LK  ඩොමේන වල ප්‍රධාන ගැටලුවක් තමා DNS සැකසුම් සකස්කිරීම. ඒ කියන්නෙ අපිට DNS වෙනස් කරන්න ඕනෙන්ම ඒ අයට (LK Domain Registrar ට)  කියල දවස් කීපයක් බලන් ඉන්න ඕනෙ. ඒ වගේම  සකසලත් මේක යාවත්කාලීන වෙනන්ත් දවස් කීපයක් යනවනෙ. ඒත් GoDaddy (Total DNS) හා WHM වගේ සේවා භාවිතා කරන අය දන්නව ඇති අපි ඩොමේනයේ සැකසුම් එම ආයතන වල  DNS සර්වරයක් වෙත සැකසුවිට එම සර්වරයෙන් අපිට අපගේ ඩොමේනයේ Zone සැකසුම් මගින් අපට අපගේ ඩොමේනයේ හා සබ් ඩොමේන වල විවිධ සැකසුම් වෙනස් කරන්න පුලුවන්. ඒකියන්නෙ MX, A, CNAME, NS වගේ සැකසුම් කැමති කැමති විදිහට සැකසීමේ හැකියාව තියනව.

ගෝඩැඩී අය මේක එයාලගෙ ඩොමේන වලට නොමිලේ ලබාදෙන සේවයක්වන අතර බොහෝ හෝස්ටින්ග් ආයතන මේකට අයකිරීමක් සිදුකරයි. මෙම සැකමීමේ විශේෂත්වය වන්නේ DNS එනම තිබියදී අපගේ වෙබ් අඩවියේ හෝස්ටින් විවිධ ආයතන හා සර්වර වලට මාරුකර මෙම Zone සැකසුම් මගින් ලේසියෙන් සැකසිය හැකි වීමයි. තවද DNS යාවත්කාලීන වීම‍ට දින කීපයක් ගියත් මෙම සැකසුම් මිනිත්තු කීපයකින් යාවත්කාලීන වීමයි. එවිට අපගේ LK ඩොමේනයේ හෝස්‍ටින්ග් වෙනස් කලත් අපට අවශ්‍යය වෙලාවට අවශ්‍යය විදිහට ඒ අයට දැනුම්දීමකින් තොරව ඉක්මනින් වෙනස්කල හැකි. මෙය ගෝඩැඩී ‍සමාගම ඔවුන්ගෙන් මිලදී නොගත් ඩොමේන සඳහාද නොමිලේ ලබාදෙන අතර එම සේවාව Off DNS නමින් හදුන්වයි. එය සක්‍රිය කිරීමට ‍GoDaddy හි Domain Manager වෙත ගොස්

එහි ඉහල ඇති Tools හි Off-DNS වෙත යන්න.

එහි ඉහල දකුණු පස ඇති Add Off DNS මගින් අපගේ ඩොමේනය මෙම සේවයට ඇතුලත් කරගත හැකි අතර

ඇතුලත් කල ඩොමේනය ක්ලික් කර එහි සැකසුම් Total DNS ආකරයටම සිදුකල හැකි.

අපගේ ‍ඩොමේනයේ DNS සැකසුම් ගොඩැඩී වෙත යොමුකල යුතුයි එය බොහෝ දුරට

mns01.domaincontrol.com

mns02.domaincontrol.com

වෙත යොමුකල යුතු අතර එම DNS සර්වරය අපගේ ඩොමේනය මෙම සේවාවට ඇතුලත් කිරීමේදීත් ඇතුලත් කල පසුත් එම ලැයිස්තුවෙන් බලාගත හැකි.

Free Custom DNS Zone Edit for LK domains – GoDaddy OffDNS

One thought on “Free Custom DNS Zone Edit for LK domains – GoDaddy OffDNS

  • February 26, 2010 at 9:12 pm
    Permalink

    එතකොට .lk Domain එකක් උනත් ආබාධයක් නතුව පාලනය කරන්න පුලුවන්ද?
    wow! Maxxa නේ…

    Reply

Leave a Reply to Gayantha Cancel reply

Your email address will not be published. Required fields are marked *