මේ දවස්වල අපේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය ගැන විවිධ දොස් අසන්නට ලැබෙනව. ඒත් ඒවාට පිලියම් යෙදුවයි කියලනම් හොයාගන්න අමාරුයි. මීට ටික කලකට පෙර හොදම වේගයක් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතවල තිබිබ. මේ පිළිබඳව සිංහල බ්ලොග් ලියන්නන් නිතරම කථාකලා.  මීට පෙර කීප වථානකදී මොබිටෙල් සමාගම විශාල වශයෙන් මිල අඩුකලා. ඒ වගේම විවිධ හේතු නිසාත් බොහෝ දෙනා මොබිටෙල් වෙත මාරු උනා.

ඒත් සමගම ජාලයන්ට දරාගත ‍නොහැකි ලෙස ග්‍රහකයින් සංඛාව ඉහල යාමත් නිසා සේවාවේ ගුණාත්මක භාවය බිදවැටුනා. ඒ අයට පැමිණිලි කළාම ‍විවිධ දේ කියල එයාල ඇග බේරගන්නව. ලේසියකට හොයල නිවැරදි කිරීමක් සිදුවන්නේ නෑ. මෙවැනි අත්දැකීම් බොහෝ දෙනාට ඇති. රටේ කෑම බීම අවුලක්නම් ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් කෑ ගසනවා මෙන්ම අන්තර්ජාලයේ අවුලක්නම් අන්තර්ජාලය භාවිතා කරන්නන් වශයෙන් අපි යම්කිසි හඬක් නැගිය යුතුයි. එය අපට තනියම කල නොහැකි. අප තනියම අදාල ආයතන වලට පැමිණිලි කිරීමෙන් පලක් වන්නේ නෑ. ඒකට අන්තර්ජාලය තුල අප හඬක් නැගීම වැදගත්

මෙහිදී අන්තර්ජාලයේ හඬක් නැගීමට බ්ලොග්කරුවන්ට විශාල මෙහෙයක් කල යුතුයි. අපට සැපයෙන අන්තර්ජල සම්බන්ධතා බොහෝමයක නිසි ගණාත්මක භාවයක් නෑ. අප ගෙවන මුදලට සරිලන සේවාවක් එම ආයතන අපට සැපයීම ඔවුන්ගේ යුතුකමක්. එහෙත් අපට අනවශ්‍ය ලෙස මිල අඩුකිරීමෙන් ඔවුන්ට හොද සේවාවක් ලබාදිය නොහැකි. මිල හා සේවාවේ ගුණාත්මක භාවය යන දෙකම එකකට එකක් සම්බන්ධ නිසා. අපට දෙනවයි කියන බොහෝ අන්තර්ජාල සම්බන්ධතාවල කියන්නා වූ ගුණාත්මක භාවයක් නෑ. ගුණාත්මක භාවය කියන්නෙ වේගයම නෙවේනෙ. අනික කියන වේගයවත් මේ දවස් වල නෑනෙ. මෙයට බොහෝ දුරට හේතුව රට තුල එම ආයතන වලට හොද ජාලයක් නොතිබීමයි.

එමෙන්ම මතක ඇති මොබිටෙල් සමාගම 7.2mbps හා 14.4mbps මෙන්ම මේ ලගදි 28.8mbps ක් වැනි ඉහල වේගවක් සහිත ජාලයන් ඔවුන් සතුව ඇතිබවට විවිධ ප්‍රචාර ගෙන ගියා. එහෙත් ඇත්තෙන්ම ඔවුන්ට එවැනි වේගයක් ලබාදිය හැකිද? අපට 3.6 යැයි කියමින් පැකේජයක් ලබාදුන්නත් එහි වේගය 3.6 ක් ලැබේද? අඩුම කරමින් ඉන් 50% ක් වත් ලැබෙන්නේ කොපමණ කළාතුරකින්ද? ‍

මීට පෙර ඩයලොග් සමාගම 7.2mbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවක් පටන්ගත්තත් ඔවුන්ට එම ‍වේගය ලබාදිය නොහැකි නිසා එම වේගය 1mbps දක්වා අඩුකලා. නමුත් එම සම්බන්ධතාවයේ සීමාව ඉක්මවායෑමේදී වේගය අඩුවීම වැලැක්වීම වෙනුවෙන් දිනකට කැමති අය ගෙවන මුදල හිටි හැටියේම රු 100 සි‍ ට රු 250 දක්වා වැඩිකරල.

එයාටෙල් සමාගම අන්තර්ජාල සම්බන්ධතාවන්ගේ සීමාරහිත සම්බන්ධතාවයක් හදුන්වාදුන්නත් එයට මීට කීප දිනකට පෙර 10GB සීමාවක් පනවල

එවැනි මිල වැඩිකිරීම් හා පැකේජ වෙනස් කිරීම් අප පැකේජය ගැනීමේදී අත්සන් තබන ලියවිලි වලට අනුව ආයතනය පැත්තෙනුත් සාධාරනයි. එහෙත් එම පැකේජයන් ගැනීමේදී ඉහල වේගයන් අඩුමිල පවසමින් පාරිභෝගිකයා මුලා කර අවසානයේ එම මිල ගනන් වැඩි කිරීමත් සේවාව කප්පාදු කිරීමත් සාධාරනද

සුභ කාරණයකට ඇත්තේ මීට මාස කීපයකට පෙර අපගේ විදුලි සංදේශන නියාමන කොමිසම විසින් අන්තර්ජාලය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමය  (කාලිංග අයියගෙ ලිපිය) . විශේෂයෙන් අපට අසල රටවල මෙසේ හිතුමතේ පාරිභෝගිකයා රවටමින් දැන්වීම් දැමීම නීතියෙන් තහනම්ය. එමෙන්ම එම රටවල අන්තර්ජාලය වෙනුවෙන් වෙනමම ගුණාත්මක භාවය පිළිබඳ සීමා ඇත. තම අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වාගත යුත්තේ මෙම අවම සීමාවන්ට වඩා හොද තත්වයේය. එහෙත් ලංකාවේ එවැනි කිසිම සීමාවක් හෝ අවම සේවා ගුණාත්මක භාවයක් නොමැත. පාරි‍භෝගිකයින් යම් වරදක් පෙන්වාදුන් විට විවිධ අය හා අංශ වලට වරද පටවා ඔවුන් බේරෙනව.

ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමා අන්තර්ජාතික සම්බනධතාවයේ වේගය එනම් International Bandwidth එක. මේක වැඩි නොකර මේ අය සීමාවට වඩා පාරිභෝගිකයින් වැඩිකරමින් යනව. දැනට දේශීය අන්තර්ජාල පාරිභෝගිකයා පිවිසෙන බොහෝ වෙබ්අඩවි අත්තේ දේශීය සර්වර් තුල නොව විදේශයන්ගේය. එම නිසා International Bandwidth අපට වැදගත්‍. ලර්න් ඒෂියා ආයතනයේ අධ්‍යයනනයන්ට අනුව බොහෝ අවස්ථාවල RTT අගය වැඩිම අගයක් ගන්නේ අපගේ සේවාදායකයාත් විදේශයන්ගේ ප්‍රථම සර්වරයත් අතරය. ඒ සම්බන්ධතාවය ‍අපගේ සේවාදායකයන් අපවගේම වෙනත් ආයතන වලින් මිලදිගන්නා සම්බන්ධතාවයක්. අපගේ සේවාදායකයාගේ යුතුකම ඒ වෙනුවෙන් ඔවුන් පැමිණිලි කිරීම. හෝ යම් ක්‍රමයකින් එම සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය වැඩි කිරීම. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන්ට පැවසීවිට ඔවුන් පවසන්නේ ඒක අපේ ලෙඩක් නෙවේ. අන්තර්ජාතික අවුලක්.

මෙනැනි තත්වයක් තුල අප මේ වෙනුවෙන් පෙලගැසීමක් යම් හඬක් නැගීමක් අවශ්‍යයි. මේ වෙනුවෙන් විවිධ පර්යේෂණ කරන හා සේවාවේ ගුණාත්මක භාවය පිලිබද නිතර සෙවිල්ලෙන් සිටින ලර්න් ඒෂියා ආයතනය විශාල මෙහෙයක් මේ වෙනුවෙන් සිදුකරනව. ඔවුන් ‍මීට පෙර කීප අවස්ථාවකදී අපවෙනුවෙන් අදාල ආයතන හා දකුණු ආසියානු නියාමන වරුන් ඉදිරියේ හඩක් නැගීමට සමත්වූවාක් මෙන්මට ඒ වෙනුවෙන් යහපත් ප්‍රථිචාරද හිමිඋවා. අප එක් අයෙක් කෑ ගසනවාට යම් පිරිසක් එකතුවී හඩක් නැගීම සාර්ථකත්වය කරාලගාවීමට හේතුවක්.මෙසේ අපත් ඔවුන් හා එක්වී හඩක් නැගීමට අවශ්‍යයයි. ඒ වෙනුවෙන් අවස්ථාව දීමටත් එම ආයතනය සූදානම්. අප හඬක් නැගුවාට ඒ වෙනුවෙන් යම් සාදක හා දත්තයන් ඉදිරිපත්කල යුතුයි. නිකම්ම කෑගසා වැඩක් නැත. හරියට උසාවියට නඩුවක් දැමීමට සාක්ෂි අවශ්‍යයි මෙන්ම මේ සඳහාද පිලිගත හැකි සාධක අවශ්‍යය වෙනව.

දැනට ලර්න්ඒෂියා ආයතනය එසේ රැස්කල දත්තයන් බොහෝ ප්‍රමාණයක් තිබෙනව. ඒ වෙනුවෙන් ඔවුන් පළමුව පරිගණකයට මෘදුකාංගයකුත් ඉන්පසු ජංගම දුරකථන සඳහා මෘදුකාගයකුත් නිපදවා නොමිලේ බෙදාහැර තිබෙනවා. එමගින් අපට අවශශ්‍ය පරිදි අපගේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය මැනගත හැකි. මෙහිදී වේගය පමණක් නොව අනෙක් සාධක කීපයක් මැන බැලෙන අතර ඒවා එක් සර්වරයක් සමග පමණක් නොව අපගේ සේවා සපයන්නා, දේශීය සර්වර මෙන්ම අන්තර්ජාතක සර්වර සමගත් වෙන වෙනම වේගයන් හා ‍අනෙකුත් සාධක සොයාබලා වාර්ථා කරීමේ හැකියාවෙන් සමන්විත උසස් තත්වයේ මෘදුකාංගයක්. අප සාමාන්‍යයෙන් ස්පීඩ්ටෙස්ට් අඩවියෙන් වේගය මැන බැලුවහොත් එමගින් මනිනුයේ වේගය පමණි. එයත් එක් සර්වරයක් සමගයි. එහෙත් මෙම මෘදුකාංගය මගින් වෙන වෙනමම සර්වර තනක එනම් ‍තම සේවා සපයන්නා, දේශීය හා විදේශීය සර්වර සමග මැන බලයි. අප‍ට අවශ්‍යය කාලයන්ට ස්වයංක්‍රියව මැනීමට මෙය සැකසීමට හැකිවීමත්  විටින් විට වෙනස්වන තම අන්තර්ජාල ගුණාත්මක භාවය මැනීමට හොද මෙවලමක්.

එමෙන්ම අප විවිධ අය විවිධ ප්රකදේශ වල විවිධ සේවාදායකයන්ගෙන් ගුණාත්මක භාවය පරික්ෂාකරීමෙන් සියලුදෙනාගේ තොරතුරු වලින් යම් නිගමන වලට එලබීමට මෙන්ම හඩක් නැගීමටත් හැකි. හඩක් නැගීමට වඩා අප වැඩක් නැති සේවා දායකයන් අතහැර හොද සේවාවක් සපයන සේවාදායකයෙකුට මාරු‍වීමෙන් මෙන්ම ඒ පිලිබදව අන්තර්ජාලයේ යම් කථාබහක් ඇතිකිරීමෙන් අනෙක් සේවාදායකයන් තම සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීමට පෙළඹීම නැවැතිවය නොහැක්කකි

‍මීට දින කීපයකට ඉහතදී ලර්න් ඒෂියා ආයතනය මෙම මෘදුකාංගයේ ජංගම දුරකථන සඳහා වන සංස්කරනය  නිතුත් කිරීමේ උත්සවයේ මේ ඉහත කරුණු බොහෝ දේවල් සාකච්චාවට ගැනුනු අතර එම මෘදුකාංගයේ iPhone හා Anaroide සඳහා නිකුතුවත් ලගදීම සිදුකරන බවයි පැවසුනේ.

ලර්න් ඒෂියා ආයතනය – http://lirneasia.net/

AT Tester හා මෙතෙක් එකතු කල දත්තයන් – http://www.broadbandasia.info/

මෑතකදි සිංහල බ්ලොග්කරුවන් අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි

වෙනත් ලිපි ‍තිබේනම්  Comment ලෙස එක්කරන්න

එදින ගත් ඡායාරූප
Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු

4 thoughts on “Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු

  • February 18, 2010 at 6:41 am
    Permalink

    මේ දවස් වල මම airtel හින්දා දුක් විදිනවා……මේක මහා අසාදාරනයි..මමත් අත හරින්නෙ නෑ..හැමදාම නිහඩව ඉදලා බෑනේ..

    සතුටුයි ඔබව මුන ගැහුන එකට ..මාව gtalk වලට ඈඩ් කරගන්න….චෑට් එකක් දාන්න [email protected]

    Reply
  • February 18, 2010 at 6:44 am
    Permalink

    දැනට ලර්න්ඒෂියා ආයතනය එසේ රැස්කල දත්තයන් බොහෝ ප්‍රමාණයක් තිබෙනව. ඒ වෙනුවෙන් ඔවුන් පළමුව පරිගණකයට මෘදුකාංගයකුත් ඉන්පසු ජංගම දුරකථන සඳහා මෘදුකාගයකුත් නිපදවා නොමිලේ බෙදාහැර තිබෙනවා
    මෙම මෘදුකාංග ලබාගත හැකි link එකක් දෙනවාද?

    Reply
  • February 18, 2010 at 6:47 am
    Permalink

    ලිපියට සම්බන්ධ දෙයක් නොවේ. කියවා මකා දමන්න. අර පැත්තකින් තියෙන Stat විජට් එකට ඇහැ යනව. ලිපිය කියවනකොට ඒක දිහා බැලෙනව.

    Reply
  • February 18, 2010 at 9:36 am
    Permalink

    @ චතුරංග
    AT Tester හා මෙතෙක් එකතු කල දත්තයන් – http://www.broadbandasia.info/

    මේ තියෙන්නෙ ලින්ක් එක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *