ටෙලිකොම් එක මීට කීප දිනකට කලින් වැඩිපුර භාවිතා කරන සම්බන්ධතාවල භාවිතය සීමා කරල තිබ්බ කිසිම දැනුම්දීමකින් තොරව. ඒ සීමාව දැන් ටිකක් ලිහිල් කරලලු. ඒත් සම්පුර්ණ යථාතත්වයට පත්කරල නෑලු. ඒ වෙනුවට ඒ අය දැන් හිතන් ඉන්නෙ කැෆේවලට වෙනමම සම්බන්ධතාවයක් හදුන්වල දෙන්න වගේ. කියන්නෙනම් සාධාරන විදිහට වැඩේ කරන්න හදනව කියල. මොකද මේ විදිහට එක දිගට 4MB සම්බන්ධතා වල බාගතකිරීම් කරගෙන ගියොත් ටෙලිකොම් වල International Bandwidth එකට වඩා ඉල්ලුමක් එනවලු. ඒක නිසා මේ විදිහට සීමාකරල තියෙන්නෙ. ඒත් බොහෝදුරට මේ ගැටලුව 2Mbps සම්බන්ධතාවලට නෑ. තියෙන්නෙම වැඩිපුර බාන 4Mbps සම්බන්ධතාවලට.
දැන් සති කීපයක ඉදන් ඒවට හරිහමන් සම්බන්ධතාවයක් නෑ. ඒකනිසා කැෆේ සමහර ඒව දිගටම වහල. මේ අය ටෙලිකොම් පාරිභෝගික සේවයට කථාකලාම ඒ අය දැන් හොයල බලන්නම්, තාක්ෂණික නිළධාරියෙක් කථාකරයි වගේ මොනව හරි කියල මග අරිනව. අඩුම ගාන පැමිණිල්ලක්වත් ගොණුකරගන්නෙ නෑ. ඒත් අසීමිතයි කියල මේ විදිහට සම්බන්ධතා දීල ඒව භාවිතා කරල පාරිභෝගිකයන්ට මේ විදිහට අසරන කරන එකනම් හරිම කැත වැඩක්. එක්කො දෙන්න බැරි සම්බන්ධතා නොදී ඉන්න ඕනෙ. මේකෙන් කීදෙනෙක්ගෙ ව්‍යාපාර කටයුතු අඩපන වෙනවද. අනික මේ අය වැඩිම මුදලක් ගෙවල වැඩි වේගයක් ගන්න අයටම තමා කෙලවල තියෙන්නෙ. 2Mbps හෝ ඊට අඩු අයට තාම අවුලක් දාල නෑලු. දැනගන්න හම්බුන විදිහට මෙයාල කැෆේ වැනි වැඩි භාවිත තියන ඒවට නව පැකේජයක් හදුන්වල දෙන්න යන්නෙ. ඒක කොහොම වෙයිද දන්නෙ නෑ. නැතිනම් වෙන්නෙ 2mbps සම්බන්ධතා 2ක් ගන්න. මෙයාල මේ පැකේජය හදුන්වල දෙනකම් අර පාරිභෝගිකයින් අනාතයි.
හැබැයි TRC එකෙන් නිවේදනය කරල තියනව අන්තර්ජාල සම්බන්ධා වල කියන වේගය එන්නෙ නැත්තම් පැමිණිලි කරන්න. ඒ අය නීතිමය පියවර ගන්නව කියල. ඒකනම් හොද දෙයක්.  දැන් තියෙන්න අවුල තියන අය පැමිණිලි කරන එක. මොකද පැමිණිලි කරන්නෙ නැතිව ක්‍රියාමාර්ගයක් ගන්න බෑනෙ. හැබැයි TRC එකේ අන්තර්ජාල  සම්බන්ධතා නිරීක්ෂණය කරන්න වෙනමම ඒකකයක් තියනව. ඒවට මේ අවුල නැතිව ඇති

ඔය වැඩේ වෙච්ච 4Mbps සම්බන්ධතාවයක දැන් වේගය

Speed Test

SLT Open Small amount speed tap for Blocked Users, & Going to Make New Package for Hevy dowwnloading

17 thoughts on “SLT Open Small amount speed tap for Blocked Users, & Going to Make New Package for Hevy dowwnloading

  • September 8, 2010 at 2:00 pm
    Permalink

    slt කරපු මොන දෙයද හරියට කෙරැවේ . හැම දේයක්ම මුලදි විතරයි . ඊට පස්සේ හැම දේයම බොරැවක්. ගන්න දේයක් නැති කමට slt ගන්නවා ඈරෙන්න නැත් නම් ගන්නේ නැ. slt & Mobitel කියන්නේ හොර ගුහාවක් මුන්ගේ සේවාවන් ගන්න අපිට තමයි ගහන්න ඔනි.

    Reply
  • September 8, 2010 at 2:05 pm
    Permalink

    මේ විදිහට ගියොත් ලංකාවෙ ගන්න හොඳ Connection එකක් නැති වෙනව.

    මම මගෙ බ්ලොග් එක පටන්ගත්තෙ ලඟදි ඒක බලල Comment එකක් තියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.මෙන්න Link එක
    http://staryblogger.blogspot.com/
    ස්තුතියි!

    Reply
  • September 8, 2010 at 2:11 pm
    Permalink

    ඔව් ඔය අවුල මගේ office එකෙත් තියනව.
    SLT 4Mbps package එකක් තියෙන්නෙ.
    දැන් දවස් කීපයක ඉඳන් මේක dial-up ගානට වැටිල. complains 3ක් කලා. එයාල ඒකට දැන් නමකුත් දාගෙන comman issue කියල. තව දවස් දෙකකින් හරියයි කියල කියන්නෙ. බලමුකො.

    Reply
    • September 8, 2010 at 11:03 pm
      Permalink

      ඔහොම මාසයක විතර ඉදන් සමහරුන්ට කියනව

      Reply
  • September 8, 2010 at 7:08 pm
    Permalink

    ටිකක් හොඳ ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න පොයින්ට් එකක්….ඇග්‍රිමන්ට් එක අනුව ඔහොම දේවල් වෙන්න බෑ…ලොකු ගානක් ඉල්ලල කේස් එකක් ෆයිල් කලානම් ගොඩ…..කෝටියක් විතර තලාගත හැකි…..

    Reply
    • September 8, 2010 at 11:04 pm
      Permalink

      ඒක හරි. එයාලට පැකේජ වෙනස් කරන්න පුලුවන්. ඒත් මෙහෙම කරන්න බෑ

      Reply
  • September 8, 2010 at 11:33 pm
    Permalink

    4mbps ewwa witarak nemei. mage 512kbps ekath henatama slow wela.. 30KBps ennema ne.. moko e??? :/

    Reply
    • September 9, 2010 at 7:30 pm
      Permalink

      පොඩ්ඩක් ටෙලිකොම් එකේ සර්වර් එකකින් මොනව හරි බාල බලන්න. ලයින් එකේ කන්ඩිෂන්ත් බලන්න

      Reply
    • September 12, 2010 at 5:36 pm
      Permalink

      මටත් මේ ප්‍රශ්නෙ තියෙනව, මගෙ ADSL Connection එකත් සැරෙන් සැරේට හරියට disconnect වෙනවා. 🙁
      හැබැයි download speed එකේ නම් අවුලක් නෑ. browsing speed එක නම් සමහර වෙලාවට ස්ලෝ. 🙁

      Reply
      • September 15, 2010 at 1:17 pm
        Permalink

        line eka balanne kohomada?? mageth adsl welaawakata disconnect wenawa… dannam kalin thibba wage speed eka enawaa 😉

        Reply
  • September 15, 2010 at 12:25 pm
    Permalink

    කවුරුත් check කරලා බැලුවද torrent speed එක කොහොමද කියල? මගේ office එකෙත් තියෙන්නේ 4Mb SLT පැකේජ් එකක්. අපිටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. SLT එකෙන් කියනවා දැනට තියෙන ස්පීඩ්ස් ඊට වැඩිය වැඩි කරන්න බැහැ ලු. ඒ වෙනුවට unlimited නැතුව limited connection දැන් අදුන්වදීගෙන යනවලු. හැබැයි torrent ස්පීඩ් උපරිම එනවා. browsing ස්පීඩ් එක 1Mbps

    Reply
    • September 15, 2010 at 9:09 pm
      Permalink

      හැබැයි ටොරන්ට් අනිත්වට වඩා වේගයෙන් එනව ඇති. මොකද සාමාන්‍යය සම්බන්ධතාවයකත් වේගවත් ටොරන්ට් එකක් දැම්මොත් උපරිම වේගය ඒක ගන්නව. ඒ නිසා මේවගෙත් එහෙම ඇති

      Reply
  • November 14, 2010 at 10:10 am
    Permalink

    mcho…….. mage ADSL 50kbps ne enne, bt SLT gannakota kiwe 512kbps denne kiyala.. man mokada mekata karanna one????? 512kbps ma ganna puluwanda ?

    Reply
    • November 14, 2010 at 10:56 am
      Permalink

      50kbps ද නැතිනම් 50kBps ද? ඔච්චර අඩුවෙන්නම් එන්නෙ නෑ. මට හිතෙන්නෙ ඔයා Kbps හා KBps පටලවගෙන

      Reply
  • Pingback: SLT FUP and Small Solution for Speedup FUP Applied Connection - Malinda's Blog – මාලින්දගේ සටහන

  • November 19, 2012 at 9:19 pm
    Permalink

    machan….mn gawa yaluwekge slt home package ekaka username password thynawa…….pora hama masema baanne 12 GB 10 GB withara….mn porage account 1n gaththoth mn slt 1ta mattu weida? mattu unoth nadu dadida bnz?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *