මීට මාස කීපයකට කලින් ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා සමහරකගෙ සේවා විවිධ සීමාකිරීම් වලට ලක් වුනා. මාසික භාවිතය අනුවයි එසේ වුනේ. ඇත්තෙන්ම සීමා කිරීම් කියන්නෙ විඩිපුර භාවිතා කරන අය එකතු කරල වෙනමම Group එකකට දාල 1:20 ට ඒ අයට Bandwidth එක වෙන් කරල. එතකොට හැමෝම වැඩිපුර භාවිතා කරන නිසා හුගක් ස්ලෝ.
ඒත් දැන් එහෙම ගැටලුවක් නෑ. මගේ යාලුවෙක්ගෙ Home සම්බන්ධතාවයටත් ඔය FUP එක බලපෑව නිසා සයිට් එකකට යන්න බෑ. ඩවුන්ලෝඩ් බෑ. ඒත් ටොරන්ට් වැඩ ගින්දර වගේ. ඒක නිසා මිනිහ දාගෙන ටොරන්ට් බානව. තියන තරහටත් එකක් යාලුවන්ගෙ ඒවත් බානව.
කෙසේ වෙතත් අප්‍රේල් පලවෙනිද, අපේ දවසෙ මමත් ගියා මේ යාලුවගෙ ගෙදර. ඉස්සර තිබ්බ අවුල තිබ්බෙ නැ. වෙබ් අඩවි හොදින් ලෝඩ් උනා. ඩවුන්ලෝඩ් හොද වේගයකින් ආව.
ඒත් මෙයා ගිය මාසෙ (මාර්තු) 51GB ට වඩා බාගත කරල තිබ්බ Home සම්බන්ධතාවයකින්. මම SLT අඩවියෙන් තමා භාවිතය පරික්ෂා කලේ. මොනව උනත් එහෙම තත්වයක් උඩ මේ වගේ වේගයක් එනව කියන්නෙ දැන් ඒ අය ගැටලුව නිරාකරනය කරල වගේ. නැත්තම් වැඩිපුර භාවිතා කරන කට්ටිය වැඩි වෙලා. එතකොට ඒ කණ්ඩායමේ පිරිස වැඩි වෙනවනෙ.
මෙනව උනත් දැන්නම් ඉතින් ටෙලිකොම් තමා
මේ පහත වේගයන් තියෙන්නෙ කලින් FUP එක නිසා දුක් විදපු සම්බන්ධතාවයක. 512Kbps Home සම්බන්ධතාවයක්. ඒත් 512Kbps = 64KBps ට වඩා වැඩි වේගයක් එනවම සමහර සර්වර සමග





Download



ඇත්තටම දැන් මාස දෙකක විතර ඉඳන් මේ වගේ මාර ස්පීඩ්. හැම වෙලාවකම දැන් උපරිම වේගය තියනව. දැන්නම් SLT ගැන හරිම සතුටුයි… 😀
us sever indian sever kiyna monwada ban apita ana mona sever akinda
US, India කියන්නෙ අපේ පරිගණකයේ සිට සම්බන්ධ වෙලා වේගය පරික්ෂා කරන්න යොදාගන්නා පරිගණකය/සර්වරය තිබෙන රට. අපිට වේගය නිකම්ම පරික්ෂා කරන්න බෑනෙ. යම් පරිගණකයක සිට ගොණුවක් බාගත කරල හා උඩුගත කරල ගතවන කාලය අනුව තමා වේගය තීරණය කරන්නෙ. ඒ වේගය බොහෝ වෙලාවට රටින් රටට වෙනස් වෙනව. ඒ අපිට සේවාසපයන සමාගමේ තියන සම්බන්ධතා මත. ඒකයි විවිධ සර්වර සමග කලේ
torrent සහ download කරන ෙකාට නම් පට්ට සපීඩ්. ඒ වුනාට web pages load ෙවනවා ෙහාරයි.
මටත් ඔය වැඩෙ වෙල තිබුන .
හොදින් කතාකරල බැලුව හරිගියේ නැහැ ඊලගට නරකින් කතාකරල බැලුව ඒත් හරි ගියේ නැහැ
ඊලගට ඉතින් කරන්නම දෙයක් නැතිනිසා වෙනදටත් වඩා ටොරන්ට් බැව
දැන්නම් හරි ගිහින් 😀
මම නම් කරන වැඩ වලට slt නැතුව බෑ..unlimited තියෙන්නෙ slt වල විතරයි නේද?? කෙහොමත් slt වල ස්පිඩ් නම් දවසේ කොයි වෙලාවෙත් ගොඩක් හොදයි..
ow den SLT nam hodai eth mobitel ehemanam ganda deyak nee dial up wagee
koheda mee Airtel karayoo kurunegalata 3g denne nee ne