මට විශ්ව විද්‍යාල හැදුනුම් පතක් නැති නිසා (හැදුනුම් පතක් තියෙන්න විශ්ව විද්‍යාල යන්ට එපෑ) මම අදුනන අක්ක කෙනෙක්ට කියල ගත්ත Dialog HSDPA සබදතාවයක්.ඒත් 3G නැති නිසා මේකෙන් වැඩක් නෑ. මම විසන්ධි කරන්න ඕනි කියල පාරිභෝගික සේවයෙන් ඇහුවහම කියපි, ගිවිසුම නිසා මාස 6ක් යනතුරු විසන්ධි කරන්න බෑ කියල. මම කීව මම ගත්ත මොඩම් එකක් නෑ, ඒක නිසා ගිවිසුම් නෑ. විසන්ධි කරන්න ඕනි කියල. එතකොට කිව්ව මට මට ලගම තියන ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයට එන්න කියල.( මම හිමිකරු කියල හිතන්). මම කීව එන්නෙ නැතුව ක්‍රමයක් නැද්ද ඇහුවහම කිව්ව Fax කරන්න කියල. Fax නැත් නිසා ඇහුව E-Mail බැයිද කියල. පොඩ්ඩක් ඉන්න කියල…. හරි මේල් එකක් දාන්න කීව. ඒත් ඊට කලින් බිල සම්පූර්නයෙන්ම ගෙවන් ඕනි කීව. මම තැන්පතු ගාස්තුවෙ ගාන තියල අනිත්ව ගෙවල තිබ්බෙ. ඒත් බෑ. ඔක්කොම ගෙවන්න කීව. ඒත් මම කලින් මගෙ සබදතාවයක් එහෙම තැන්පතු ගාස්තුව ඇරල ගෙවල ඉතිරිව ඒ ගානින් කපාගන්න කියල විසන්ධි කලා. මේ පාර බැයිලු. මම බිල ගෙවල මේල් එකක් දැම්ම. දාපු දවසෙම ඒ අයගෙ නිලධාරියෙක් මට පිලිතුරක් එවල තිබ්බ. මගෙ ඉතුරු 1.38 ක මුදලක් මම දීපු බැංකු ගිණුමට යවනව කියල.ඒ එක්කම විසන්ධි වෙලා තිබ්බ. ඒත් මම සම්පූර්ණයෙන්ම බිල ගෙවලත් මේ අය මට සමුපූර්ණ තැන්පතුවම දෙන්නෙ නෑ.
මම පහුවෙනිද ගත්ත පාරිභෝගික සේවයට. දුක කියන්නෙ පෙර ගෙවුම් සබදතාවයකින් අරන් HSDPA සබදතා ගැන ඇහුවවහම ඉස්සර විස්තර ලබා දුන්න අය දැන් කියනව පසුගෙවුම් පාරිභෝගික සේවයට ගන්න කියල. එයාලට එතනින් දෙන්න බැයිලු. ඒ අංශයට ඇමතුම් දාන්නම් කියල කට් කරනව. ඉතින් ගත්ත අර පාරිභෝගික සේවයටම. එයාල කියන ඒ ගානම තමා දෙන්න වෙන්නෙ. ඒ ගැන විසන්ධි කරපු නිලධාරිය නෑ. එයා ආවහම ඇමතුමක් දෙන්න කියන්නම් කියල මගෙ අංකය ඉල්ල ගත්ත.ඒත් සතියක් විතර ගියා. ඇමතුමක් ආවෙ නෑ. මම ගත්ත ආයෙ. ඒත් එ මෑන් නෑ. ඒත් ගත්ත ගෑනු කෙනා කියපි ඒ දවසෙ මම ගෙවපු ගාන අපුඩේට් වෙලා නෑ. දැන් හරි. නියමිත ගාන ගෙවන්නම්ලු. ඒත් මේ අය විසන්ධි කලේ මගෙ ගෙවීම ලැබුන නිසයි. අහපුවහම ඒ ගෙවීම ඇවිත් කීව. ඒත් අප්ඩේට් වෙලා නෑ….
ඒක මාර අප්ඩේට් විල්ලක්. දාපු ගාන ඇවිත්. ඉතින් තව මොන අප්ඩේට්ද… අන්තිමේට තැන්පතුවට අඩු ගානක් ගිණුමට දාන්නම් කීව. අවුලක් තිබ්බොත් කොල් කරන්නම් කීව. මම භාවිතා කරපු කාලයට වඩා එයාල කියපු විධිහට මසයකට වඩා බිල ගෙවලත් හම්බෙන්නෙ තැන්පතුවට අඩු ගානක්. හරිනම් වැඩිපුර ගෙවපුවත් හම්බෙන්න ඕනි.කොහොම හරි ඔය අතරෙ ඒ ඩයලොග් එකට දීපු බැංකු ගිණුමෙ පොත නැති වෙලා. බැංකුවෙන් කිව්ව ගැණුම වහල වෙන ගිණුමක් දෙන්න ඕනි. ඒක නිසා ලැබෙන්න තියන ඒව අරන් ඉවර කරන්න කීව. මොනව කරන්නද ආයෙ ඩයලොග් එකට කථාරන්නෙ නැතිව ගියා චැට් එකට. ඒක පාරක් චැට් කරද්දි නැතිව ගියා. ආයෙ ගත්ත. ඒ පාර අහු උනේ විසන්ධි කරපු මෑන්. මෑන් විකාර කියවනව. ශේප් වෙන්න හදනනෙ. මමත් අත ඇරියෙ නෑ. අන්තිමේට කීව එයා බලල දින දෙකක් ඇතුලත පිලිතුරක් මගෙ දුරකථනයට හරි ඊමේල් ගිණුමට හරි එවන්නම් කියල. ඒත් පිලිත්රු නෑ. මුලින් 1.38ක්.දෙන්නම් කීව. දැන් ගාන හරියට හරි. එවන්නම් කීව. ඒත් නෑ පිලිතුරක්. මේ වද්දි මෙක විසන්ධි කරල මාස 2කට වැඩී.තාම නෑ. අන්තිමේට ආව ලියුමක්, මගෙ තැන්පත් රිසිට් එක ඕනි කියල. ඒක කියන්නෙ දැන්. ඒක නැතිව එවන්න බැයිලු. ඉතින් ඒක නැත්තම් කියන්න තිබ්බෙ විසන්ධි කරපු වෙලේ. මම මාස දෙකක් කොල් කරනකම් හිටිය. අනික සල්ලි එවන්නම් කියලත් දැන් කියන කථාව.
ඒක මේල් කරල බෑ. නියම එක ඕනිලු. තැපෑලෙන් යැව්ව ඒක. යවල කොල් කලාම දින 10ක් ඇතුලත හරියයි කීව. තාම නෑ හැබැයි. ඒත් මේ අය සම්බන්ධතාවය ලබා ගද්දි ඕව නෑ. මුල් මාසෙ අයකරන්නෙත් දින ගාන බලල. ඒත් විසන්ධි කරද්දි අය කරන්නෙ ලබන මාසෙටත් එක්ක. මොකද මෙයාල වැඩිපුර මාසෙකට අයකරන නිසාඅනික මම කලින් කීව දුරකථන සබදතාවය විසන්ධි කරද්දි එයාල ලියුම් අඩුයි කියල කොල් කලා. දැන්…. අපිම හොය හොයා…. බල්න්න ඕනි. ඒකත් 10 දෙනෙක්ගෙන් විතර අහල වැඩිපුරම කියපු එක තමා කරන්න ඕනි. මොකද 10 දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ 10ක්.
මුලින් හොදයි ,අපේ සත්කාරය කිය කියා කෑ ගැහුවට දැන්…. මීට වඩා ලේසිය් අන්ඩුවෙ කන්තෝරුවකින් වැඩක් කරව ගන්නව. මීට අමතරව කී පාරක් කථාකළාද දන්නෙ නෑ. ඉතින් ඉස්සර නම් මෙයාලගෙ පාරිභෝගික සේවය හොදා. කියපු ගමන් කරනව. හොදට තේරෙන අය ඉන්නෙ. ඒත් දැන්…. ඒත් තාම කියන්නෙ නොම්බර එක කියල.
ගෙවපු ඒවට අපට ඔහොම කරලා මදි
Mallee,
Mobitel Ganna…
den Mobitel Coustomer Care ,tak gaala connect wenawa…
service is very good,,,….
ඔව්. දැන් මොබිටෙල් හොදා තමා. ඒකයි ඩයලොග් අයින් කරල මොබිටෙල් ගත්තෙ
මේ දේ මීට කලින් මගේ බොහෝමයක් හිතවතුන්ට වෙලා තියෙනව. ඒ නිසා මම නම් කලේ මාස දෙකකට වඩා භාවිතා කලා බිල් එක ගෙවන්නෙ නැතිව. හික් ඒකල්ල මේල් එකක් දැම්ම Disconnect කරන්න කියල, අන්තිමේට කීවා ID එකේ කොපියකුයි අත්සන සමග e-mail එකක් එවන්න කියල, ඉතින් මම මේල් එකක් යැවුවම මාස ගැටළු මොනවත් නැතුව මාස 4න් Disconnect කලා. බිල් ආවෙත් නෑ, කොහොම හරි 800/- කට වඩා මම ඒ ගොල්ලන්ට වැඩිපුර ගෙවල තිබුනෙ. ඒ වුනාට මොඩම් එක ගැන කිසි දෙයක් ඇහුවෙ නෑ. එක අන්ලොක් කරල මම දැන් මොබිටෙල් සමග.
මාව black list කරලද දන්නෙ නෑ, කලත් මොකෝ ආයෙ කිසිම කනෙක්ෂන් එකක් ගන්න අදහසක් නෑ.
මටත් ඹය වගේම දෙයක් කලා hspa connection එක ගනිද්දි. මට දීපු ගිණුමි අංකය වෙන කෙනෙකුගේ නමට active කරලා. දවස් ගානක් පාරිභෝගික සේවයට කතා කරලා තමයි නිවැරදි කරගත්තේ.
malli,
Umba mechchara kal dialog ekata kade giya neda?
dan therenawda Dialog eke niyama wada kida?
ane saadu umbata… ohoma wela madi !
මේක මාර වැඩක්නෙ. වැරදි කියනවට කිට්ටිය හරි කැමති, හොදක් කීවහම කඩේ යනවලු.
මම කිසිම ආයතනයකට විශේෂයක් නෑ. අනික හුගක් අය ඩයලොග් එකේ හොදක් කීවහමයි අවුල දාන්නෙ. අනිත්වගෙ හොදක් කීවහම මුකුත් නෑ
දෝෂ වලටමද කැමති
මමත් කැම්පස් යන්නෑ… ඒත් කනෙක්ෂන් එකක් ගත්තා… 😀 අක්කගෙ අයිඩින්ටියෙන්………
මටත් වුනා ෙම් ෙග් වැඩක් දැන් අවුරැද්දක් විතර අැති. Dialog Home Net connection ඒකක් ගත්ත. ගත්ෙත් Dialog Broaband Networks (pvt)Ltd.(Pv 261) No.365, Main Street, Negombo, Sri lanka *********** Executive – Area Sales************
Shamal Perara 0777 336 489 shyamal.perera@dialog.lk ෙගන්. රු 4020කට. හයිකරන්න අැවිල්ල 3G නැකිල රිසිට් එකක් දුන්න එක දිල සල්ලි ගන්න කියල. එ්ක shamal perara දුන්න එයා කිවුව සතියකින් cheque එයි කියල. අෙව් නෑ shamal කතා කලා Customer care කතා කලා වැඩක්වුෙන් නෑ.
මටත් වුනා ෙම් ෙග් වැඩක් දැන් අවුරැද්දක් විතර අැති. Dialog Home Net connection ඒකක් ගත්ත. ගත්ෙත් Dialog Broaband Networks (pvt)Ltd.(Pv 261) No.365, Main Street, Negombo, Sri lanka *********** Executive – Area Sales************Shamal Perara 0777 336 489 shyamal.perera@dialog.lk ෙගන්. රු 4020කට. හයිකරන්න අැවිල්ල 3G නැකිල රිසිට් එකක් දුන්න එක දිල සල්ලි ගන්න කියල. එ්ක shamal perara දුන්න එයා කිවුව සතියකින් cheque එයි කියල. අෙව් නෑ shamal කතා කලා Customer care කතා කලා වැඩක්වුෙන් නෑ.
cheque එක අවුරැද්දයි මාස දෙකට සස්සෙ අාව
ෂ… ඉක්මනට දීල තියෙන්නෙ
@ මාලින්ද
ඒ අවෙත් මේ Blog එකේ Link එකයි screen slot එකකුයි dialog customer care එකම E-mail කරපුවාම.
කමක් නෑ. එහෙම හරි වැඩේ හරි ගියානෙ
Dialog ගැන නම් කතා කරල වැඩක් නෑ. customer care එකට කතා කරන්නත් charge කරනවා. මුන්ගේ වැරද්දකටත් අපි අතින් වියදම් කරන් කතාකරන්න් ඕන. මිනිස්සුන්ට කතා කරන විදිහත් අන්තිමයි. විශේෂයෙන් ගෑනු. උන් දන්න මගුලක් ඇත්තෙත් නෑ. දන්න පණ්ඩිතයො වගේ කියවනවා. කොල්ලො නම් ටිකක් හරි හොඳයි. මම නම් Dialog හොඳට තිබුන කාලෙම අනාගතේ දැකලා Mobitel එකට මාරුවුනා. එත් ලඟදි දවසක් KIT Broadband පාවිච්චි කරා. ඒක දිග කතාවක්. එදා තීරනය කළා තවත් Dialog පාවිච්චි කරන්නෙ නෑ කියලා.