සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ සර්වරයකට ගොනු අපගත කරන්නේ FTP සහයකයක් ආධාරායෙන්. ඒ මෘදුකාංග‍ය අපගේ පරිගණකයට බාගත කරගෙන. ඒ වගේමයි අපගේ වෙබ්සර්වරටක ඇති ගොනු වෙනත් සර්වරයකට ගැනීමටනම් ඒවා බාගත කර අපගත කරන්න සිදිවෙනව. නමුත් මේකට විකල්පය තමා NET2FTP කියන වෙබ් FTP සහයකය. 1මේක අපේ පරිගණකයට බාගත කිරීමක් නෑ. කරන්න තියෙන්න් එම වෙබ් අඩවියට ගොස් අපගේ සර්වරයේ FTP විස්තර ලබාදී ලොග් වීමයි. ඉන්පසු සාමාන්‍යය පරිදි ගොනු අපගත, බාගත කරගත හැකි.2

තවද එම සර්වරයේ ඇති ගොනු වෙනත් සර්වරයකට කෙලින්ම තැන්පත් කල හැකි FTP ආදාරයෙන්. ඒත් එම NET2FTP අඩවියෙන් නොමිලේ මෙම සේවය සැපයුවත් ඔව්න් අපට දිනකට නියමිත Bandthdth එකකට සීම කරනව. මෙහිදී ගැටලුව මතුවන්නෙ විශේෂයෙන් වෙනත් වෙබ්සර්වරයකට ලිපි යැවීමේදීයි.එයට කල හැක්කේ අපගේ වෙබ් සර්වරයට එම FTP ගොනුවෙන් ලොග් වෙලා ඉන්පසු එහි එක් ෆෝල්ඩරයට එම Net2FTP ගොනුව ස්ථාපනය කිරීමයි. 3ඒකට SQL මුකුත් ඕනෙ නෑ. ඉන්පසු ඒ අය දෙන අපටම වෙන්වූ සැබැදුමෙන් එම අප ස්ථාපනය කල NET2FTP installer එකට පිවිසිය හැකි.

ඉන්පසු ඒ ආධාරයෙන් අපගේ අඩවියට අපට‍ අවශ්‍යය ඒ අය දෙන බොහෝ මෘදුකාංග බාගත කරගත හැකි.5 wordpress, Joomla, වගේ බොහෝ නොමිලේ දෙන පැකේජ මෙහි ඇතුලත්. නැතිනම් අපට අප දන්නා ගොනුවේ වෙබ් ලිපියන මෙයට දී එය කෙලින්ම සර්වරයට බාගත කරගත හැකි. මෙහිදී බාගත වනුයේ අපගේ සර්වරයටම නිසා පරිගනකයට බාගත කර අපගත කරනවාට වඩා වැඩි වේගයක් මෙහිදී ලබාගත හැකි. ඒ ආදාරයෙන් NET2FTP පැකේජයත් අපගේ සර්වරයට ස්ථාපනය කර අප‍ට අපගේ අඩවියට ලොග්විය හැකි.
එවිට මෙයට බලපානුයේ අපගේ අඩවි‍යට ඇති Bandwidth එකයි. එමෙන්ම Net2FTP අඩවිය හරහා සිදුකලාට වැඩි වේගයකින් අපගේ සර්වරයෙන් වැඩකල හැකි.61

මෙම Net2FTP සහයකය අපගේ සර්වරයට ස්ථාපනය කර එහි Temp නැමති ‍ෆෝල්ඩරයේ අවසර 777 ලෙස සැකසිය යුතුයි. අප වෙනත් වෙබ් සර්වරයකට ගොනු කෙලින්ම යැවීමේදි එම ගොනු මෙම ෆෝල්ඩරයට තැන්පත් පී නැවත අපගත වේ.

හැබැයි කෙලින්ම සර්වරයකට ලිපි මාරැකිරීම වැනි අන්තර්ජාලය හරහා සිදුවන දේ හැර අපගේ පරිගණකයේ ඇති ගොනුවක් අපගත කිරීමට හදුසි අවස්ථාවකදී මෙය භාවිතා කිරිම හොදයි. මෙයට වඩා අප පරිගණකයේ සිට ගොනු අපගත කිරීමේදී හා බාගතකිරීමේදී  Filezilla වැනි යෙදුම් මගින් වැඩි වේගවක් ලබාගත හැකි.

Net2FTP බාගත කරගැනීමට – http://www.net2ftp.com/download/net2ftp_v0.93.zip

High-speed file manage and online FTP Client

Leave a Reply

Your email address will not be published. Required fields are marked *