දැන් හුගක් දෙනා එයාටෙල් ගැන ලොකු බලාපොරොත්තුවකින් හි‍ටියෙ. ඒක සාධාරනයි. මොකද මාත් ලොකුවට එයටෙල් ගැන හිතන් හිටිය. බලන් යද්දි මෙයාල කරල තියෙන්නෙ අපිව ගොනාට ඇන්දවීමක් වගේ. හැබැයි ඒකෙන් වාසි නැතිවම නොවේ. මුලින්ම මෙයාල අපේ කට්ටිය ලවා කෙටිපණිවිඩ නොම්ලේ, ජාලය තුල ඇමතුම් ගාස්තු අවමයි, හෝ නොමිලේ යන වශයෙන් විවිධ බොරු රාශියක් පැතිරෙව්ව. ඒ වගේම තවත් බොහෝ පැකේජ ගැන විස්තර එක එක විදියෙන් දැනගන්න ලැබුන. ඒක නිසා මෙයාල එන්න අවුරැදු කීපයක ඉන්දන් ලොකු කථාවක් ගිය. මේ ගැන හුගක්ම සතුටු උනේ හැම වෙලාවෙම දුරකථන එල්ලිලා ඉන්න අයයි.
අන්තිමේට ලංකාවෙ සේවය දෙන්න ලංවෙද්දි විවධ විවිධ ප්‍රචාර ගෙන ගියා. හැබැයි නිල වශයෙන් මෙයාල ප්‍රචාරය කලේ හලෝ ශ්‍රීලංකා වෙලද දැන්වීම පමණයි. ඒ දැන්වීම ප්‍රචාරය වීම ආරම්භ වන දින වලම මෙයාල මෙයාලගෙ වහල තිබ්බ කාර්යාල ඇරල තිබ්බ. ඒ ගිය සදුද. ඒ කාර්යාල වල මාර සෙනගක් හිටියෙ. ඒ සියලු දෙනාම ඇවිත් හිටියෙ නිකම් සිම් ගන්න. අපේ අයත් නිකම් දෙන පොරෝ පාරක් උනත් පොරකාල ගන්න අයනෙ. ඒක නිසා කාර්යාල වල වන්දනා කාලෙට සිරීපාදෙ වගේ. ඒකෙන් ලාබෙ ඒ අ‍වට තියන කොමියුනිකේෂන් වලට. මොකද ඒවගෙන් තමා පුරවපු අයදුම්පත ‍පිටපත් කරගන්නෙ. ඒ වගේමයි බෙදන අයදුම්පත් ඉවර උනාම ඒව ගන්නෙත‍් අවට කොමියුනිකේෂන් වලින්.
ඒත් මේ අය කිසිම කෙනෙක් නිල ප්‍රචාරයකට නෙවේ ඇවිත් තියෙන්නෙ. ක‍ටින් කට ගිහින් තමා ඇවිත් තියෙන්නෙ. ඒත් ‍මේ කිසිම කෙනෙක් මේ සිම් නිකන් දෙනවද? කියලයත් හරිය‍ට දන්නෙ නෑ. සමහරැ අයදුම්පත් ‍මිටිපිටින් භාරදුන්නෙ. අනික කිසිම කෙනෙක් මෙයාලගෙ ගාස්තු ගැනවත් දන්නෙ නෑ. අඩුගානෙ ඒ කාර්යාල වල කාර්යමණ්ඩලයවත්. මේ වගේ තත්වයක් උඩයි අපේ අය පොර කකා සිම් වලට අයදුම් කලේ. හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ නම්බර් ඉල්ලුය අයගෙන් සීමිත පිරිසකට විතරක් මෙයාල කථාකරල තමා ඉල්ලුය අංකය ගන්න පුලුවන් කියල.
ඒත් ගානම් ගැන හරි හැටි නොදැන මෙහෙම යන එක කොච්චර හොන්දද… ඒක මෙයාල මෙච්ර කල් නිල නොවන මට්ටමින් ගෙන ‍ගිය ප්‍රචාර වල සාර්ථකත්වය තමා. ඒ ‍අයදුම් පත් ගන් ආව හැමෝම වගේ කියන්න අවු‍ට්ගොයින් ‍ෆී කියල… අපිට වෙලාවකට හිනත් යනව.
මෙයාල මේ විදිහට හෙන ගොඩකගෙ අයදුම්පත් අරගෙන නිල වශයෙන් ආරම්භ වන දිනයෙවත් මෙයාලගෙ ගාස්තු ගැන මුකුත් සදහ‍නක් මෙයාලගෙ අඩවියෙවත් දාල තිබ්බෙ නැ. ඒ මදිවට කුරැණැගලින් එන සංඥා සමහර වෙලාවට විතරයි එන්නෙ. හවසට නෑ. මම හිතන්න 12 වෙනිද මෙයාල කරල තියෙන්නෙ නිල වෙබ් අඩවිය නිකුත් කිරීම පමණයි වෙන්න ඕනි. මොකද 12 උදේ අනෙක් ජාල වලින් මෙයාලගෙ ජාලෙට ගන්න බෑ. සම්බන්ධ කරන්නෙ නෑ. අංකය වැරදි කියන්නෙ. ‍අඩුම ගානෙ මෙයාලගෙ පාරිභෝගික සේවාවටවත්. හැබැයි හවස් වෙද්දි වැඩ. ඒත් පාරිභෝගික සේවාවෙ පටිගත කරපු පිලිගැනීමේ කථාව විතරයි. අනිත් මුකුත් නෑ. ඔබන්න කිවන අංක එබුවට ඒවට ප්‍රතිචාර දක්වන්නෙවත් නෑ.
මේ අතරෙ සමහර අය ප්‍රවර්ධන වැඩසටහනක් කියල එක එක ගනම් දාල මේල් යැවුව. අපිටත් ආව.
හැබැයි මේකෙන් අපිට වාසිත් තියනව. මොකද බොහෝදෙනා කියන විදිහට ‍ලංකාවෙ ‍ජංගම දුරකථන ඇමතුම් ගාස්තු මෙච්චර අඩු උනේ මෙයාල එනව කියල ආව ආරන්චිය නිසාලු. ඒකෙන් වාසිය අපිට තමා. මොකෙන් හරි අපේ ඇමතුම් ගාස්තු අඩුවෙලා විශේෂ සේවාවන් රාශියක් තියනව කැමති එකක් තෝරගන්න.
ඒත් මෙයාලගේ පෙරගෙවුම් හා පසුගෙවුම් ‍සියලු පැකේජ වල ඇමතුම් ගාස්තු සමානයි. විශේෂ අංක සදහා විශේෂ සේවා ගැන සදහනක් තාම නෑ. අනික මෙයාලගෙ පෙරගෙවුම් සබදතාවල අනිවාරිය ගාස්තුවකුත් තියනව. ඒ සීමාව පන්නල නියමිත අංක නැතිව හැම අංකෙටම ඇමතුම් ගන්න පෙරගෙව්ම් පාරිභෝගිකයට මේක වාසි. ඒත් කිට් ඩබල්, මැන්ගෝ ෆ්‍රෙන්ඩ්, මයි 10, වගේ සේවාවන් භාවිතා කරල ගන්න වාසිය මේකෙන් ගන්න බෑ. ෆීඩම්, උපහාර, ඩයලොග් 1000 මිනිත්තු නොමිලේ වගේ දීමනාවක්වත් තාම නෑ. අනික ‍ටිගෝලගෙත් ඇමතුම් ගාස්තු මීට අඩුයි.
මෙවැනි තත්වයක් තුලයි අපේ අය ‍මේකට සෙච්චරම පොරකන්නෙ. අනික මෙයාලගේ සේවාවෙ ගුනාත්මක භාවය, අන්තර්ජාල වේගය ගැනත් කිසිම දෙයක් තාම කිසිකෙනෙක් දන්නෙ නෑනෙ.

