දැන් එයාටෙල් සමාගම තමන්ගේ විශේෂ සේවා හදුන්වාදීමට පටන්ගෙන තිබේ. එනම් විශේෂ ගාස්තු ක්‍රම. මේ අනුව හදුන්වාදුන් ශත 49 ට ඇමතුම් ගතහැකි සේවාව මගින් අප මසකට රු 49/-ක සක්‍රිය කිරීමකින් පසුව එයාටෙල් ජාලය ඇතුලත ශත 49 ට ඇමතුම්ගැනීමට හැකි අතර මෙම සේවාව සක්‍රිය කිරීමක් නොව රීලෝඩ් දමන විට රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් ලබාගත යුතු සේවාවකි. එනම් පාරිභෝගික සේවාව පවසන පරිදි අප රීලෝඩ් දමන විට‌ රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් එම මුදල අපටත් නොකියාම අතුරුදහන් වේ. ඉන්පසු අපගේ මෙම සේවාව දින 30 ක් සක්‍රිය වේ. මෙම රු 49/- යනු සියලු බදු ඇතුලත්වලු.
එම සක්‍රිය කිරීමෙන් පසු එම දින 30 ඇතුලත ශත 49ට ජාලය තුල ඇමතුම් ලපාගත හැකිවේ. මෙම සේවාව ඩයලොග් KIT Double, Any8, My best Friend, My10 වැනි සේවා වලට ආදේශයක් උවත් මොබිටෙල් ජාලයේ ඇත් නිදහස තරම් ලාබදායක නොවේ. එම නිදහස පහසුකමේ සමහර තේරීම් වල ඇමතුම් ශත 49වත් වඩා අඩුවන අතර එම සක්‍රිය කිරීමට කෙටිපණිවිඩද හිමිවේ. එසේ සක්‍රිය කිරීමෙන් එම මුදලට සරිලන ඇමතුම් ලබාගත හැකි උනත් මෙම එයටෙල් සේවාවෙ එම දීමනා නැත. සක්‍රිය මුදලෙන් අපට ඇමතුමු හෝ ඒ වෙනුවෙන් ඇමතුම් ලබාග නොහැකිය. එමෙන්ම මොවුන්ගේ අනෙක් ජාලයන්ගේ තරම් විශේෂ සේවා නැති නමුත් මොවුන් මුලින්ම මෙවැනි පහසුකම් දීම හොද ආරම්භයකි. මන්ද දිනකට නියමිත ඇමතුම් ප්‍රමාණයක් නිශ්චිතව ලබානොගන්නා අයට මෙම සේවාව ඉතාම වටිනා සේාවාවකි

Introducing Aritel VAS – 49cents call
Tagged on:

7 thoughts on “Introducing Aritel VAS – 49cents call

  • March 21, 2009 at 12:27 pm
    Permalink

    මේ යන විදියට කොතනින් නවතිවි දෑයි හිතාගන්න අමාරුයි.කොහොම උනත් මොබිටෙල් vs එයාර්ටෙල් තරගයේ තවත් උනුසුම් තොරතුරු ඉදිරියෙදි අපිට අහන්න ලෑබේවි.

    Reply
  • March 21, 2009 at 10:17 pm
    Permalink

    මල් කඩන්නනම් මේක වැඩක් නෑ. මම දැනගෙන හිටියේ නෑ මේ අය වෙනම රු49ක් ගනී කියලා. දැනුයි දැන ගත්තේ. හපෝ.

    Reply
  • March 22, 2009 at 1:35 am
    Permalink

    මට නම් හිතෙන්නෙ Airtel පරක්කු වැඩියි. මිනිස්සුන්ගෙ උද්‍යොගය නැති වෙලා ගොඩක් කල්.

    Reply
  • March 22, 2009 at 3:41 am
    Permalink

    @ Chanux
    ඒ වගේම මිනිස්සු Airtel වලින් බලාපොරොත්තු උනේ A2A Free Calls, 😉
    ඒක නිසාම වෙන්න ඇති මහ දවල් අව්වෙ කටු කාගෙන SIM ගන්න පෝලිමේ හිටියේ (Free දුන්න හින්දම නෙමෙයි 😛 )
    Airtel Tariff ප්‍රකාශයට පත් කලාට පස්සෙ තමයි SIM ගන්න පෝලිම් වල හිටපු උන්ට තරු පෙනුනේ… 😀
    දැන් නම් හුඟක් අය ‍’ගොනා’ විකුණලා ඉවරයි 😉

    Reply
  • March 22, 2009 at 10:32 pm
    Permalink

    Apitanam Mobitel tharam mukuth Hodanee…

    Apema Jangama Durakathana Jaalayane…

    Jayawewa Mobitel

    Reply
  • March 24, 2009 at 10:32 am
    Permalink

    හපෝ සිග්නල් ‍නෑනෙ මල් කඩන්ඩ විනාඩි 20 ක් තිබුෙනාත් පැය 2 ක් නැ

    Reply
  • March 25, 2009 at 10:28 pm
    Permalink

    What about “Eka Hari Simple Plan Ekak”!!

    Sanga said no peak, no offpeak, etc. Now he will have to eat his words….

    Reply

Leave a Reply to Thilina Cancel reply

Your email address will not be published. Required fields are marked *