන්න පුලුවනි.

මොබිටෙල් මගින් නීති අනතුරේ දැමීම

3 thoughts on “මොබිටෙල් මගින් නීති අනතුරේ දැමීම

  • November 5, 2008 at 9:23 am
    Permalink

    මම ස්මාට් පැකේජය ලියාපදිංචි කරල දැන් මාස දෙකක් වෙනවා. තාම ඒක ලියාපදිංචි වෙලා නෑ. දෙන කාඩ් එක වලංගු මාස 3යි. පොලිසියෙන්වත් බලන්නෙ නැති නිසා මම හිතන්නෙ නෑ කට්ටිය මාස 3 පහුවුනාම ආපහු අළුත් කරන්න යයි කියල.

    Reply
  • November 5, 2008 at 2:49 pm
    Permalink

    මම ලියාපදිංවි වුනේ අගෝස්තු 05 වැනිදා, අදට හරියටම මාස 3යි. තවම කාඩ් නම් ආවෙ නෑ. නමුත් කීවෙ නම් ඊලග මාසෙ බිල් එක එක්ක එවන්නම් කියල. හැබැයි හිමිකාරත්වය පරික්ෂා කලාම නම් නැවත ලියාපදින්‍චි කරන්න කියන්නෙ නෑ.

    Reply
  • November 7, 2008 at 1:34 pm
    Permalink

    මොනවා උනත් ලංකාවේ ඇමතුම් ගාස්තු අඩුවිමේ අරම්බය නම් මොබිටෙල් මයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *