ඔන්න එයාටෙල් එකෙන් අලුත් සිම් එකක් ගත්ත පසුගෙවුම් පැකෙජයක්. රු 299 ට 5GB එකක්. ඒත් දුක කියන්නෙ මේකෙට සිග්නල් ආවට වැඩ කරන්නෙ නෑ.  ඒ පාර ගත්ත පාරිභෝගි සේවයට.
එයාල පොඩ්ඩක් බලල, එයාටෙල් නම්බරය, දෝශ අංකය එහෙම අහල කිව්ව පොඩ්ඩකින් ගන්න සර්, තාම සිස්ටම් අප්ඩේට් එකක් යනවලු. මම ගන්න හැමදාම අප්ඩේට්.
ඊට පස්සෙ මම කීව මම දැනට පෙරගෙව්ම් සම්බන්ධතාවයකින් අන්තර්ජාලයට පිවිසෙනව, ඒකනම් පට්ටම ස්ලෝ, රෑට එහෙම එයාටෙල් සයිට් එකටවත් යන්න බෑ කියල.
ඒ පාර මේ නිළධාරිය කිව්ව සර් පෙරගෙව්ම් වල තියෙන්නෙ 2G සිම් නිසා වේගය අඩුයි කියල.
මම ගත්කටටම කීව එහෙම නෑ. මගෙ HSDPA සම්බන්ධ වෙනව. දැන් ඔය 2G කේ වේගය කීයක් එනවද ඇහුව.
එතකොට සංඛ්‍යාත්මක අගයක් කීවෙ නෑ. අඩු 2G වේගයක් තමාලු එන්නෙ. මෙයා මේක මොන පදනමේ ඉදන් කීවද දන්නෙ නෑ. මාර 2G සම්බන්ධතාවයක්.  ඒත් මට 3Mbps ආව වෙලාවලුත් තියනව (උදේ 3ට විතර http://www.speedtest.net/result/1021164683.png).
මම කීව මට හොද වේගවල් ඇවිත් තියනව, මේක රෑට විතරයි කියල.
ඒකට පිලිතුරක් වශයෙන් මෙයා කීවේ සර් නෙට්වර්ක් එකේ ලෝඩ් එක වැඩී ඇති. මුලින් ඇමතුම් වලට මුල්තැන දිල තමා Data වලට තැන දෙන්නෙ, එහෙම උනහම ස්ලෝ කියල.
මම කීව මේක හැමදාම මෙහෙම තාමා කියල. එතකොට කියනව, සර් පෙරගෙව්ම් වල ඔහොම තමා. හැබැයි ඔබතුමා පසුගෙවුම් Broadband පැකේජයක් ගත්තොත් මේ අවුලක් නෑ, හොදට යන්න පුලුවන් කිවල.
ඒ ගත්ත කියලත් ලොකු වෙනසක් තිබ්බෙ නෑ. රෑ 8ට විතර  150Kbps උපරිම ආවෙ. රෑ 10ට විතරනම් හෙන අමාරුවෙන් Speed Test එකක් ගත්තෙ. හැබැයි සයිට්නම් ලෝඩ් වෙනව. මොකද පෙරගෙවුම් එකේ සයිට් එකක් ලෝඩ් කරගන්න බෑ. Facebook , Google විතරයි. අනිත් එකක්වත් බෑ.  ඒත් මේකෙ එහෙම අවුලක් නෑ. හිමින් හිමින් අමාරුවෙන් ලෝඩ් වෙනව. පෙරගෙව්ම් තරම් නවතින්නෙ නෑ. හැබැයි හැම එකම ලෝඩ් වෙන්නෙත් නෑ. F5 පිහිටෙන් තමා ලෝඩ් කරගන්නෙ
SLT Servers (රෑ 8ට  විතර)
SLT Server රෑ 10 ට විතර
*වෙන Speed Test ගැනීමට නොහැකි විය. ඒ තරම්වත් වේගයක් රෑ 10ට නෑ. කලින් ලංකාවෙ සර්වර් වලට වඩා ඉන්දියාවෙ හොද වේගයක් පෙන්නුවට මේ පාර ඉන්දියාවට ලගාවීමටවත් බැරි උනා
රෑ 8ට විතර
රෑ 10ට විතර
හවස මෙයාලගෙ සිස්ටම් අප්ඩේට් එකක් නිසා මම රෑ වෙලා ගත්ත 555ට, එතකොට ඒ කෙනා දෙමල සිංහලෙන් කථා කලේ. එයා කීවෙ වෙන කථාවක්. සර් මේක පෙරගෙව්ම් පාරිභෝගික සේවය, සර් එයාටෙල් නොවන ජංගම දුරකථනයකින් 075 555555 ට අමතන්නලු. මාර පාරිභෝගික සේවයක්නෙ. පසුගෙවුම් වෙලත් වෙන ජාලයක එකකින් ගන්න ඕනෙ. (toll free නම් කමක් නෑ). ගත්ත වෙන එකකින්. ඒ පාර කිව්ව සර් සම්බන්ධතාවයෙනම් අවුලක් නෑ. Mobile Partner Uninstall කරල අලුතෙන් දාන්න, Profile එක හදද්දි APN එක Airteldata කියල දෙන්න කීව. දැන් තමා ඒක කියන්නෙ. මම කලින් ඇහුව APN එක, මුලින්ම කථා කරපුවහම, මෑන් කීවේ Airtellive කියල. මාර පාරිභෝගික සේවයක්. මම Mobile Partner Uninstall කලේ නෑ. APN වෙනස් කලා. ඒ පාර වැඩ. හැබැයි තාම භාවිතය බලාගන්න දන්නෙ නෑ
මේකේ පාරිභෝගික සේවයත් අන්තිම අන්තයි. එක එක අය කියන්නෙ එක අක ඒව. සමහරු දෙමල සිංහලෙන් කථා කරනව. මරු සේවය. ඉන්දියා නිසා වෙන්න ඇති
තව මරු කථාවක් කීව මේ පලවෙනියෙන් කථා කරපු කෙනා. මම ඇහුව මේකෙන් SMS යවන්න බැයිද කියල (අන්තර්ජාල සම්බන්ධතාවයෙන්). මෙයා කීව සර් ඔය සිම් එක Data විතරයි, ඒක නිසා කෙටිපණිවිඩ බෑ කියල. (එයාටෙල්ලගෙ SMS වැඩ කරන්නෙ Data විදිහට නෙවේ වෙන්න ඇති)
ඒත් මම නිකමට යවල බැලුව. මෙන්න SMS යනව. හැබැයි මේකෙන් ඇමතුම ගන්න බෑ. ඒත් ඩයලොග්, මොබිටෙල් ඒවගෙ පාරිභෝගික සේවය, ගිණුමේ ශේෂය වගේ බලාගන්න පුලුවන්. මේ සිම් එකේ ඒවවත් බෑ.
සේවවනම් කියල වැඩක් නෑ. ගන්න අපිට ගහන්න ඕනෙ

Ping එකත් 900ට වඩා වැඩි රෑ 10ට විතර. 8ට වැති 600ක් විතර. මරු සම්බන්ධතාවය.. මෙහෙම සම්බන්ධතා ඉන්දියාවෙ විකුණන්න බැරි නිසාද දන්නෙ නෑ ලංකාවට විකුණන්නෙ.. එහෙමත් තියන් අපේ අය තමා 7.2Mbps ඩොන්ගල් හොයනවනෙ

හැබැයි ටෙලිකොම් මේ ටිකේ අන්තිම අප්සට් උනාට දැන් දින කීපයක ඉදන් හොද වේගයක් එනව. මෙයාල මොනව හරි කරල වගේ. ඉස්සර මට 400Kbps වලින් උඩ  ආවෙ කලාතුරකින්. ඒත් දැන් එක දිගට එනව

ඉස්සර වේගය (පැරණි ලිපියෙන් http://blog.malindaprasad.com/?p=951 )

දැන්

*Connection 1කින් බාගත කිරීමක්. ඉස්සර Connection 16 ක් යෙදුවත් මේ වේගය ආවෙ නෑ

Update

උදේට 7.30ට වේගය

SLT

*ලංකාවට වඩා ඉන්දියා සර්වර් සමග පරික්ෂා කිරීමේදී හොද උඩුගතකිරීමේ වේගය හා Ping එකක් ලැබුනි

SLT Speed & Airtel හතර බීරි Customer care with Low Priority for Prepaid Users

39 thoughts on “SLT Speed & Airtel හතර බීරි Customer care with Low Priority for Prepaid Users

  • November 30, 2010 at 11:03 pm
    Permalink

    “සේවවනම් කියල වැඩක් නෑ. ගන්න අපිට ගහන්න ඕනෙ“ when we meet I’ll do that 😀

    anyway this is same for all mobile broadband 😛

    looks like duplicated the text in the post, it could because of AirTel LOL

    Reply
    • November 30, 2010 at 11:18 pm
      Permalink

      අම්මෝ ගහන්නන්ම් එපා…
      ඔව්. මම NotePad එකේ Type කරල WP එකේ Edit කලේ. ඒකයි Duplicate. ඒක හැදුව.
      Thankx…

      Reply
    • December 1, 2010 at 7:54 am
      Permalink

      ලාබ නිසා තමා ගත්තෙ. මම රත්මලානෙ. එහාටනම් එපාම වෙනව Prepaid.

      Reply
  • December 1, 2010 at 1:51 am
    Permalink

    ඒ අතින් බලද්දි මගේ මේ මොබිටෙල් කනෙක්ශන් එකට උදේ හවා මල් තියල වඳින්න ඕන. මේකෙ නං 90% වෙලාවට 1MBps එනව. කලාතුරකින් වැඩ කරන්නෙම නැති අවස්ථාත් නැතුවම නෙමේ. ඒත් මට නං සතුටුදායක සේවයක් ලැබෙනව. ඩයලොග් ගැන නං කතා කරන්න එපා. මම මීට සතියකට විතර කලින් මට වීඩියෝ ටියුටෝරියල්ස් ටිකක් බාන්න ඕන නිසා මගේ ප්‍රී පේඩ් සිම් එකට රු:150 රී-ලෝඩ් කරල 100 පැකේජ් එක දාගත්ත. කිව්වට විශ්වාස කරන්ඩ පැය පහටම මට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වුනේ 63.48MB. මීට කලින් හොඳට තිබ්බ. දැන් නම් ගන්න දෙයක් නෑ. මේක බලන කෙනෙක්වත් ඩයලොග් ප්‍රී පේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න නම් එපා. මේ පහල තියෙන්නෙ මම මේක ලියන වෙලාවෙ ගත්ති මොබිටෙල් කනෙක්ශන් එකේ ස්පීඩ් ටෙස්ට් එකක්.

    Reply
    • December 1, 2010 at 9:13 am
      Permalink

      මමත් mobitel use කරන්නෙ ඒත් බන් මටනම් 0.25Mbps speed 1ක් වත් එන්නෙ නෑ එකම එක දවසක් 1.8Mbps 1ක් පැය 2කට විතර ආව ඒ තමයි මට එන මොබිටෙල් උපරිම වේගය…

      Reply
    • December 1, 2010 at 7:58 am
      Permalink

      මේ ගනම් දිගටම එනවනම් නියමයිනෙ. මම මොබිටෙල් අයින් කලා. කලින් භාවිතා කරන කාලෙ පට්ට ස්ලෝ එකක් තිබ්බෙ.
      http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/
      http://blog.malindaprasad.com/2010/03/05/mobitel-cant-use-for-emergency-why-i-use-mobile/
      ඒත් දැන් කොහොමද දන්නෙ නෑ. ලගදි භාවිතා කලේ නෑ

      ඒත් ඩයාලොග් එකෙන් මම රු 50 පැකේජය දාල ගිගාබයිට් 2 ක් විතර බෑව. මටනම් ඩයලොග් ආව වේග හොදා. මේව මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් නිසා ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට වෙනස් වෙන එක සාමාන්‍යයයි

      Reply
      • December 1, 2010 at 11:22 am
        Permalink

        මචෝ දැන් නම් සිරාවටම මොබිටෙල් එලට වැඩ කරනව බොරු කියන්න ඕන නෑ මට මේ දැනුත් 1MBps ඩවුන්ලෝඩ් වේගයක් එනව. මේ පහල දාල තියෙන්නේ එකේ රිසල්ට් එක
        http://www.speedtest.net/result/1052327973.png

        රු: 50 එක දාල 2GB බෑව කිව්වම මාව උඩ ගියා. ඇයි දෙවියනේ මම 100 එක දාල පැය 5ටම බෑවෙ 63MB කිව්වම. එහෙම අපිට වෙන අසාධාරනයකදි පැමිනිලි කරන්න තැනක් නැද්ද.

        Reply
        • December 1, 2010 at 12:56 pm
          Permalink

          TRC එකට තමා කියන්​න වෙන්නෙ. එයාල ඒ වෙනුවෙන් වෙනමම සේවයක් ආරම්භ කරලලු. මේ වගේ වේගයක් එනවනම් මරු. ඔයා ඉන්නෙ කොහෙද?

          Reply
        • December 10, 2010 at 12:12 am
          Permalink

          මචන් රු 100 එකට FUP තියනව,Dialog prepaid නම් රු 50 තමා නියම මම රත්නපුර ඉන්නෙ 250KBps – 450KBps දක්වා speed එකක් තියනව

          Reply
    • December 1, 2010 at 3:59 pm
      Permalink

      ඔයා ඉන්න පැත්තට එකම විදිහට ඔය වේගයම එනවනම් මරු. ඒත් හැමෝටම එහෙම නෑ. එයාල අප්ඩේට් කලා කිව්වෙ ඕව වෙන්න ඇති

      Reply
  • December 1, 2010 at 9:02 am
    Permalink

    **ටෙල් ඉස්සර ‍මාර Speed පස්සේ slow උනා මම උන්ට කිවාම කියන්නේ මේවා

    වයිරස්ගාඩ් මකලා යන්න
    පි.සි එකේ අප් ඩෙට් වෙන මොනවහරි තියෙනවනම් මකන්න.
    සර්ගේ සෙටින් පරන වෙලා මම ඇහුවා එහෙම පරනත් වෙනවද කියලා එතකොට උන් කියනවා පැය 2 එක දිගට නෙට් හිටියාම සෙටින් පරන වෙනවලු අනේ මෙහෙමත් ගොන් කතා
    2ජි වලටලු මුල් තැන ඉන්ටනෙට් යන්න 3ජි පැකේජ් ඔනෙලු
    3ජි ගත්තාම කියනවා පැකේජ් කියන්නේ කොම්පැනියෙන් නයට ඉන්ටනෙට් යනවා වගෙනේ එක නිසා අපි මුල් තැන දෙන්නේ පෙර ගෙවුම් වලට එවාගෙන් උත්සහ කරනවද

    සමහර වෙලාවට පැමිනිලක් දානවා එතකොට සතියක් ඉන්න කියනවා (පැමැනිලි අංක දෙනවා) කෝපැනියෙන් මට කොල් කරයි කියලා කියනවා මම සතියක් බලන් ඉදලා සතියකට පස්සේ ගන්නවා එතකොට කියනවා කොම්පැනියෙන්මට ගත්තලු මම Phone Off කරලලු හිටියේ අය පැමිනිලක් දානවා තව සතියක් ඉන්න කියනවා. එකට වෙන Countac No දෙන්න කියනවා මම ගෙදර No දෙනවා එකට එයාටෙල් ගන්නවා හැබැයි එහෙම ගත්තාම උන් කියනවා මේක සල්ලි කැපනවා මහත්තයෝ මම මහත්තයාගේ එයාටෙල් No ගන්නද කියලා ඉතින් Dongel එකට කොල් ගන්න පුලුවන්ද රාජ්‍ය ආයතනයක් වගේ මුන්ගේ වැඩ ඉන්දියාවේ මේවා විකිනෙන්නේ නැතිව ඇතිඑකයි ලංකාවට අවේ මර මගුල

    Reply
    • December 1, 2010 at 10:04 am
      Permalink

      *අපි මුල් තැන දෙන්නේ පෙර ගෙවුම් වලට
      මට කීවෙ මේකෙ අනිත් පැත්ත. ​උල තින්න එපැයි.

      *මේක සල්ලි කැපනවා මහත්තයෝ මම මහත්තයාගේ එයාටෙල් No ගන්නද කියලා

      ෂ.. Telecom ආයතනයක් කියන කථාද මේ…
      දුකථනයට ගන්න බැරි උනනානම් කෙටිපණිවිඩයක් දාන්න එපැයි.
      මෙහෙම තියාගෙනන මේ අය TRC එක්ක නඩු කියන්න යන්නෙ

      Reply
      • December 1, 2010 at 10:19 am
        Permalink

        එක තමයි උන් මහ අන්තිමයි හැම ඔකුන්ට බැනලා අත අරින්න ඕනේ නැත්තම් අපිත් මෝඩයෝ ගානට වැටෙනවා ඔහොම කතා අහලා තිබ්බාම බායි

        Reply
        • December 1, 2010 at 12:53 pm
          Permalink

          නිකන් මොකට ලේ පුච්ච ගන්නෙ. එවුන් බැනුම් අහන්න තරම්වත් තේරුමක් තියන අය නෙවේ වගේ

          Reply
      • December 10, 2010 at 12:16 am
        Permalink

        Customer care num ithin Dialog thama mama Airtel eke unta palu yanna banala thama Ayemath dialog walata maru une Voice wath hariyata denna baruwa mona Data dha

        Etisalat 3G langadi dena ekak nadda ?

        Reply
        • December 10, 2010 at 11:21 am
          Permalink

          ලබන වසරෙ මුලදි දෙන කථාවක් තියනව. එයාල දැන් Blackberry දීල 3G නැතිවෙන්න බෑනෙ

          Reply
  • December 1, 2010 at 9:51 am
    Permalink

    (ඔන්න එයාටෙල් එකෙන් අලුත් සිම් එකක් ගත්ත පසුගෙවුම් පැකෙජයක්. රු 299 ට 5GB එකක්)

    මේ Package එක(රු 299 ට 5GB) Airtel දෙනඑක නවත්වල තිබුණ නේද?
    දැන් ආපහු දෙනවද?

    Reply
    • December 1, 2010 at 11:21 am
      Permalink

      නෑලු. හැබැයි පොඩ්ඩක් හොයල බැලුවොත් ගන්න බරි නෑ. නවත්වල කීවට දෙනව.

      Reply
  • December 1, 2010 at 3:06 pm
    Permalink

    airtel ගැනනම් කතා කරලා වැඩක් නෑ..මට හිතෙන විදිහට windows වලින් net log වෙනවට වඩා ටිකක් හොද වේගයකින් ubuntu වලින් net log වෙන්න පුලවන් වගේ…මේක ඉතින් ඉතින් හරිද දන්නේ නෑ… උදේටනම් ටිකක් හොද speed එකක් එනවා මං පැය 2.30 ෆිල්ම්(700MB) එකක් බාගන්නවා

    Reply
    • December 1, 2010 at 4:01 pm
      Permalink

      එහෙමවත් එනවනම් හොදා. හැබැයි මම ලොකු ඩවුන්ලෝඩ් එයාටෙල් එකෙන් කරල නෑ. පොඩි ඒව කරද්දි ඒව හොදට ඩවුන්ලෝඩ් වෙනව. සර්ෆින්ග් තමා අවුල. ඒත් Fb වැඩ

      Reply
  • December 1, 2010 at 5:02 pm
    Permalink

    මේ පෑකේජ් එක ගන්න පුලුවන් ක්‍රමයක් කියනවද(5gb300ට)

    Reply
    • December 1, 2010 at 8:48 pm
      Permalink

      පොඩ්ඩක් කැම්පස් වලට Promotion දෙන්න එන අයගෙන් අහල බැලුවනම් බැරි වෙන එකක් නෑ

      Reply
  • December 1, 2010 at 9:23 pm
    Permalink

    My Dialog HSPA speed in little away from Kandy

    Reply
  • December 1, 2010 at 9:30 pm
    Permalink

    My Dialog HSPA speed around Kandy area . It gives 2 Mbps of download speed to Mumbai server.

    Reply
    • December 1, 2010 at 9:42 pm
      Permalink

      මටත් ඩයලොග් හොද වේගයක් ආව. කලින් ලිපියෙ ඒ ගැන දාල තිබ්බ.
      ඒත් ඔයා දාපු Speed Test එකේ ලින්ක් එක ඇවිත් නෑ

      Reply
      • December 1, 2010 at 9:57 pm
        Permalink

        No other network gives a good speed in our area. I don’t have Airtel 3G coverage & for Mobitel, I didn’t get a speed than 640 kbps. But, it’s in September. I don’t use Mobitel now & don’t know the current status.

        Reply
  • December 30, 2010 at 12:36 pm
    Permalink

    well said bro.. i too had same experince with Airtel..
    Airtel sux…

    Reply
  • January 21, 2011 at 9:32 pm
    Permalink

    SLT eke home package eke speed down karana seen eka attada?? usually 30GB witara download karanawa… case ekak weida???

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *