බොහෝ දෙනා ADSL ගන්නව.  නග‍රයෙන් පිට සමහරුන‍්ට අන්තර්ජාල සේවය පිස්සු කෙලින් ගන්නව. ඒ දුර නිසා. විශේෂයෙන් නිතර නිතර සම්බන්ධාවය විසන්ධි වෙනව.  ඒ වගේම විවිධ පිටු ලෝඩ් වෙන්නෙ නැති වෙනව. මේකට බොහෝවිට හේතුව ADSL  සිග්නල් වල දුර්වලතාවය. රුහැන් දුරවැඩි වෙද්දි මේ සංඥා දුර්වල වෙනව. සමහර -රැහැන් වල 4-5Km පැන්න ගමන් අවුල් එනව. සමහර ඒවගෙ  7-8 Km වගේ කිසි ලෙඩක් නැතිව වැඩ. ඒ රුහැ‍න් අලුත් ඒවගෙ. පරණ සමහර රැහැන් ලෙඩ. මේ විවිධ හේතු නිසා තමන්ට ලැබෙන ADSL සංඥාවල දරුවල වෙනව

මේ ගැන ටෙලිකොම් එකට කීවොත් ඇවිත් බලල රවුටරය පිට ලෙඩේ දානව. එතකොට අපි දැනගන්න ඕනෙ රවුටරය මාරුකලා, ටෙලිකොම් රවුටරයක් දැම්ම, ඒත් එහෙමයි කියන්න (දැම්මෙ නැතත් 😉  ) එතකො‍ට ඒ අය පොඩ්ඩක් හොයල බලනව. මගෙ අවුල ඇවිත් බලන්න කීප සැරයක් කීප දෙනෙක් ආව. හුගක් අය කොල්ලො. ඒ අය කීවහම අවුල තේරුම් ගන්නව. හැබැයි ආව වයසක අයනම් අපි පිට වරද දාන්නමයි හදන්නෙ.  ඊට පස්සෙ ලූප් එකත් මාරු කලා. ඒ හදල දවසයි දෙකයි, ලෙඩේ එනව. ඒත් හදපු දවසෙ දෙකේනම් නියමෙට වැඩ. මම රවුටර කීපයක් දාල බැලුව. එක එක රවු‍ටර වලට විවිධ ලෙඩ‍.

ඒ රවුටරවලට මුහුණදිය හැකි අවම සංඥා ප්‍රමාණයක් තියනව. ඊට වඩා දුර්වල සංඥා එද්දි එක එක ලෙඩ දෙනව. හොද රවුටරයක් දැ‍මීමෙන් ඒ අවුල අඩු වෙනව.

ටෙලිකොම් අය සංඥාවල තත්වය ප්‍රධාන වශයෙන් බලන්නෙ  SNR Margin කියන එකෙන්‍. හොද සම්බන්ධතාවයක ලැබෙන SNR තත්වය හුගක් වැඩි. මගෙ යාලුවෙක්ගෙ 30ට ආසන්නයි.

මගේ හිටපු ගමන් මේක 2.5-6 ටත් බහිනව. ඒත් මේ අය හදපු දවස් වල 14-15 අතර තිබ්බ. දැන් අඩු වෙලා. සාමාන්‍යය 8-10 ක් ගානට බැහැල.

මම මුලින්ම දැම්මෙ D-Link (india) රවුටරයක්. ඒක ජරාවක්. 15 ට අඩු  උන ගමන් පිස්සු කෙලිනව. ඒ පාර Comtrend (ටෙලිකොම් දුන්න එක) එක දැම්ම. ඒක වැඩ. හැබැයි සම්බන්ධ වෙන්න වෙලා යනව. DLink එකට වඩා හොදා. හිටි ගමන් සම්බන්ධ වෙන්නෙ නෑ. ඒත් සම්බන්ධ උනොත් වැඩ. මේක කරන්න බැරි නිසා Belkin එකක් හා Qwest එකක් දාල බැලුව. ලැබෙන SNR Margin එක 6 ට බැස්සත් අවුලක් නැතිව වැඩ. ලගදි Linksys හම්බෙනව. දාල බලන්න ඕනෙ

බොහෝ අයට මේ ලෙඩ ඇති. මුලින්ම SNR තත්වය පරික්ෂා කරගන්න. ඒකට රවු‍ටරයට ලොග් වෙලා ADSL Stat වල විස්තරය ඇති‍.

මේක අඩුනම් පුලුවන්නම් ටෙලිකොම් එකට කියල ලූප් එක මාරු කරගන්න‍. විකල්පයක් දාගන්න. නැතිනම් හොද රවුටරයක් දාල බලන්න‍‍. මේක ටෙලිකොම් එකේ ලෙඩක් වගේම අපේ රවුටරයෙත් අවුලක් නිසා වෙන්නෙ. හොද රවුටරයක් දැම්මොත් ටෙලිකොම් අවුල තිබ්බත් බොහෝ වෙලාවට වැඩ. නිකන් ටෙලිකොම් අයට බැනල වැඩක් නෑ. සමහර වෙලාවට රවුටරය අවුල් කියල ඒක කඩේට ගිහින් දුන්නහම ඒ අය ඒ අයගෙ එකට ගහයි. ඒව ‍ටවුන් නිසා හොදට වැඩ. වරද තියෙන්නෙ රවුටරය තෝරාගැනීමෙ

සමහර වෙලාවට ටෙලිකොම් අය කරනව රවුටරයෙ සෙටින්ස් වල වෙනස්කම් වගයක්. ඒ ADSL සම්බන්ධතාවය සාමාන්‍යයෙන් තියෙන්නෙ ADSL2+ කියන එකේ. ඒකෙන් අයින් කරල් G.dmt වගේ පරණ ක්‍රමයකට දානව, නැතිනම් අනිත් ඒව අයින් කරනව. එ‍තකොට යම්තාක් ලෙඩේ සමනය වෙනව. ඒක කරන්නෙ Wan settings වලින්. එතකොට බොහෝ වෙලාවට ADSL සම්බන්ධතා උපරිම වේගය 512/128 ම හම්බෙනව නිවාස සම්බන්ධතාවල. නැතිනම් මෙහෙම උපරිමවේගයක් එන්නෙ නෑනෙ. මීට අඩු වේගයකින්නෙ සම්බන්ධ වෙන්නෙ. හැබැයි ප්‍රායෝගිකව ඩවුන්ලෝඩ් වලදි වේගය වෙනද වගේමයි. පෙන්වන එක විතරයි

ADSL Connection නිතර Disconnect වෙනවනම්/ Low ADSL Signal නම් පොඩි විසදුමක්

23 thoughts on “ADSL Connection නිතර Disconnect වෙනවනම්/ Low ADSL Signal නම් පොඩි විසදුමක්

  • August 3, 2010 at 6:29 am
    Permalink

    මගේ
    SNR Margin (dB):—–30.0——33.2
    Attenuation (dB):—–51.0——24.6
    තියෙනවා..

    ටෙලිකොම් එකට 6km විතර දුර.. >_>

    Reply
    • August 3, 2010 at 12:19 pm
      Permalink

      සමහර විට ලග පාත ස්විච් එකක් ඇති. නැතත් Attenuation එක අඩු වෙන තරමට තමා හොද.

      Reply
  • August 3, 2010 at 8:54 am
    Permalink

    මගේ

    SNR Margin (dB)- 51.1—–38.3
    Attenuation (dB)- 8—-19

    ටෙලිකොම් එකට 1/2km විතර දුර තියෙනවා

    Reply
    • August 3, 2010 at 12:23 pm
      Permalink

      හුගක් හොද තත්වයක්

      Reply
  • August 3, 2010 at 12:26 pm
    Permalink

    ayya 512kbps SLT line akaka samanayen KB/s kiyak enawada .

    Reply
    • August 3, 2010 at 1:54 pm
      Permalink

      මගෙනම් 50-53KBps ක් විතර එනව ඒත් මගෙ යාලුවෙක්ගෙ 60-58 KBps විතර එනව. ඒකටත් දුර හා සම්බන්ධතාවයෙ තත්වය බලපානව. සමහර වෙලා‍වට ඩවුන්ලෝඩ් කරන සර්වරයෙ තත්වයත් බලපානව

      Reply
      • August 3, 2010 at 6:06 pm
        Permalink

        ayya oya 60-58KB/s athara enawa kiwwe IDM wala pennana wedihenda.

        Reply
        • August 3, 2010 at 7:52 pm
          Permalink

          IDM විතරක් නෙවේ, DU Meter වලත් පෙන්වන්නෙ මෙහෙමයි.

          Reply
  • August 3, 2010 at 12:36 pm
    Permalink

    රවුටරය කියන්නේ මොඩම් එක වගේ එකක්ද ? ඔන්න *යාටෙල් ඉවරයි උන්ගේ ඉස්සෙල්ලම කරේ සමහර වෙබ් අඩවි වලට යන්න දුන්නේ නැ ර්‍රට පස්සේ රැ 8 ඉදන් රැ 12 වෙනකන් ඉන්ටනෙට් එක දිගට ඩිස්කනෙකට් වෙනවා දැන් ලගදි හදුන්වා දුන්නා රැ 45 කට (පැය 24 පමනයි) 1.6 gb පැකේජ් එකක් එකෙන් පසු එක දිගටම ඩිස්කනෙට් වෙන්න අරගෙන. උන්ට පැමිනිලි කරාම කියන්නේ පාවචි කරන Users ලා ගාන වැඩි නිසාලු දැන් එකත් මොබිටෙල් වගේ අලයක් වෙලා ඉවරයි අයියා‍ගේ පෝස්ට් දැක්කාම මට හිතන්නේ adsl එහෙමනම් ලංකාවේ හැම කොම්පැනියක්ම එකවගේ තමයි කියා

    Reply
    • August 3, 2010 at 1:57 pm
      Permalink

      ADSL හුගක් වෙලාවට Stable. මේ මම කියන සිග්නල් අවුල නැත්තම්. ඒකට එක අතකින් වරද ටෙලිකොම් නෙවේ. අපේ ගෙවල් තියන දුර හා රවුටරයත් එක් සාධකයක්. නැතිව සම්බන්ධතාවය හොදනම් මොබයිල් සම්බන්ධතාවගේ නිතිර නිතර විසන්ධි වෙන්නෙවත්, වේගය අඩු වැඩි වෙන්නෙවත් නෑ

      Reply
  • August 3, 2010 at 1:51 pm
    Permalink

    maman use karana prolink
    H9601c modem aka niymata wada download speed aka 54-65 anwa
    router modem atra vanasa mokda router hoda modem da hoda

    Reply
    • August 3, 2010 at 2:01 pm
      Permalink

      රවු‍ටරය ඇතුලෙ වෙනමම පොඩි පරිගණකයක් වගේ. නිතරව පරිගණකයක සහයක් නැතිව වැඩ කරන පොඩි උපාංගයක්. ඒත් මොඩම් එක වැඩ කරන්න ‍පරිගණකයක් ඕනෙ.
      අනික මොඩම් එක ටික කාලයක් යද්දි සමහර ආයතන නව පද්ධති සඳහා ඩ්‍රයිවර්ස් නිකුත් කරන්නෙ නෑ. ඒත් රවුටරය එහෙම නැති නිසා ඩ්‍රයිවර්ස් අවුලක් නෑ. නෙට්වර්ක් කාඩ් වල ඩ්‍රයිවර්ස් හුගක් ඒව ගන්න නිසා හුගක් කල් භාවිතා කරන්නනම් රවුටර් හොදා. මම ZTE එක මීට අවුරුදු 3-4 කට කලින් අරන් දැන් ඒන වින්ඩෝස් 7 එකක් හරියට වැඩ නෑ. පරිගණක දෙකක් භාවිතා කරනවනම් එක්කො මොඩම් එක ගලව ගලව ගහන්න ඕනෙ. නැතිනම් එක් පරිගණකයන් හැමවෙලේම ඔන් එකේ තියන්න ඒනෙ. ඒක නිසා මට රවුටරය හොදයි හා ලේසි

      Reply
  • August 3, 2010 at 6:00 pm
    Permalink

    මගේ තියෙන්න ZTE ZXDSL 852 මොඩම් එකක්.ඒක windows 7 වලට support නෑනේ… win 7 වලට drivers හොයගන්න බැයිද?

    Reply
    • August 3, 2010 at 7:50 pm
      Permalink

      තිබ්බ. කාලිංග අයියත් දාල තිබ්බ. ඒත් ඒකෙන් කනෙක්ට් වෙන්නෙ නෑ

      Reply
  • August 16, 2010 at 7:13 pm
    Permalink

    i also have the same issue..ape slt disconect unama mama nam karanne telephone eke receiver eka ussala path karaddi amuthu saddayak enawa..eka eliyata ahenawa..ehema sadde ena ganata reciever eka 5seconds wthra thiala reciever eka thibbama full speed aya net connect wenawa..wenne mkakda kiala nam dan nae.eth niyameta weda.

    Reply
    • August 16, 2010 at 7:25 pm
      Permalink

      වැඩේ හරියනවනම් එච්චරයි. සමහර විට එතකොට රිසිවරයෙන් ඇහෙන්න තරම් ලොකුවට ශබ්ධයක් එනකොට ලයින් එකට අවශ්‍යය විදුලිය ලැබෙනව ඇති. ඒත් මම හරියටම දන්නෙ නෑ
      කෙසේ වෙතත් දුර වැඩි වෙද්දි විදුලිය ගැටලුවක් එනව. ඒකත් ඔය සිග්නල් එකත් එක්ක සම්බන්ධයි

      Reply
  • September 5, 2010 at 8:27 am
    Permalink

    mathath oya aula welawakata anawa welawakata neee mokada karanna onaaaaa

    Reply
    • September 5, 2010 at 10:40 am
      Permalink

      ඉසුරු අයිය.. ඕකට හොද රවුටරයක් දාගෙන බලන්න

      Reply
  • September 5, 2010 at 10:45 pm
    Permalink

    SNR Margin (dB) 51.1 36.4
    Attenuation (dB) 5 8

    ටෙලිකොම් එකේ ඉදන් 1/2 km දුර

    Reply
  • September 17, 2010 at 11:49 pm
    Permalink

    abt 2 KM far from slt but I’ve got the same prob they did the thing dat exactly u said malinda ayya hehe same & told dat my motherboard is not good so @ dat occasion i had replaced my mothermoard abt 2 weeks ago for a new foxconn 1 so they excepted dat fact & told that there is a virus prob then i formatted ma pc & installed windows again but there was the same prob hehe den they said dat my there might b a prob of my modem & left away from the prob so wt i did is working with dat prob till now & i changed ADSL modulation to G.dmt so now looking forward through dat whether even it works as u said 🙂 😉

    Reply
  • February 13, 2011 at 10:29 pm
    Permalink

    මගේ (Prolink H5004N)
    SNR Margin (dB) 34.2 23.1
    Attenuation (dB) 15 29
    Output Power (dBm) 17 11

    download Speed එක 60-62 KB

    Reply
  • November 2, 2011 at 7:15 pm
    Permalink

    මට SLT එකේ ඉදන් දුර 7Km විතර වෙනවා.මට ගන්න හොද 4port wireless Router එකක් කියන්නකෝ.
    Prolink , Dlink, BLINK,TP-link වාගේ Brand market එකේ තියනවා.මොනවාද හොද?

    Reply
  • November 2, 2011 at 10:41 pm
    Permalink

    සාමාන්‍යෙයන් මගේ අත්දැකීම අනුවනම් Tp-Link හොදා

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *