මීට කීප වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් නමත් වෙනස්කරා මතක ඇති. ටිගෝ බොනස් දුන්නා, තප්පරයට ගාස්තු ක්‍රමයක් ගෙනාව. ඒත් දැන් Tigo කියන එක Etisalat නමින් වෙනස්වෙලා. රටවල් කීපයක මෙහෙයුම් සිදුකරන etisalat සමාගම දැන් ලංකාවෙ වැඩ පටන් අරන්. පසුගිය වසරේ මැද හරියේ තමා මේ සමාගම 100% ක්  මිලදී අරන් තිබ්බත් දැන් තමා ප්‍රසිද්ධීය දීගෙන වැඩ කරගෙන යන්නෙ. මෙයාල අරාබියෙ එහෙම iPhone 3GS දුරකථනත් දෙනව අඩුව‍ට. අපිටටත් දුන්නොත් හොදා. මොනව උනත් ටිගෝල ඇවිත් මිලගණන් බොහොවෙනසක් කලා, දීමනවා දුන්න. ඒ වගේ මෙයාලත් ලගදිම දෙයි හොද දීමනා වගයක්.

Tigo Rename as etisalat Sri Lanka

17 thoughts on “Tigo Rename as etisalat Sri Lanka

  • February 25, 2010 at 11:02 am
    Permalink

    පාටයි නමයි විතරක් වෙනස් වෙයිද

    Reply
  • February 25, 2010 at 11:39 am
    Permalink

    හොද අන්තර්ජාල සේවාවක් එහෙම දුන්නොත් හොදා……..කොහොමත් එයාර් ටෙල්ට එහෙම මාර තරගයක් තියෙයි….

    Reply
  • February 25, 2010 at 1:42 pm
    Permalink

    airtel ආවම තමා ඔක්කොමලා නැටි හලාගෙන දැගලුවේ…. එච්චර කාලයක් හිතුමතේ මිනිස්සුන්ව ගසාකාපු එක නතරකලේ…….
    මොක ආවත් airtel ට තරගයක් නෑ

    Reply
  • February 25, 2010 at 1:47 pm
    Permalink

    අපි නම් Tigo/Etisalata පාවිච්චියක් නෑ. කොහොම උනත් අලුත් නම නම් කියන්න ටිකක් අමාරුයිනෙ.. 😀

    Reply
  • February 25, 2010 at 1:54 pm
    Permalink

    පාවිච්චිය කෙසේවෙතත් කියන්න ලේසිම එකනම් “හච්” 😀

    Reply
  • February 25, 2010 at 2:54 pm
    Permalink

    එයාර් ටෙල් ආවයි අනික්වයෙ ගණන් අඩු වුනා තමයි ඒත් ඉතිං එයාටෙල් පාවිච්චි කරන එකෙක් නං මගෙ ජීවිතේට අහුවෙලා නෑ. සිරාවටම. කැම්පස් එකේ එාටෙල් ළඟට ගෙනත් දුන්න ඒත් කවුද පාවිච්චි කරන්නෙ?

    Reply
  • February 25, 2010 at 3:02 pm
    Permalink

    Etisalt an UAE company

    Reply
  • February 26, 2010 at 5:22 am
    Permalink

    අපිට නම් airtel තමා හොද.

    Reply
  • February 26, 2010 at 6:03 am
    Permalink

    අයියෝ හිතුව තරම් ලොකු වෙනසක් නැ වගේ.වෙනසකට තියෙන්නෙ තත්පර ක්රමය අයින් වෙලා.අනිත් ඔක්කම වගේ tigo ම තමා

    Reply
  • February 26, 2010 at 7:23 am
    Permalink

    එයාටෙල් භාවිතයක් නැති උනත් ඒක නිසා අපේ අයගෙ ගනන් අඩු උනානෙ. මේක සල්ලි නැති ආයතනයක් නෙවේනෙ. අන්තර්ජාලයෙ වෙනසක් උනොත් ලොකු දෙයක්. අනික ඔය සමහර රටවල දෙනව වගේ 199$ iPhone වගේ අනිත්වත් දුන්නොත් එහෙම කොච්චර හොදද

    Reply
  • February 26, 2010 at 11:49 am
    Permalink

    “..වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් වෙනත් ආයතනයක් ගෙන නමත් වෙනස්කරා මතක ඇති.”