එයාටෙල් අපිව ගොනාට ඇන්දවීම

13 thoughts on “එයාටෙල් අපිව ගොනාට ඇන්දවීම

  • January 13, 2009 at 12:40 am
    Permalink

    ඇත්තටම මම නම් ගාස්තු ගැන මම එතරම් තැකීමක් කරන්නේ නැහැ. මටනම් කියන්න තියෙන්නේ “මුහුද හත්ගොව්වක් තියා අමුඩ ගැසූ” කියමනයි.
    නමුත් Rates නම් නරකම නැහැ.

    Reply
  • January 13, 2009 at 1:15 am
    Permalink

    මල්ලි, Airtel එන්න කලින් ඒකෙ ගනන් ගැන ප්‍රචාරය කෙරුවෙ ලංකාවෙ ඉන්න ඊමේල් මාකටින් කාරයො. උන් මිනිස්සුන්ව ගොනාට අන්දල ඊමේල් ඇඩ්‍රස් එකතු කරගත්ත. Airtel නිල වශයෙන් නොකල වැඩකට බනින එක වැරදියි නේද?
    Inter-operator call charges අඩු කරන්න Airtel කතා කරපු වෙලාවෙ අපේ “ජංගම දුරකතන සමාගම් එකමුතුව” ඒකට ප්‍රතිචාර දැක්වූ හැටි මතකනෙ. එච්චර කෙනහිලි කම් කරලත් මේ තරමට දෙනව මදිද?

    Reply
  • January 13, 2009 at 1:35 am
    Permalink

    @Anonymous

    Maliee me nikan Airtel ekata kade yannethiwa inna…
    Mokkada appa indian company ekakata kade yanawaa?

    Reply
  • January 13, 2009 at 1:51 am
    Permalink

    ගරිල්ලා මාකටිං කියන්නෙ ඕකට තමයි 😀 හැබැයි ඔය කිසි දෙයක් නිල ප්‍රචාර නොවන නිසා කෙලින් ම අදාල ආයතනයට ඇඟිල්ල දිගු කරන්නත් අමාරුයි නේද?

    ගාස්තු නම් දැනට තියෙන ඒවාගේ හැටියට නරක ම නැති බවයි මට දැනුනේ.

    Reply
  • January 13, 2009 at 2:02 am
    Permalink

    මැලේසියන් කොම්පැනියකට කඩේ යනවට වැඩිය හොදයි ඉන්දියන් එකකට යන එක 🙂
    ඉන්දියාවෙන් ආපු බුද්ධාගමටත් අපි කාලෙක ඉදන් කඩේ යනවනෙ

    Reply
  • January 13, 2009 at 4:14 am
    Permalink

    AIRTEL BETTER THAN DIALOG. PRE PAID D2D 3 RUPEES. BUT AIRTEL USER CAN CALL DIALOG FOR 2 RUPEES.
    POST PAID 600 PACKAGE WITH DISCOUNT IS BETTER THAN BLASTER. 600 RUPEES FOR 600 OG MINUTES. CAN CALL ANY NUMBER, NOT ONLY D2D. DIALOG BLASTER 300 FOR RENTAL. FOR ANOTHER 300 YOU CAN CALL ONLY 100 MINUTES TO OTHER NETWORKS. SO BLASTER ALSO SUX COMPARED TO AIRTEL!

    Reply
  • January 13, 2009 at 4:56 am
    Permalink

    හරි… ඒව හරි… හැම නම්බරේටම ගන්න අයට පෙරගෙවුම් වගේම පසුගෙවුම පැකේජත් ලාබයි. විශේෂයෙන් 600 පැකේජය. ඒත් මෙයාලගෙ දැනට මයි 10, එනී 8 වගේ සේවාවන් නෑ. අනික
    http://www.srilankanewsfirst.com/General/8485.html

    ලිපියට අනුව මේ මාසෙ අවසානෙ මෙයාල ඇමතුම් ගාස්තු වැඩි කරනව 2.50 ට

    Reply
  • January 13, 2009 at 7:17 am
    Permalink

    ඒක තමයි add එකේ මාර්තු 31 දක්වා කියල

    Reply
  • January 14, 2009 at 3:20 am
    Permalink

    නිකරුනේ දුරකථන සමාගම් වලට බැනල වැඩක් නෑ, ජංගම දුරකථන සේවාවාක් පවත්වාගෙන යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔය කියන තරන් ලාබෙට සේවා ලබා දුන්නොත් කෙම්පැනි වහල දාන්නයි වෙන්නේ. අනෙක වැඩි හරියක් මේව්යේ තියෙන්නේ ආන්ඩුවට ගෙවන බදුනේ…

    Reply
  • January 17, 2009 at 2:53 am
    Permalink

    අනුමත කරන ලද ගාස්තු දැනගන්න http://www.trc.gov.lk/tariff_plans.htm වෙත පිවිසෙන්න. සියලුම දුරකතන ඇමතුම් ගාස්තු විස්තර හා promotion කාල සීමා එහි ඇතුලත්. airtel විස්තරද තිබේ.

    Reply
  • January 27, 2009 at 10:15 pm
    Permalink

    ගෙඩක්ට අමුතූවෙන් අන්දන්න ඔන නැ

    Reply
  • January 27, 2009 at 10:20 pm
    Permalink

    ඔව් කෆඩ ගියෙ නැත්තම් බඩු ගෙන්න බැනෙ Anonymous

    Reply

Leave a Reply to Visit site Cancel reply

Your email address will not be published. Required fields are marked *