හුග දවසකින් බ්ලොග් ලියන්න හම්බුනේ නෑ.මේ දවස්වල ටෙලිකොම් එකේ අන්තර්ජාලය මාර අප්සට්. හැම වෙලාවෙම පිස්සු කෙලිනව. ping එකක් දිගටම යවද්දි 5-6 කට සැරයක් Timeout. ආයෙ අපි පිටුවක් ලෝඩ් කරද්දිත් ඒකමයි. වෙනද මෙහෙම නෑ. කාලය වැඩි උවත් Timeout නෑ. මේක ඇනයක්. මේක නිසා අන්තර්ජාලය අවුල් ජාලාවක්. වෙබ් පිටුවක් ලෝඩ් ලොත් අතර මගදි ලෝඩ් උනාට එන්නෙ නෑ. ආයෙ Refresh කරන්න වෙනව. සතියක් විතර එක දිගට තියෙද්දි ටෙලිකොම් එකට කීව. දින දෙක තුනක් ගියත් ආවෙ නෑ. කථාකලාම කියනව අදම එයි. දිනයක් ඇතුලත එයි. ඒත් ආවෙ නෑ. අඩු ගානෙ ඇමතුමක් වත්. වෙනදනම් කීව ගමන් ඇවිත් බලනව. උපරිම දිනයයි. දැන් මේකට සතියක් විතර තාම නෑ. ඒ පාර රවුටරේ මාරු කලා. ස්විච් එක මාරුකලා. ස්පුලිටර් මාරුකලා. ඒත එමමයි. එසේමයි. අපේ විතරද අවුල බලන්න ඇහුව යාලුවො දෙතුන් දෙනෙක්ගෙන්. ඒ අයටත් ඒ විදිහටම අවුල්. එයාල ගනන් අරන් නෑ. දැන් දිගටම අවුල. චැට් එකක මොනව හරි ගැහුවොත් ඒක යන්න දවසක් යනව. ඒ අය හිතල තියෙන්නෙ ඒ අයගෙ අවුලක් කියල. ඒ පාර හුගක් අය ටෙලිකොම් කථාකලේ නෑ. වැඩක් නෑ කියල. මොකද මේ පාර විභාගෙ ඉවර උනාම අපේ හුගක් අය අන්තර්ජාලයට ඉල්ලුව. ඒ අයගෙ ප්‍රොමේෂන් වලදි කියන දවස් 3න් දෙනව කියල. අර අයට සතියක් ගියත් නෙට් නෑ. අහපුවහම කුරුණෑගල පෝට් ඉවරයි, ගෙනාව ගමන් දෙව කියනව. ඒව ගෙනාපුවට පස්සෙ ඉල්ලුම් කල අයටත් ඒ තැටියම දානව. ඒක නිසා හුගක් අය ගනම් ගත්තෙ නෑ. ලෙ‍ඩේ එක දිගට ‍නෙවේ. එනව‍‍. යනව.
ස්පීඩ් පරීක්ෂා කලාට අවුගත් නෑ. හිටපු ගමන් සර්වරය හා සම්බන්ධ විය නොහැකිය කියනව. Ping Test එකේදිත් ඒක. ඒත් Speed test ඒකේදි ටෙස්ට්‍ වෙන්න පටන් ගත්තොත් අවලුක් නෑ. හොද වේගයත් යනව. මම හිතන්නෙ එහෙම වෙනනෙ ‍Timeout වෙන නිසා වෙන්න ඇති. වේගයේ අවුලක් නෑ

Speedtest
Speedtest
SpeedTest
SpeedTest

SLT Request Time out

10 thoughts on “SLT Request Time out

  • November 8, 2009 at 1:48 pm
    Permalink

    හප්පා කුරුණෑගල SLT ද? එහෙනම් ඉතිං හ‍්රිනේ…. ඔහොම නොවුනනං නේ බ්ලොග් එකේ දාන්න ඕන. මම ADSL ඉල්ලන්න ඕකට බඩගාපු ත‍රං.. ඒ ගොල්ලො හැසිරෙන්නෙ නිකං අපි නයක් ඉල්ලන්න එනකොට වගේ දැන් නෑ.. පස්සෙ දෙන්නං.. මේ දවස්වල අමආරුයි.. ඔන්න ඔයවගේ,(පස්සේ ඒගොල්ලන්ගෙ එක ප‍රිස්සමට තියාගන්න කියලා ලංකාබෙල් ගත්තා දැන් අවුරුද්දකට කිට්ටුයි එකවතාවයි connection drop වුනේ ඒකත් අර submarine cable එකක මොකක්ද හැප්පිලා කිවා අනික සේවාවත් සුපිරියි)

    Reply
  • November 8, 2009 at 1:50 pm
    Permalink

    මොබිටෙල් එකත් දැන් සතියක් විතර තිස්සෙ ඔය වගේම ලෙඩ දෙනව.එක වල්ලෙ පොල් නේ.ජංජාලෙ තිත්ත වෙනව එහෙම උනාම……

    Reply
  • November 8, 2009 at 1:51 pm
    Permalink

    ආයෙ මොනවද…. මොබිටෙල් කනෙක්ට් කරගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ

    Reply
  • November 8, 2009 at 10:36 pm
    Permalink

    හපොයි මම හිතුවේ SLT ADSL මරු කියල
    බලන් යනකොට ඕක්කොම හොරු

    Reply
  • November 9, 2009 at 12:25 am
    Permalink

    ඒක හරි. හරියට ස්ථාවර එකක්‍ හොයාගන්න අමාරුයි. සහන් කීවට ලංකාබෙල්නම් භාවිතා කරල නෑ

    Reply
  • November 9, 2009 at 4:45 am
    Permalink

    @මාලින්ද
    මං කීවට ගන්නත් එපා…. ලංකාබෙල් සේවය සහ වේගය අතින් කොච්ච‍ර හොද උනත් උන්ගෙ ගනන් තමා අවුල මට තිබුන එකම විසදුම ඒක නිසයි ගත්තෙ….. (rental එක අඩු උනොත්!! දිගටම තියාගන්නවා නැත්තං අවුරුද්ද ඉව‍ර උනාම අයින් ක‍රන්නයි 🙁 ඉන්නෙ ගෙද‍රින් බ‍රබ‍රේ)

    Reply
  • November 9, 2009 at 5:01 am
    Permalink

    ගාන විතරක් නෙවේ. මෙයාල CDMA දුන්න දවස් වල ඒකෙ අන්තර්ජාලයේ වේගයත්, සේවයත් හොදා. අන්තිමට ගන්න දෙයක් නෑ. බැරිම තැන ලංකාබෙල් අයින් කලා.

    Reply
  • November 9, 2009 at 11:02 pm
    Permalink

    machang mokakda ube connection eka 4MBPS da.
    ape paththenam SLT thama hodama speed eke denna kiyana gaanama denewa connection aulakuth na. maath dialog wimax walin slt welata maaru une ekai.
    tigo eka aluth company ekak gaththalu unglu midle east wela hodama connection eke denne meheth dunnoth maru.

    Reply
  • November 10, 2009 at 12:52 am
    Permalink

    @ Maththa
    මුල් දවස්වල එහෙයි. ඒත් දැන්නම් ඔක්කොම එපාවෙලා.

    Reply
  • November 11, 2009 at 11:07 pm
    Permalink

    apooo slt adsl gena nam kiyala wedak neeeeeeee
    anthimai dawas 2k 3na timeout wenawa
    slt ekata kiwwama firewall danna virus guard danna kiyakiya eka eka vikara kiyanawa berima thena slt ekata kathanokara nikan hitiya. eeta passe dawas 3kin withara hari giya. denuth samahara welawata awul

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *