මේ දවස්වල විභාගෙ වැඩ නිසා ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරැවුනා. මේ ලගද මගෙ යාලුවෙක් ඩය‍ලොග් මොබයිල් අන්තර්ජාල සබදතාවයක් ලබාගත්ත. Dialog unlimited Mobile Broadband කියන සබදතාවයයි ලබාගත්තෙ. මේකෙ වේගය 7.2 Mbps එනව කීව‍ට එයාල දෙන මොඩම් එක‍ටවත් ඒතරම් වේගයක් එන්නෙ නෑ. හැබැයි 512Kbps වලට වඩානම් එනව. ආරන්චියෙ හැටියටනම් කොලඹට වේගෙ මීට ටිකක් වැඩියිලු. මොනව කීවත් මේකෙ ප්‍රශ්ණ ගොඩයි.

විශේෂයෙන්මෙ මේ සබදතා හිමියන්ට rapidshare.com අඩවියෙන් බාගතකිරීම් කිරීමේදී ගැටලු ගොඩක් එනව. මේ අඩවියෙන් මොනව හරි බාගත කිරීමේදී අපේ පරිගණකයෙත් නොවන IP ලිපිණයක්න් දැනට මා බාගත කිරීම් කරන බවත් එම නිසා එය ඉවරවන තුරැ ඉන්නා ලෙසත් පවසනව. නැතිනම් දිනයේ සීමාව ඉක්මවා ඇති බව පවසනවා. ඒවගේම් elakiri වගේ අඩවියකින් සින්දුවක් වගේ බාද්දිත් හෙන වෙලා බලන් ඉන්න වෙනව. ඒකෙත් කියන්නෙ ඉස්සෙල්ලා කථාවමයි. අපි සිදුකරන බාගතකිරීම අවසන් වනතුරැ රැදීසිටින්න කියනව. ඒක මහ කැත වැඩක්නෙ. මොකද ටෙලිකොම්ලගෙ සබදතාවයන් නෙට්වර්ක් කරල ඩවුන්ලෝඩ් කලත් මේවගේ ගැටලුවක්නම් ඇවිත් නෑ. ඒත් මේක මල ඇනයක්. මුකුත් බාගන්න බෑ

සාමාන්‍යයෙන් වේගය විචල්‍යය උවත් EDGE ඇති කුලුණකදී 300Kbps ක‍ට ආසන්න වේගයක් ලබාගන්න පුලුවන්. අපි කුරැණෑගල නගරය ආසන්නයේ ඉන්දලත් වැඩිපුරම සිග්නල් එන්නෙ වෙන කුලුණකින්. ඒකෙ 3G නෑ. ඒක නිසා EDGE වලින් එනෙ වේගය එන්නෙ. ඒක නිසා මොඩම් එකෙන් ගියත් එකයි ‍අපේ ෆෝන් එකේ මොඩම් එකෙන් ගියත් එකයි.

ඒත් එකම වේගෙ එකම දිගට එන්නෙ නෑ. හිටිගම්න් අඩ්වෙනව. සමහර වෙලාවට GPRS වල‍ට වැටෙනව. එතකොට වේගෙ ගැනනම් කියන්න දෙයක් නෑ. හැබැයි වෙබ් බ්‍රව්සරේන් අන්තර්ජාලය සැරිසැරීමේදීත් හොන්ද වේගයක්‍ එනව. අඩවිය හා රැදීමට සුලුවේලාවක් (ගනන් ගත නොහැකි තරම්) ගත්තත් පිටුව ඩවුන්ලෝඩ් වෙන්න ගත්තහම ටක් ගාල බාගත වෙනව. හැබැයි GPRS හරි සිග්නල් අඩු ප්‍රදේශයක ඉදන් මේක පාවිච්චි කරද්දි වහක්. කෙසේවෙතත් ගෙදරක භාවිතයටනම් මේක ඇති. සිගනල් තියනවනම්. පවසන වේගයම ආවෙ නැතත්.

තව දෙයක් අමතක උනා. මේක මම මුලින් හිතන් හිටියෙ කොපි ගහල මාත් යාලුවත් එක්කම භාවිතා කරන්න. ඒත් ඒ වැඩේ හරියන්නෙ නෑ. මෙයාල දෙන්නෙ 3G සිම් එකක්. ඒක ‍සුපර් සිම් එකට කොපිකරන්න බෑ. කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.

හවුලේ භාවිතා වන Dialog Mobile Broadband අන්තර්ජාලය

16 thoughts on “හවුලේ භාවිතා වන Dialog Mobile Broadband අන්තර්ජාලය

  • December 14, 2008 at 9:24 pm
    Permalink

    Malinda,

    Most of your observations are correct. Yes the speed varies within a large range. We too observed the same in our tests. Please see http://lirneasia.net/projects/benchmarks for more details. Check Oct 2008 broadband.

    Reply
  • December 15, 2008 at 12:10 am
    Permalink

    “සාමාන්‍යයෙන් වේගය විචල්‍යය උවත් EDGE ඇති කුලුණකදී 300Kbps ක‍ට ආසන්න වේගයක් ලබාගන්න පුලුවන්.”
    මම නම් EDGE ඇති කුළුනකදී 50Kbps කට වඩා වැඩි වේගයක් දැකල නෑ

    Reply
  • December 15, 2008 at 5:22 am
    Permalink

    Is it ok to browse the net? I dont want to download anything I just need to browse.Pls reply me coz Im planning to buy a Dialog HSDPA.

    Reply
  • December 15, 2008 at 5:27 am
    Permalink

    No Problem to surf web. but before buy, Please check you have EDGE or 3G signal with good strength

    Reply
  • December 15, 2008 at 5:56 am
    Permalink

    I've checked with Dialog. They said Im not in a 3G area & I can use only GPRS network.Im in Galle.

    Reply
  • December 15, 2008 at 6:00 am
    Permalink

    o… its problem. I think GPRS maximum speed is 64kilobit per sec. so its to slow. At leaset you need EDGE for good speed

    Reply
  • December 15, 2008 at 6:02 am
    Permalink

    rapidshare.com එකේ ප්‍රශ්නෙට නම් මේ ලින්ක් එකට ගිහින් rapidshare Address එක මේකෙන් බාන්න. එතකොට IP එකේ ප්‍රශ්නෙ එන එකක් නෑ

    http://anonymouse.org/anonwww.html

    Reply
  • December 15, 2008 at 6:07 am
    Permalink

    🙁 That means I cant get a internet connection 🙁 Is there any other options ?

    Reply
  • December 15, 2008 at 11:30 am
    Permalink

    @ Shenal
    i am also from Galle. I have 3G signals outside but not inside home. what i do is just put the modem out of the window. mostly it works. But if you don’t have 3G coverage i strongly advice you not to buy Dialog HSDPA (not HSPA as far as I know).Because EDEGE connection is really slow. A dial up internet connection is better than a EDGE connection.(EGDE connetion’s actual speed is less than 5Kbps) and dont forget that dialog broadband connection is unstable than other connections.
    Go to here for the truth

    http://www.dialogblogs.com/

    Reply
  • December 16, 2008 at 6:25 am
    Permalink

    @shenal

    Hope you can’t SLT ADSL. What about Dialog Wimax?

    Reply
  • December 16, 2008 at 11:50 am
    Permalink

    Thx Pahan.

    @chanux

    Dialog Wimax also don’t have signals bro.

    What I’m suppose to do ? 🙁

    Reply
  • December 17, 2008 at 10:47 am
    Permalink

    @ Shenal,

    In which part of Galle town do you live in? Coz I’m also from Galle. And I know for a fact that Dialog does have full 3G coverage in the city and the suburbs.

    By the way, you have options. All the internet services (or most) are available in Galle right now!!!

    Reply
  • December 21, 2008 at 11:14 am
    Permalink

    shenal
    very easy, buy mobitel. their signal and coverage very goog. tariff also slashed today!

    Reply
  • August 31, 2009 at 4:23 am
    Permalink

    මමත් ඩයලොග්… මටනං නියම වේගයක් ලැබෙනවා.. ටොරන්ට් පාරක් දැම්මොත් පැය 2කට වඩා ගිහින් නෑ…. ෆිල්ම්ස් බාල මට සාධාරණ ප්‍රතිපත්තියත් වැදුන… ඒත් මට හොද වේගයක් ලැබෙනවා….

    Reply
  • January 29, 2011 at 8:44 pm
    Permalink

    මමත් ඩයලොග්….ඩයලොග් වල FUP තිබුණත් අඩු ගානකට අන්ලිමිටඩ් ඉන්ටනෙට් යන්න පුලුවන් ඩයලොග් වල විතරයි. මම පාවිච්චි කරන්නෙ අලුත් 490/- පැකේජ් එක. ඒකට මාසෙකට 3GB හම්බවෙනව ඊටපස්සෙ 16KBps වලට අඩු කරනව. කොහොම උනත් මාසෙකට 6GB වලට එහා ඩවුන්ලෝඩ් කරනව. දැන් SLT Broadband වලත් ඉස්සර වගේ ස්පීඩ් නෑ කියල හැමෝම කියනව. කවුරු කොච්චර බැන්නත් ඩයලොග් නම් එදා වගේම හොඳයි.

    Reply
  • May 12, 2012 at 5:08 pm
    Permalink

    sim1 copy karanna puluwan.eakata sim reader1k ona.sim reader eaka 128k eakak ona.ebay1n gennawanna be lankawata nam.lankawe thahanam owa
    .rata idan ena kene haraha gennawanna wenawa.

    Reply

Leave a Reply to Shenal Cancel reply

Your email address will not be published. Required fields are marked *