    Actually only the name changed. The company was owned by Milicom International from 1989 when they started services till last year. Milicom changed the name of all its networks to Tigo. That was why the name was changed.

    Reply
  • February 27, 2010 at 2:04 am
    Permalink

    etisalat (Emirates Telecommunications corporation) කියන්නෙ එක්සත් අරාබි එමීරයේ (UAE) ප්‍රධාන විදුලි සංදේශ සැපයුම්කරු. ඒ වගේම මේක රාජ්‍ය ආයතනයක්‍. විශාල රටක් වුනත් මෙහෙ තියෙන්නෙ දුරකථන සමාගම් දෙකයි. ඒ etisala සහ du. එයිනුත් du සපයන්නේ ජංගම දුරකථන පහසුකම් පමණයි. සියළුම රැහැන් සහිත දුරකථන/අන්තර්ජාල සබඳතා සහ එකී මෙකී නොකී සෑම විදුල් සංදේශ සේවාවක්ම සපයන්නේ මෙම ආයතන‍ය විසිනුයි. (ලංකාවේ ටෙලිකොම් ආයතනය වගේ) UAE වල පමණක් නෙවෙයි, මැද පෙරදිග කලාපයේ බොහෝ රටවල්වලට etisalat තම සේවාවන් ලබාදෙනවා. ඒ වගේම ඔවුන්ගේ සේවාවන් සුපිරි මට්ටමක පවතින බවද කිව යුතුයි. නව තාක්ෂණය අනුව යමින්, ගෘහස්ථ අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සාමාන්‍ය ලෝහ රැහැන් fiber optic රැහැන් වලට පරිවර්තනය කිරිමේ කටයුතු දැනටමත් ආරම්භ කොට තිබෙනවා. අපගේ ශ්‍රී ලාංකික වෘත්තිකයින් විශාල පිරිසක් මේ ආයතනය වෙනුවෙන් ‍සිය සේවය ලබා දෙනවා.
    http://www.etisalat.ae/

    Reply
  • February 27, 2010 at 9:14 am
    Permalink

    මම බලන් හිටියේ මුං හරිම ලාබෙට ලංකාවේ ඉඳන් ඩුබායි වලට IDD දෙයි කියලා…..නොදකිං කාලකන්නි….මෙහෙ ඉඳන් ලංකාවට එවන sms එකකට රු. 19/-ක් ගන්නවා….1Mb download කරනවට දිරාම් 20ක් (රු 630/-) ගන්නවා….

    Reply
  • February 27, 2010 at 3:52 pm
    Permalink

    සෙල්ටෙල් කාලේ ඉදන්ම ඉන්ටනෙට් නම් වේගය හොදයි මගේ සිම් ඉන්ටනෙට් සල්ලි කැපෙන්නෙත් නැ APN – WEB දාගන්න පරිඝනකයට නෙට් ගන්න පට්ට ස්පිඩ්

    Reply
  • March 1, 2010 at 11:20 am
    Permalink

    @සමන්
    ලංකාවට කෙටිපණිවිඩ ගහන්නෙ නැතිව MMS ගහන්න. නැතිනම් ලංකවෙ සිම් එකක් ගන්න. Roamin sms රු 5යි
    @නදුන්
    EDGE හරි එන එක හරියට එනවනම් හොදා.
    @කොමා
    ලංකාවෙත් Fiber දැම්මොත් ගෙඩ නේද… ඒත් ටෙලිකොම්ලට නැතුව මෙයාල දායිද? ඩයලොග් දාපු එකත් අතර මගනෙ
    @ ලහිරුවන්
    හරි ඒක හදුව

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *