මේක මොබිටෙල් හා එයාටෙල් ගැනයි. මම භාවිතා කරන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතාවයක්නෙ. අලුතෙන් ලැප්ටෙප් එකත් හම්බුන නිසා මාම කීව කිරිඅම්මත් එකක් Skype ‍එකෙන් වීඩියෝ ඇමතුමක් ගන්න ඕනෙ කියල. ගමට ඉතින් මොන අන්තර්ජාලෙද. ඒක නිසා මම ලැප්ටොප් එකයි, මොඩම් එකයි ඔක්කොම අරන් ගියා ගමේ. ගම කීවට පුංචිලගෙ ගෙදර. තියෙන්නෙ කොටදෙනි‍යාවෙ. ගිරිඋල්ල ආසන්නයෙ. එහෙ ගිහින් ගහල බලපු පාර බලාපොරොත්තු උන විදිහටම 3G තිබ්බ.  හැබැයි අන්තර්ජාලය හා සම්බන්ධ උනහමයි ‍දැක්කෙ එහාට HSDPA ත් තියනව. මට මාර සතුටුයි.
ඒත් අන්තර්ජාලය මාර ස්ලෝ. බලද්දි සිග්නල් ලාවට. ඒත් ඒ ගනම් තියෙද්දි වෙනදට ගෙදරදි හොද වේගයක් ඒ කියන්නෙ 1Mbps ම ඇවිත් තියනව. ඒත් එහෙ නෑ. අනිතිමට ගෙදරවගේම USB වරය දෙකක් ගහල දැම්ම එලියට. ඒපාර මෙන්න සිගනල් 1-2 අතර දෝලනව වෙනව. වැඩේ ගොඩ තමා කියල ආයෙත් සම්බන්ධ කලා. කෝ නැනේ‍ වේගය. උපරිම Download වේගය 10 Kbit/s ‍වගේ යන්නෙ. ඒකෙන් මොනව කරන්නද. දෙතුන් පාරක් ට්‍රයි කලා. නෑ… දැන් මටත් වහ නෝන්ඩිය. එතකොට තමා මතක් උනේ යාලුවෙක් Airtel අන්තර්ජාල සබදතාවයක් අරන් මේ දවස්වප භාවිතා කරන්නෙ නැති නිසාත්, අපේ‍ ගෙදරට සිග්නල් බලන්නත් එකක් දුන්න. ඒක තාම පර්ස් එකේ.
ඒකට අපේ ගෙදරට සිග්නල් තිබ්බෙ නෑ හරිය‍ට. ඒත් යාලුවෙක්ගෙ ගෙදර ගහපුවහම හොද වේගයක්. ඒ කියන්නෙ මෙහාට 3G නැති නිසා Edge වලින් 236 ට ආසන්න වෙන්නම ආව.
මම කලේ මොබිටෙල් එක අයින් කරල දැම්ම ඒ සිම් එක. ෂ….. ඒක නියමෙට වැඩ. වීඩියෝ ඇමතුම්ත් ලොකු අවුලක් තිබ්බෙ නෑ. බාගත කිරීමට වඩා උඩුගත කිරීමේ වේගය හුගක් ආව.මට මතක විදිහට 150kbps (හරියටම නෙවේ) වගේ ආව. හැබැයි ඇමතුමේදි බාගත කිරීමේ වේගය ආවෙ 100kbps ට වඩා අඩුවෙන්. එහාටත් 3G නෑනෙ. ඒත් ඇමතුමට බාධාවක් නෑ. අපිට‍ පෙනෙන රූප වල ගුණාත්මක භාවයනම් අඩුයි. ඒත් නරකම නෑ. එයාලටනම් හොදට ආවලු. මේ ඇමතුම යන අතරෙ ගත්ත මොබිටෙල් එකට. මගෙ සම්බන්ධතාවය මොබිටෙල්නෙ. අනික මොබිටෙල් වල උඩුගත කිරීමේ වේගය වැඩි නිසා වීඩියෝ ඇමතුම් හොද ගුණාත්මක භාවයක් තියනව. මොබිටෙල් එකට ගත්තහම අපරාදෙ කියන්න බෑ ටක් ගාල ගත්ත. අවුල කීවහම අදාල අන්ශයට දාන්නම් කීව. ලයින් එකේ හිටිය. අදාල අංශයෙන් එක්කෙනෙක් සම්බන්ධ උනහම ගැටලුව කීව. එතකොටම මෙන්න ඇමතුම විසන්ධි උනා.
මට ආව තරහ… ඊට පස්සෙ ගත්ත ආයෙත්. අරන් විස්තරෙයි කලින් උන එකයි කීවහම, එයා මාව කොහාටවත් දැම්මෙ නෑ. කලේ වෙනද වගේ පැමිණිල්ලක් දැමීම විතරයි. මොනව කරන්නද. පැමිණීල්ල දාල එයාටෙල් එකෙන්ම ගිය. කලිනුත් මෙහෙම පැමිණිලි දැම්මට, එයාල අපිට කථාකරනව කීවට, තාමනම් කථාකරල නෑ. මේකටවත් ගනීද දන්නෙ නෑ. කොහොම හරි මොබිටෙල් HSDPA වෙනුවට Airtel EDGE වලින් අග බේරගත්ත.

මම මොබිටෙල් එකෙන් ස්පීඩ් ටෙස්ට් කරන්න හැදුවට සයිට් එකටවත් යන්ට වේගයක් නෑ. එයාටෙල් එකේ වේගවල් මෙන්න. මීට වඩා උඩුගත කිරීමේ වේගයක් ආව ඇමතුමේදී.

Mobitel HSDPA එකේ අවුලට Airtel EDGE වලින් ඇගබේරගත් හැටි

13 thoughts on “Mobitel HSDPA එකේ අවුලට Airtel EDGE වලින් ඇගබේරගත් හැටි

  • September 12, 2009 at 11:49 am
    Permalink

    හපොයි එහෙයි මෙහෙයි කියලා වෙනසක් නැහැනේ මේහෙත් එහෙම තමයි.
    මමත් හුලංටෙල් වලට මාරූවුනා නිකන්‍ නෙමේ කුමාර අයියා කියනම නිසා,මහෙල අයියට පොල්ලකුත් තියලා.හපොයි එත් මට වුන දෙයක්.හැබැයි යක්කු ගස් නගින වේලාවටනම් මේකත් නැගල යනවා.
    මෙන්න මේ වෙලාවේ හුලංටෙල් වල  පහස
    http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/563430495.png

    Reply
  • September 12, 2009 at 1:26 pm
    Permalink

    මාරයි නෙ‍‍‍‍‍.. තත්පරයට මෙගාබයිට් 17ක් ?(දශම නෙමේද) බුදු අම්මෝ 😮

    Reply
  • September 12, 2009 at 2:28 pm
    Permalink

    @Sasika
    මම Airtel ටිකක් පාවිච්චි කරල තියනව. ඒත් ඔය වේගයම වගේ එනව. හැබැයි මේ දවස් වලනම් මොබිටෙල් අලයක්. යක්කු ගස් නගින වෙලාවට තමා වේගෙ.

    @ taaae
    නෑ මෙගා බයිට් 17 ක් නෙවේ 170ක් …. හැබැයි කිලෝ… කිලෝ වලින් ගන්න ගියහම බරයිනෙ. 😉

    Reply
  • September 13, 2009 at 9:05 am
    Permalink

    ඔයලා දන්නවා මොබිටෙල්වල භාවිතය දෙගුණයකින් වැඩ් කරලා.ස්පීඩ් එකත් හොදයි මට නම්.ZOOM890 4GB දෙනවා.මොකොද දන්නෙ නෑ වැඩ් කරන්න හිතුනේ.2009.10.11 තමයි මෙම සේවාව දුන්නේ.කොල් කරලා අහුවම කිව්වෙ 4GB දෙනව කියලා තමයි.වැඩි විස්තරයක් කියන්න තාම දන්නෙ නෑ.

    Reply
  • September 13, 2009 at 9:20 am
    Permalink

    ඔයලා දන්නවා මොබිටෙල්වල භාවිතය දෙගුණයකින් වැඩ් කරලා.ස්පීඩ් එකත් හොදයි මට නම්.ZOOM890 4GB දෙනවා.මොකොද දන්නෙ නෑ වැඩ් කරන්න හිතුනේ.2009.10.11 තමයි මෙම සේවාව දුන්නේ.කොල් කරලා අහුවම කිව්වෙ 4GB දෙනව කියලා තමයි.වැඩි විස්තරයක් කියන්න තාම දන්නෙ නෑ.

    Reply
  • September 13, 2009 at 9:24 am
    Permalink

    මට නම් හිතෙන්නෙ මොබිටෙල් දියුනු වේගන එනවා.බලමුකෝ තව ඉස්සරහට.වේගය නම් හොදයි

    Reply
  • September 13, 2009 at 12:49 pm
    Permalink

    @chamara
    m3 package change on tuesday…
    4Gb for 890 package…
    8 Gb for 1290 package…
    last 2 weeks night speed was low because of tower installations… now normal..

    Reply
  • September 13, 2009 at 8:36 pm
    Permalink

    ඒක හරි. නොමිලේ දෙන එකනම් වැඩි කරල. මමත් මුලින් හිතුවෙ අවුලක් කියල. හැබැයි ඒක ගානට සාධාරනයි ඒත් ඒ අයගෙන් ඇහුවහම එහෙම නෑ තියනව. නිලවශයෙන් මුකුත් කියල නැනෙ. බලමුකො.

    Reply
  • September 14, 2009 at 6:03 am
    Permalink

    මම මොබිටෙල් හොට්ලයින් එකට කොල්කරා.ගත්තේ කෙල්ලෙක්.එයා කියන්නවා අපි තාම එහෙම වැඩ් කිරිමක් කරලා නෑ කියලා.කෝකටත් මම කිව්වා චෙක්කරලා බලන්න කියලා.විනඩ් 2 විතර ගියායින්  පස්සෙ කියනවා අපි ඊයේ වල භාව්තය වැඩි කරලා තියනවා කියලා.මොබිටෙල් හොට් ලයින් එකේ කට්ටියවත් හරියට දන්නෙ නෑ වගේ.තාම නිල වශයෙන් ප්‍රකාශ කරලා නෑ වගේ.

    Reply
  • September 14, 2009 at 6:40 am
    Permalink

    මමත් කෙලින්ම ඇහුවෙ මොබිටෙල් එකේ පාරිභෝගික ‍සේවයෙන් තමා. එහෙම වෙනස් කරල නෑ කියලයි ඒ කෙනත් කීවෙ. ඒ පාරයි අදුරන මොබිටෙල් එකේ කෙනෙක්ගෙන්ම ඇහුවෙ

    Reply
  • April 13, 2011 at 2:35 pm
    Permalink

    හප්පේ ඔයාගේ ගම කොටදෙනියාවද මමත් එහේ කෙනෙක් තමා. ගමේ කමට මෙක දැම්මේ. ඔයාගේ බිලොග් නම් මරු. මෙහෙට කිසිම service එකක් තාම හොදට නෑ. කවුද පුංචි මම දන්න කෙනෙක් වෙන්න පුළුවන්

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *