හුග කාලෙකින් බ්ලොග් එකක් ලීවෙ නෑ. මේකත් හුග දවසක ඉදන් ලියන්නම් කියල හිටියට කොහෙද වෙලාවක් හම්බඋනෙ. ස්පීඩ් ටෙස්ට් එහෙම අරන් තියන් හිටියට ලියන්න බැරි උනා. ඒත් අදනම් කොහොම හරි ලියන්නම් කියල පටන්ගත්තෙ

හුගදෙනෙක් දන්නව ටෙලිකොම් ල වැඩිපුර භාවිතා කරන අය බ්ලොක් කලා කියල. ඒ නිසා පිලියමක් වශයෙන් අලුතින් පැකේජ හදුන්වල දුන්න. හැබැයි පරන ඒවත් තාම තියනව. ඒව එලියට දැම්මෙ හෙන කාලයක් ගිහින්.  ඒ මොනව උනත් දැනට මට දැනුන විදිහට හුගක් අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉතා අඩු මට්ටමක පවතින්නෙ

මුලින්ම ටෙලිකොම් ගම්මු. මේ අවුල දැන් සති කීපයක ඉදන් තියෙන්න. අද හා ඊයෙ ටෙක් කතා වල හා ටුවිටරයේ දැක්ක විසිහට හුග දෙනෙක්ට තියනව මේ අවුල. බොහෝ දෙනා භාවිතා කරන 512kbps හෝම් සම්බන්ධතාවයෙ තමා මේ අවුල. ඒකට එක හේතුවක් වෙන්න පුලුවන් 1:20 කියන පරිමාණය. අනික මෙයාල ඩවුන්ලෝඩ් කරන අය බ්ලොක් කලාම එයාල කිව්ව විදිහට ඒ අයට තිබ්බ එකම විසදුම හෝම් සම්බන්ධතාවය ( http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/  හා http://blog.malindaprasad.com/Catagory/telicomunication/slt/) . ඒක තමා අඩු ගානට අන්ලිමිට් එකක් තිබෙබෙ. ඒ අය මේ පැකේජයට මාරුවෙලා බාන්න පටන් ගත්තහමත් වේ අවුල එනව.  මොකද 1:20 කථාව නිසා. ඒ එන්න එන්නම වැඩිපුර බාන ප්‍රතිශතය හෝම් සම්බන්ධතා ගොඩේ වැඩි වෙද්දි වේගය බෙදෙන නිසා. කොහොම උනත් මෙච්චර කල් හොදට තිබ්බ සම්බන්ධතාවල වේගය හුගක් අඩු වෙලා. බැහැයි ටෙලිකොම් අලුතෙන් හැදපු අඩවියෙ විදිහට Home හා Entree පැකේජ වල 50KBps  එනව කියන්නෙ සම්බන්ධතාවය සාමාන්‍යයි. ඒත් ඒකත් නෑ. අනික මේ අයමයි කියන්නෙ Home පැකේජය 1:20 හා Entree පැකේජය 1:1 ratio එකේ කියල. කොහොමද ඒ දෙකේ වේග එක වෙන්නෙ. 1:1 Entree එකේ දෙනව කියනවනම් ඒ වේගයම එන්න ඕනෙ. අනිත් පැකේජත් අලුත් ඒව 1:1 කියනවනම් ඒ වේගම එන්න එපැයි.   අලුත් අඩවියත් මරු. සමහර ඒවට ලින්ක් කරල නෑ.  ඒ වගේම එයාල කියන විදිහට 4Mbps සම්බන්ධතාවය හොදට වැඩ කියන්නෙත්  3.125Mbps වේගයක් ආවොත්ලු (Screen Shot) (Link) . එතකොට ඇයි මෙයාල මේව බොරු වැඩි වේග කියල විකුණන්නෙ. මෙන්න වේග ප්‍රතිපල.

අපේ ගෙදර (කලින් ඉදන් එච්චර හොදක් තිබ්බෙ නෑ)

මිතුරෙකුගේ නිවසේ

කුරුණෑගල නගරයේ

ඩයලොග් Box Office (4Mbps/1Mbps) වලත් කියන්න තරම් හොදක් නෑ.  (4Mbps කිව්වට ගන්න ගිහම ඕක 4Mbps වල සාමාන්‍ය වේගය 2Mbps වලට බහිනව. ) ඒත් මේකෙ වේගය SpeedTest එකකින් අල්ල ගන්න අමාරුයි. මොකද නෙට් එක කොච්චර ස්ලෝ උනත් මෙයාලගෙ ස්පීඩ් ටෙස්ට් හොදට එනව. ඉස්සරනම් වේගය අඩු උනහම ස්පීඩ් ටෙස්ට් එකත් අඩුයි. සමහර වෙලාවට ඩවුන්ලෝඩ් එකට වඩා අප්ලෝඩ් වැඩි. දැන් එහෙම නෑ ස්පීඩ් ටෙස්ට් හරියට එනව. සමහර වෙලාවට Gmail ලෝඩ් කරගන්න බෑ. හෙනට ස්ලෝ වෙනව. බැහැයි බොහෝ වෙලාවට වෙබ් සර්ෆින්ග් වල වේගයෙ ලොකු වරදක් නැ. හැබැයි ඩවුන්ලෝඩ්නම් අන්තිමයි. සාමහර වෙලාවට ටෙලිකොම් Home පැකේජය තරම්වත් එන්නෙ නෑ. කලාතුරකින් 200-300 KBps යන්නෙ. එහෙම උනාට SpeedTest එකයි වෙබ් සර්ෆින්ග් වලයි ලොකු අවුලක් නෑ. ඒත් සමහර වෙලාවට පන අදිනව. මෙයාල ගෙ  ප්‍රචාරය 4Mbps උනාට දැන් ඒකවත් දැන් නෑ. (ස්පීඩ් ටෙස්ට් මෙහෙම උනාට ඩවුන්ලෝඩ් වල වේගය අන්තිමයි)

එයාටෙල් වල මැදියම් රැයින් පස්සෙ බොහෝ වෙලාවට වේගය මරු. ඩවුන්ලෝඩ් වලට ‍එහෙම  කියල වැඩක් නෑ. 

හැබැයි සාමාන්‍ය යෙන් අන්තර්ජාල යන වෙලාව. ඒ කියන්නෙ හවස 7-11 අතර ගන්න දෙයක් නෑ. වෙබ් පිටුවකට යන්න තියා Speed Test එකක් ගන්න බෑ. පට්ට ස්ලෝ. ඒත් FaceBook වැඩ. Youtube වැඩ. සමහර වෙලාවට කොච්චර Refesh කලත් අනෙක් පිටු ලෝඩ් වෙන්නෙ නෑ.  මම ස්පීඩ් ටෙස්ට් කලාම අමුතුම වේගයක් ආවෙ. ඒ ලංකාවට වඩා ඉන්දියාවට වේගය වැඩි.

ටෙලිකොම් සර්වර් සමග

ඉන්දිය සර්වර් සමග

Ping Test

සාමාන්‍යෙයන් ඩවුන්ලෝඩ් හා Facebook ඇරෙන්න වෙන දෙයයක් එයාටෙල් එකේ රෑට කරන්න අමාරැයි. මම භාවිතා කලේ රත්මලානෙ. හැමෝටම මෙහෙම නැතුව ඇති. ඒත් මේ මට තියන අවුල. හැබැයි ඩයලොග් වල කියන්න තරම් අවුලක් දැක්කෙ නෑ.

මම බොහෝ වෙලාවට දුරකථනයෙන් Dialog වලින් වැඩ කරද්දි අවුලක් ආව අඩුයි. ඒත් ඩේට තියනව කියල එයාටෙල් එක දැම්මහම සමහර අවස්ථා වල යන්න බැරි වෙලා තියනව. මොනව උනත් එයාටෙල් වල පෙරගෙවුම් අන්තර්ජාල ලාබ නිසා භාවිතාකලාට එපාම උනා. දැන් එයාටෙල් රු 25 දැම්මහම රු 25 ට ඇමතුම් හා මෙගාබයිට් 100 ත් දෙන නිසා මරු. ඒත් ගුණාත්මක භාවය තමා අවුල. මට 5GB රු 299 පැකේජයක් හම්බ උනා. ඒකෙ කියල වේගයෙ වෙනසක් අපේක්ෂා කරගන්න අමාරුයි. ඒත් හෙටම ඒක දාල බලනව

මොබිටෙල් ගැන කියන්න දන්නෙ නෑ. මම මොබිටෙල් භාවිතයෙන් ඉවත් උනා.  (http://blog.malindaprasad.com/Catagory/telicomunication/mobitel-mobile/)  හැබැයි ඊට මාසෙකට විතර පස්සෙ මොබිටෙල් එකේ පාරිභෝගික නිළධාරිනියක් කථාකරල මගෙන් ඇහුව කොහොම අන්තර්ජාල තත්වය කියල. මගෙ ඒ වෙනකොට අන්තර්ජාල පැකේජ 2ක් තිබ්බ. ඒක නිසා වෙන්න ඇති. මම කීව තිබ්බ වගේමයි කිය. එයාල කිව්ව අපි අප්ඩේට් එකක් කලා. දැන් අවුල හරි ඇති. ආයෙ අප්ඩේට් එකක් ලබන මාසෙ තියනව. එතකොට අනිත්ව හරියයි කියල. අවුලක් තියනවනම් එයාව අමතන්න කීවෙ. ඒත් මම මේ වෙනකම් මොබිටෙල් භාවිතා කලේ නෑ. මගෙ මිතුරන් කීප දෙනෙක් කීව සමහරුන්ට හොදටම අප්සට, සමහරුන්ට හොදා කියල. ඒත් පරික්ෂා කරල බලන්න බැරි උනා.

මේ හැම එකම මොබයිල් අන්තර්ජාල සම්බන්ධතා නිසා ප්‍ර දේශයෙන් ප්‍ර දේශයට වේගය වෙනස් වෙනව. ඒත් මෙයාල තාම පචාරය අරන් යනව. බොරු වේග කියනව. ඉතින් අපේ සමහරු 3.2 ඩොන්ගල් එපා 7.2  ඕනෙ කියනව.

Internet Issue, Very Poor Connectivity on SLT, Airtel & Dialog.

16 thoughts on “Internet Issue, Very Poor Connectivity on SLT, Airtel & Dialog.

  • November 15, 2010 at 12:45 am
    Permalink

    මචෝ මෙහෙටනම් mobitel පට්ටම upset කතා කරල වැඩක් නෑ…. 3.6Mbps ට හම්බවෙන්නේ 0.3 – 1.3Mbps … දැන් මාසෙක ඉදන්ම එහෙමයි

    මට film 1ක් බාන්න පැය 10ක් ගියා කියද්දි ඒ උනාට කියන්නේ කොහොමද?
    http://www.speedtest.net/result/1030260960.png

    Reply
    • November 15, 2010 at 1:41 pm
      Permalink

      ඕක නිසා තමා මම අයින් කලේ. තාම අවුල එහෙමද….

      Reply
  • November 15, 2010 at 9:59 am
    Permalink

    Telecom1 [word Removed by admin] gannai hadanne…
    mamath oke wada kara ADSL section1ma thamai
    ada kale oya eka eka bahubootha natanna giayama Dialog wage aya himita oya customers la bili bagannawa…
    Telecom1 un kiyanne lankawe Telecommunication wala Yodaya eayalalu
    Kathawa aththa…
    Pathaka yodayek Haraha watunama Nagittawannath amarui kiyala munta therenne na
    Issara Wage newei Dana oka duwanne Labe passemai…
    Manpower1 wada karana aya mata agree wei…

    Reply
    • November 15, 2010 at 1:45 pm
      Permalink

      ඒක ඇත්ත. ටෙලිකොම් ඔය සීන් නිසා හුග දෙනෙක් ඩයලොග් වලට ගියා. නමුත් අන්තර්ජාලය ටෙලිකොම් තරම් (ටෙලිකොම් ඒදවස්වල) ඩයලොග් හොද නෑ. වේගය එන්නෙ නැ. බාගයක්වත්
      ඒත් මේකට ටෙලිකොම් අය කියන්නෙ මේක ඩයලොග් වැඩක්ලු. මේ ඩයලොග් කට කථාලු..

      Reply
  • November 15, 2010 at 10:03 am
    Permalink

    ඔය කතාවනම් ඇත්ත..මොබිටෙල් වල 3G signal full තිබුනත් speed එකනම් අන්තිමයි..ගාන අඩු නිසා airtel බාවිතකරනවා ..එකෙත් සැලකිය හැකි වේගයක් නෑ

    Reply
  • November 15, 2010 at 11:02 am
    Permalink

    mchn man colmbo wala, kiwata “malabe” inne, mata kiyanna puluwan da “mobile brodband” walin mona connectin ekada honda kiyala… “prepaid & postpaid” gana kiyannako.k. e wagema “dongale” walin mona ekada honda??

    Reply
    • November 15, 2010 at 1:46 pm
      Permalink

      Postpaid ගන්න කලින් පෙරගෙවුම් සිම් එකක් දාල බලන්න. ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට වේගය වෙනස් නිසා හරියටම කියන්න බෑ. ඒක නිසා පෙරගෙවුම් සිම් දාල වේගය පරික්ෂාකරල බලන්න
      ඩොන්ගල් නම් Huawei තමා

      Reply
  • November 15, 2010 at 6:23 pm
    Permalink

    machan meke ping kiyala tiyenne mokakda?

    Reply
    • November 15, 2010 at 11:17 pm
      Permalink

      ඔය පින්ග් කියල තියෙන්නෙනම් ටෙස්ට් එකක්. ඒකෙන් Ping, Packet Loss හා Jitter වැනි දේ ගනනය කරන්ව. වැඩි විස්තර
      http://www.pingtest.net/learn.php

      සාමාන්‍යෙයන් පින්ග් කරනව කියන්නෙ අපේ පරිගණකයෙ සිට සර්වරයකට හරි වෙනත් පරිගණකයට පැකට් (සංඥාවක් වැනි දෙයක් කීවොත් තේරැම් ගන්න) එකක් යවල නැවත අපේ පරිගණකයට එනවද බලනව. එනවද, එන්න යන කාලය මෙමගින් බලනව

      Reply
  • November 15, 2010 at 9:04 pm
    Permalink

    හ්ම්ම්. මම පාවිච්චි කරන්නෙ ADSL. නමුත් ඒකත් මට හරියට අවුල්. center එකට කි.මී 2ක්වත් නෑ. බානකොට නම් 48-52 වගේ එනව, නමුත් සමහර වෙලාවට browsing නම් පට්ටම ස්ලෝ. 🙁
    HSPA වලට මාරු වෙන්න හිතල, මේ ලඟදි හිතුන, මේ කියන කතා වල හැටියට දැනට යන්තම් හරි හොඳයි කියන්න තියෙන්නෙ ADSL විතරයි කියල. 🙂

    Reply
  • November 16, 2010 at 10:11 am
    Permalink

    HSDPA walata wada ADSL hodayi. 😀 HSDPA wala 1Mb denawa kiwwata enne 100Kbps 😀 ..hikz

    Reply
  • November 29, 2010 at 12:45 pm
    Permalink

    matanam ithin hamadama enne 50 – 55 kBps wage thamai. habai apita exchange eke idala 7km ta wadiya thiyanawa. ADSL aran thawama 1 month wage. habai hamogema slow unu dawas wala mageth slow una

    Reply
  • Pingback: SLT Speed & Airtel හතර බීරි Customer care with Low Priority for Prepaid Users - Malinda's Blog – මාලින්දගේ සටහන

  • December 1, 2010 at 1:28 pm
    Permalink

    Customer Care එක නම් කවදාවත් හැදෙන්නේ නැහැ Airtel එකේ නම්
    නමුත් Prepaid වලට රු. 45 reload කරලා අද Connect වෙලා බැලුවා,
    අනිත් දවස් වලට Brows කරන්න හිතන්නවත් බැහැ නමුත් අද පට්ටම Speed.
    මෙන්න දවල් 1.15 ට ගත්තු Speed Test එක http://www.speedtest.net/result/1052421638.png
    අද රෑට Connect වෙලා Speed Test එකක් අරන් බලන්නම්.

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *