දැන් ලංකාවෙත් ප්‍රකාශතන්තු තාක්ෂණය ව්‍යාප්ත වෙන්න පටන් අරන්. හැබැයි පුද්ගලික සමාගමක් තමා මේ වැඩේ මුලින්ම පටන් අරන් තියෙන්නෙ. ඒ මොන සමාගමවත් නෙවෙ. අලුත් අලුත් තාක්ෂණයන් අපට ගෙනෙන ඩයලොග් සමාගමයි. මෙයාල මුලින් සීමිත දුරකට කේබල් ඇදල තිබ්බත් දැන් දීප ව්‍යාප්තව භූගතව සම්භන්ධ කිරීම අරබලයි තියෙන්නෙ. මෙයාල ‍මුලින්ම එයාලගෙ කුලුණු මේ භූගත ප්‍රකාශ තන්තු ජාලය හා සම්බන්ධ කරගෙන වේගවත් අන්තර්ජාල සේවාවක් දෙන්න වගේ හදන්නෙ. එහෙම එකක් අහන්නත් සතුටුයි. එතකොට මෙයාල දීප ව්‍යාප්තව හොන්ද වේගවත් 3G හා HSPA සබදතා දීම අරබයි. ආරන්චියෙ හැ‍ටියට මෙයාල මේකෙන් ව්‍යාපාර හා නිවාස වලටත් සබදතාවය දෙයි වගේ. දැනට ටෙලිකොම් පැරණි වයර් තාක්ෂණය එක්ක දැගලුවත් ඒ කට්ටිය විතරනෙ වයර් ලයින් දුන්නෙ. හැබැයි ඩයලොග් කරලියට ආවහම ඊට වඩා ගුණාත්මක බවින් වැඩි හොන්ද සබදතාවයක් ගන්න අපිට හැකිවෙයි. කොහොමත් මෙයාල මොනව කීවත් ඩයලොග්ලගෙ වැඩවල හොන්ද ගුණාත්මක භාවයක් තියනවනෙ. ඉතින් අලුත් තාක්ෂණයක් එක්ක මෙයාල හොන්ද සෙල්ලමක් දායි වගේ. දැන් තියෙන්න එනකන් බලන් ඉන්න තමා.

හැබැයි ප්‍රකාශ තන්තු මගින් නිවෙස් වලට සබදතාවය දුන්නොත්නම් මරැම තමා. අධිවේගීව අන්තර්ජාලය විතරක් නොවේ අනෙක් සන්නිවේදන මෙන්ම බහුමාධ‍්‍යය වැඩවලටත් එකම සබදතාවයයි. හැබැයි ගාන ගැනනම් තාම මුකුත් කියන්න බෑ. ඒත් මේ ව්‍යා‍පෘතිය දැනටමත් බොහෝදුර අවසන් කියලයි ආරන්චිය. දැනට අපිට තියන හොන්ද තාක්ෂණයක් තමා මේ පුලුල්පරාස සබදතාවයන්. ඒත් මේ ෆයිබර් තාක්ෂණය පාවිච්චිය හා පාලනය‍ට අරතරම් වියදසක් නොයන නිසා අඩුවට දුන්නොත්නම් හොන්දා. ඒත් වේගෙ හා තාක්ෂණය, මූලික වියදම් සලකල සාධාරන මිලක් තීරණය කෙරැවොත්නම් අපි කාටත් මේ සබදතාවයන් ගන්න පුලුවන්. එතකොට ටෙලිකොම් සමාගම ඉන්න තැනට ඉතා ඉක්මනින් ඩයලොග් සබදතාවයන් පත්වේවි. නමුත් ලංකාවෙ අපේ අය මේක කොහොම පිලිගනීද දන්නෙ ‍නෑ.

Fiber Optic cable now on sri Lanka

29 thoughts on “Fiber Optic cable now on sri Lanka

  • November 24, 2008 at 3:53 am
    Permalink

    ඔයාට වැරදිලා වගේ!

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තාමයි මේ වන තෙක් ලොකුම ප්‍රකාශ තන්තු ජාලයක් හිමිව තියෙන සමාගම. කොළඹ සිට නුවරට, දකුණට සහ කුරුණැගල ප්‍රදේශවල මෙය යොදා තීයෙනවා.

    කොටින්ම ඩයලොග් එකට කලින් CGR එකෙත් මෙවැවි ව්‍යපෘතියක් ගියා.

    ඩයලොග් එකෙන් පාර කඩන නිසා වෙන්න ඇති ඔයා ඒක දැනගත්තේ. 😀

    කොළඹ ප්‍රදේශයේ මෙට්‍රෝඉදර්නෙට් සේවාව ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය ලබා දුන්නේ මීට වසර කිහිපයකට පෙර. එහිදි 1GB සබධතාවක් ලබාදෙනවා. එමෙන්ම බිදවැටුම් කාලය ඉතා අල්පයි, මෙම සේවාව අවශ්‍ය වන්නේ බැංකු වැනි ඉතා කෙටි කලකින් දත්ත බැකප් කිරීමට අවශ්‍ය වන ආයතන.

    Reply
  • November 24, 2008 at 3:56 am
    Permalink

    ගෙදරට එහෙම සම්බධතාවයක් දෙනවනම් සහ එහි මිල සාධාරන නම් අනිවාර්යෙන්ම ගන්නවා. 😀
    2MB එකක් 1000කට දෙනවනම්… 😉

    Reply
  • November 24, 2008 at 4:50 am
    Permalink

    ඇත්තටම එහෙම එකක් වෙනවානං ගොඩක් හොදයි. 2MBps වලින්වත් සාධාරන මිලකට දෙනවනං කවුරුත් ගනියි. ඇමරිකාවේ අන්තර්ජාල වේග පටංගන්නෙ 48MBps වලින්. එන්ගලන්තේ 56MBps වලින්. ජපානෙ 100MBps පවා තියෙනවා. ලංකාවට එච්චර දුර යන්න සමහර විට තව කල් යයි. හැබැයි ටිකක් ලැජ්ජා නැති වෙගෙකින් වේගය දුන්නනං හොදයි. හැබැයි කොහොමහරි අන්තර්ජාල පහසුකම් දුන්න එක ගැන සතුටු විය යුතුයි.
    දිලූප…

    Reply
  • November 24, 2008 at 7:13 am
    Permalink

    අපෝ, මේක ටලිකොම්ලට 19 බරගනන්වල ඉදන් තිබුනා, ඩනිෂ්ක කිව්වා හරි.

    අනික ඔය Dialog ෆයිබර් ගැන කියලා වැඩක් නෑ, කාලයක් මැරෙන්න ගියා world trade center එකේ මහ ලොකු fiber backbone එකක දැම්මා කියලා, මම ඇහුවා, ඔය අයගේ මේන් switching එකටම මේක යනවද කියලා, මූන් ඒ පාර කියනවා නෑ නෑ world trade center ඉදන් යන්නේ radio ලින්ක් ලු, අනේ ඉතින් fiber කන්නද.

    Reply
  • November 24, 2008 at 7:18 am
    Permalink

    You seem to get wrong information a lot. Sri Lanka telecom layed fibre optic cables in the early 1990s. Would be better if you could check your blog entries for accuracy before posting.

    Reply
  • November 24, 2008 at 8:25 am
    Permalink

    you are coughing too much for dialog!
    SLT has this now at city limits. they ll expand it. i dont know about dialog.
    you cant call with upahara sim!
    mobitel registration should happen in 3 months for you, otherwise threat to security! but you dont talk about dialog registration. they dont do that at all!
    you are thrilled when dialog “damages roads”. they may be searching for a place to hide with losses!
    read about SLT and post. dont caugh for forign companies! read facts before posting, otherwise get lost.

    Reply
  • November 24, 2008 at 8:54 am
    Permalink

    ඩයලොග් සමාගම ඉදිරියෙන් ඉන්නේ ජංගම දුරකතන සැපයිමෙන් පමණයි.
    මොනවා උනත් දත්ත හුවමාරුව සඳහා ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරියෙන්ම ඉන්නවා.

    අනික තවමත් ජාත්‍යන්තර වශයෙන් SEA-ME-WE රැහැන් ජාලයට සම්බන්ධවන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් පමණයි. SEA-ME-WE IV අවසන් වූ පසු එහි ධාරිතාව ටෙරාබයිට් වලින්…

    අනික ඩයලොග් එක මෙම ව්‍යයාපෘතියට කලින් SLT ආයතනයේ සේවා ලබා ගැනීමට උත්සාහ කළා, ඉන් අනතුරුව CGR එකේ මාතර දක්වා යොදාතිබෙන තන්තු 4න් දෙකක් ලබා ගැනීමට ද උත්සාහ කළත් එය නිෂ්පල වෙලා තියෙනවා. [ඇහින් දුටු දෙයක්නම් නෙමේ 😀 ]

    Reply
  • November 24, 2008 at 9:12 am
    Permalink

    ස්තුතියි කාලිංග.
    අනික ලංකාවේ ගෙදරටම ප්‍රකාශ තන්තු එන්න තරම් විශාල ආයෝජනයක් කරන්න එම සමාගම් වලට හැකියාවක් තිබේදැයි අවිශ්වාසයි.

    මොකද ඔය කියන ආයතවල දැන් කොටස් වෙළඩපොල තත්වයත් වෙනස්.

    ආර්ථික පැත්තෙන් අනාගතය ගැන කියන්න මට හොඳ දැනීමක් නැ.

    තව දෙයක්, දැනට ඩයලොග් සේවා ගන්න වෙන වෙන සම්බන්ධතා කිහිපයක් ගන්න ඔනා.

    එත් SLT එකේ wireline හරහා එකම සම්බන්ධය හරහා, voice, ADSL, IPTv ලබා ගත හැක.
    එත

    Reply
  • November 24, 2008 at 9:13 am
    Permalink

    ස්තුතියි කාලිංග.
    අනික ලංකාවේ ගෙදරටම ප්‍රකාශ තන්තු එන්න තරම් විශාල ආයෝජනයක් කරන්න එම සමාගම් වලට හැකියාවක් තිබේදැයි අවිශ්වාසයි.

    මොකද ඔය කියන ආයතවල දැන් කොටස් වෙළඩපොල තත්වයත් වෙනස්.

    ආර්ථික පැත්තෙන් අනාගතය ගැන කියන්න මට හොඳ දැනීමක් නැ.

    තව දෙයක්, දැනට ඩයලොග් සේවා ගන්න වෙන වෙන සම්බන්ධතා කිහිපයක් ගන්න ඔනා.

    එත් SLT එකේ wireline හරහා එකම සම්බන්ධය හරහා, voice, ADSL, IPTv ලබා ගත හැක.
    IPTv – ගුණාත්මක බව නම් නොදනිමි.

    Reply
  • November 24, 2008 at 11:16 am
    Permalink

    you are always too much pro dialog. you try to mislead us. few days back you said that mobitel increased international sms rate. but thats a decision by all 4 mobile operators.
    no rocket science needed. just see internet speeds of SLT, M3 and dialog. dialog is way behiend!

    @kalinga
    if dialog has less than 150mbps how they give lot of connections? just clarify about the number of broadband connections dialog can give.

    Reply
  • November 24, 2008 at 11:34 am
    Permalink

    @Anonymous

    its simple, the international bandwidth get shard with customers, out of that i think they have allowed around 60mbps or so for the wimax customers, that’s why they have FUP etc, also on a Dialog Wimax 4mbps line you cant get more then 1.5mbps, same issue with Dialog HSPA, even tho they clam its 7.2mbps the seeps you get is around 800kbps.

    Reply
  • November 24, 2008 at 11:48 am
    Permalink

    @kalinga
    if 60 mbps for wimax, does that mean 60 1mbps customers maximum at any given time?

    Reply
  • November 24, 2008 at 11:54 am
    Permalink

    @Anonymous

    well, its like this, let says at a given time there are 1000 users online but our of that 1000 not all will be downloading files, say only 200 is doing a continues download, so the 60mbps get divided in to 200 so 60/200 = 0.3mbps

    but there are many other system they might use, such as bandwidth sharping, web cashing etc.

    this all depend on time slot sharing where and when at a given time how many packages are active.

    where on Mobitel HSDPA they had only a 10mbps line at night time, but still i got around 1.5mbps, so it all depend on how much user traffic was there.

    Reply
  • November 24, 2008 at 12:14 pm
    Permalink

    malinda

    better know your facts before posting. dialog is terrible when it comes to internet.

    Reply
  • November 24, 2008 at 1:51 pm
    Permalink

    better to bat for tigo these days than dialog! anyway what you publish is wrong. dont talk about dialog technology any more. its going bad to warse. also nothing introdused by dialog before SLT regarding internet.
    also it is very clear that you are not neutral. we just have to go through above threads. you critizise mobitel with out any base. same time you try to pull dialog up… but you failed it appears.

    Reply
  • November 25, 2008 at 11:55 pm
    Permalink

    My special “Thanks” for Kalinga , Danishka and others.
    Don’t promote dialog here, Now most of customers reject diloag services. Why did you write this post without any technical details and correct informations.
    If they have a very poor international backbone, what the hell!
    Think your self and make a proper blog!

    Reply
  • November 26, 2008 at 5:55 am
    Permalink

    @ malinda
    why are you silent?
    “nodanna deval liyanna gihilla na gaththa neda”

    Reply
  • November 26, 2008 at 6:18 am
    Permalink

    සමාවෙන්න ඕනි. මම මේදවස් වල වැඩිය අන්තර්ජාලෙ කියවන්නෙ නෑ. මොබයිල් එකෙන් විතරයි.
    මම මේව අනිවාර්යෙන් එනව කියල නෑනෙ. ආරන්චිය විතරයි දැම්මෙ.
    ටෙලිකොම්ලට ලංකාව ඇතුලෙ වැඩි ලොකු තන්තු ජාලයක් නෑනෙ. ඩයලොග්ල ගෙවල්වලට දී‍ම කෙසේ වෙතත් එයාලගෙ ටවර් හා කාර්යාල නෙට්වර්ක් එක තන්තු වලින් සම්බන්ධ කරන්නයි යන්නෙ කියල තමා මම කීවෙ. ගෙවල් වලට හා පිටතට ‍දුන්නොත් හොන්දා කියලයි මම ලීවෙ

    Reply
  • November 26, 2008 at 6:22 am
    Permalink

    “ටෙලිකොම්ලට ලංකාව ඇතුලෙ වැඩි ලොකු තන්තු ජාලයක් නෑනෙ.”

    ආ ඔයාට වැරදුන තැන, දැනට ලොකුම fiber network එක තියෙන්නේ SLT, හැම ADSL ඇති exchange එකක්ම, Fiber මගින් තමයි සම්බද කරලා තියෙනේ.

    Reply
  • November 26, 2008 at 6:27 am
    Permalink

    හරි හරි…. සමාවෙන්න ඕනෙ එහෙනම්.
    මට මේ සම්බන්ධ කොනෙක් කියපු නිසයි ලීවෙ.

    Reply
  • November 26, 2008 at 6:35 am
    Permalink

    කා අතිනුත් වැරදි වෙනවා, ඒවා පොඩක් හොයලා බලලා මීට පසේ ලියන්න, දැක්ක පලියට, ඇහුනු පලියට ලියන්න එපා, ඔයාතාම පොඩියිනේ. පොඩක් හොයල බලලා ලියන්න.

    මොකද ඔය අය මාර්කටින් වෙනුවෙන් ඕනෑම බොරුවක් කියනවා, හරියට අර 7.2mbps HSDPA වගේ.

    කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි. 😀

    Reply
  • November 26, 2008 at 6:45 am
    Permalink

    ස්තූතියි

    Reply
  • November 26, 2008 at 1:22 pm
    Permalink

    malinda
    not too late to learn!
    remember , dialog is very primitive in technology. they try to overcome that by marketting(?cheating).
    your ideas are basically wrong, not only this thread. try to correct in the future.

    Reply
  • November 28, 2008 at 12:07 am
    Permalink

    මම මේ ගැන විමාසා බැලුවා. ඩයලොග් එකෙන් කරන්න යන්නේ ඔවුන්ගේ base_station වෙතට ප්‍රකාශ තංතු ජාලය හරහා දත්ත ගෙනයාමයි. මෙහිදි අපට සම්බන්ධතාවය ලබාගත හැක්කේ wimax මිස සෘජු ප්‍රකාශ තන්තු සබධතාවයක් නොවේ.

    ඉතින් මෙය ලංකාවේ අපිට ලොකු තාක්‍ෂණික හරබයක් ලෙස පුන පනා පැවසිය යුතත්තක් නොවේ. 🙂

    Reply
  • December 4, 2008 at 11:57 pm
    Permalink

    අනිත් අය කියනවා වගේම මටත් කියන්න තියෙන්නෙ ඔයා පොට වරද්දා ගෙන ඇති බවයි. Dialog අය තාම ඒ අයගෙ fiber ring එක දාගෙන යනවා. SLT එක ඒ අයගේ National ring එක දල ගොඩක් කල්. Dialog අය ගොඩක් තැන් වලදි පාවිච්චි කරන්නේ SLT ring එක.
    ඒ වගේම SLT එකත් එක්ක තරඟයට Broadband දෙන්න Dialog වලට ධාරිතවයක් තියනවද යන්නත් ප්‍රශ්නයක්. ඒක තමයි Dialog අය FUP කියලා එකක් දාගෙන තියෙන්නෙ.එක දාගෙන අමරුවෙන් තියන ධාරිතාවය manage කරගෙන ඉන්නවා.

    Reply
  • September 26, 2009 at 5:03 am
    Permalink

    මොනව උනත් ෆයිබ(ර්) ඔප්ටික් අනිත් කේබල් වලට වඩා දත්ත පුවාහනයෙන් වේගවත්…  ෆයිබ(ර්) ඔප්ටික් ඉන්ටනෙට් ලයින් එකක් ගෙදරට දුන්නොත් මරේ මරු….

    Reply
  • June 6, 2012 at 9:12 pm
    Permalink

    Aw, it was an really very good post. In thought I would like to set up writing related to this furthermore – taking time and actual effort to create a quite very good article

    Reply
  • June 17, 2012 at 9:23 pm
    Permalink

    Some times its a pain in the ass to read what blog owners wrote but this site is really user pleasant! . 826046

    Reply

Leave a Reply to කාලිංග Cancel reply

Your email address will not be published. Required fields are marked *