මේ ලිපියෙන් කියන්නෙ තමාගේ සැකසුම් හා විස්තර ඇතුලත් වින්ඩෝස් තැටියක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් අපේ බොහෝ දෙනා තාම ජනෙල්මත යැපෙන්නන්නෙ. ඒත් මේ අයගෙන් බොහෝදෙනා (හැමදෙනාම වගේ) නියම මුදල බිල්ගේට්ස් මාමට දීල ගන්න තැටිවලින් නෙවේනෙ දාගන්නෙ. කොහෙන් හරි පිටපත් කරගන්නා ව්‍යාජ්‍යය තැටියක්න්නෙ. ඉතින් මෙහෙම හරි අව්‍යාජ තැටියකින් වින්ඩෝස් දාද්දි හරි අපිට උත්තර ගොඩක් ඒ සීඩී එකට දෙන්න වෙනව.

ඉන්ස්ටෝලරය පිලිගැනීමේ සිට තම ගිවිසුම, සීඩී කී, රට, ‍ජාලගත සැකසුම්, භාෂා, ර‍ට මුදල් වර්ග, පරිශීලකයන් ආදී සැකසුම් රාශියක් පිලිබදව විස්තර අපෙන් අහනව. නමුත් ඒසියල්ල පෙර ඇතුලත්කර ඉතා සීමත විමසීම් වලින් යුත් වින්ඩෝස් ස්ථාපන තැටියක් දැන් සාදාගත හැකිය. මේ සදහා අවශ්‍යය වන්නෙ nlite කියන මෘදුකාංගය පමණයි. එය nliteos.com අඩවියෙන් ලබාගත හැකිය.

ඒ කුඩා මෘදුකාංගය දැමීමෙන් පසු අපගේ වෙනස් නොකල සීඩී තැටිය කොපිකරගන්නා අතර වින්ඩෝස් වල දැන‍ට ඇති උපාංග ඉවත් කර නව මෘදුකාංග හා ඩ්‍රයිවර්ස් මෙන්ම වෙනස් උපාංග, තීම් ද දමා තම අවශ්‍යය විස්තර ඇතුලත් කර සීඩී කී, නම් ගම්, වෙනත් සැකසුම් ඇතුලත් කර තැටිය සකසාගත හැකිය. මෙහිදී වැදගත් ‍වන්නේ මේ මාර්ගයෙන් අපට අවශ්‍යය මෘදුකාංග මේ තැටියට ඇතුලත් කරගත හැකි අතර වින්ඩෝස් ස්ථාපනය අවසානයේ ඒ සියල්ල ස්වයංක්‍රියව ස්ථාපනය වේ.

මෙහිදී nliteos.com අඩවිය බොහෝ මෘදුකාංග වල ස්වංක්‍රිය ස්තාපක add one ලෙස ලබාදෙන අතර තමාටද එහි ස්ක්‍රිප්ට් එක කියවීමෙන් හෝ ස්වයංක්‍රිය ස්ක්‍රිප්ට් රයිටර් මෘදුකාංගයකින් තමාගේ මෘදුකාංගද ස්වයංක්‍රිය ස්තාපක ලෙස සාදා මෙම තැටිය‍ට ඇතුලත් කරගතහැකිය.

දැනට මෙය බොහෝ සෙයින් එක්ස්පී වෙත සහය දැක්වුවත් නව සංස්කරනය විස්‍ටා වෙතද සහය දක්වයි. එමෙන්ම මෙයට genuine crack එකක් ඇතුලත් කිරීමෙන් තම ව්‍යාජය වින්ඩෝස් සංස්කරනය වින්ඩෝස් නීත්‍යායානුකූල සංස්කරනයක් බවට පත්කගහැකි අතර එමගින් වින්ඩෝස් අප්ඩේට්ද ලබාගත හැකිය.

වින්ඩෝස් ස්ථාපකය වෙනස් කරමු – Customize Windows Installer

One thought on “වින්ඩෝස් ස්ථාපකය වෙනස් කරමු – Customize Windows Installer

  • December 18, 2008 at 2:35 pm
    Permalink

    Genuine Crack — වැඩේ වැරදියි.

    Customized Installer CD හදන්න Microsoft Website එකෙන්ම අවශ්‍ය මෘදුකාංග (Windwos XP Resource Kit) බාගන්න පුළුවන්. හැබැයි Windows genuine අයට විතරයි දෙන්නෙ. ඒක nLite තරම් පහසුකම් සපයන්නෙ නෑ. නමුත් මම පාවිච්චි කළේ Windwos XP Resource Kit එක පමණයි. දැන් මගේ පරිගණකයේ Windows XP installation එකේ profile directory එක එන්නෙ Vista වල වගේ C:Users…. ක්‍රමයට.

    Windows Vista වල customized installer එක හදන්න vLite පාවිච්චි කරන්න පුළුවන්.

    Customize කරල අළුතෙන් CD එකක් බර්න් කරගන්න කැමති නැතිනම් මෙහෙම කරන්න.
    මුලින්ම Windows Resource Kit එක පාවිච්චි කරල setup script එකක් හදා ගන්න. ඒක winnt.sif නමින් removable disk (floppy/usb) එකක සේව් කරන්න. දැන් ඒ removable disk එක පරිගණකයට සම්බන්ධ කරලා වින්ඩෝස් ස්ථාපනය කරන්න. Windows Setup විසින් ඒ script එක සොයාගෙන ඒ අනුව වින්ඩෝස් ස්ථාපනය කරනු ඇති.

    Reply

Leave a Reply to ශාකුන්තල Cancel reply

Your email address will not be published. Required fields are marked *