අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසදුම් සොයාගත්ත ආකාරය ගැනයි මේ සටහන

මම කුරුණෑගල ඉදන් කිලෝමීටර 4 ක් දුරින් ඉන්නෙ. අපේ ගෙදරට Mobitel, Dialog වලින් ටවර් 4-5කට වඩා සිංග්නල් එනව. ඒ නිසා එකකින්වත් හරියට නෑ. මේකට mobitel ගෙවල් හරියෙ කුලුණක් ගැහුව. ඒත් හිතුව තරම් සාර්ථක නෑ. මේ හරියෙ ඉන්න මොබිටෙල් පාරිභෝගිකයින් ගාන වැඩී. ඉන්ටර්නෙට් මාර ස්ලෝ.
ඒක නිමා ඩයලොග් ගත්ත. ඒකෙ සිංගනල් ගෙදරට නැති ගනම්. ජනේලෙක E220 ඩොන්ගල් එක එල්ල තමා යන්නෙ. එතකොට හොදට තියනව. ඒත් මෙහෙ එල්ල යදිද් අපිට ලැබෙන සංග්නල් ඉතා අඩුයි. ඒ නිසා ඩොන්ගල් එක උපරිම ශක්තියක් යොදවල තමා සම්බන්ධ වෙන්නෙ. ඒක නිසා හොද විදුලියක් මේ ඩොන්ගල් එක ගන්නව. හොදට රත් වෙනව.
මේ විදිහට මම HSDPA විතරක් තියන E220 භාවිතා කරද්දි ඒකෙ කේබල් එක කැඩුන. මම වෙන කේබල් එකකින් ගැහුව. රත්මලානෙ ඉද්දි හොදාට වැඩ. ගෙදර ආවම නිතර විසන්ධි වෙනව. ටිකක් පරික්ෂා කරල බලද්දි තමා මීටර් උනේ රත්මලානට වඩා මෙහෙ සිංගනල් අඩු නිසා ගන්න විදුලිය වැඩි. ඒ අලුත් කේබල් එකෙන් ඕනෙ විදුලිය යන්නෙ නෑ ඩොන්ගල් එකට. එහෙම උනහම ඩොන්ගල් එකේ ලයිට් එක ඕෆ් වෙනව. ආයෙ ඒක රීස්ටාට් වෙනව. ඒක නිසා Disconnect වෙල නැවත පරිගණකය හා සම්බන්ධ වෙනව.
ඒකට පිලියමක් ලෙස් හොද වයර් එකක් දාල Laptop එකේ වැඩි විදුලියක් එන E-Sata Port එකට ගැහුව (ඩෙස්ක්ටොප් පරිගණකයකනම් පිටුපස USB හොදා ඉදිරිපසට වඩා). දැන් හොදට වැඩ. මේක කරගන්න අමාරුනම් Y Cable තියනව ගන්න.ඒකෙන් USB පෝට් දෙකක විදුලිය එකතු කරල ඩොන්ගල් එකට දෙන එක කරන්නෙ

ඒ විදිහට භාවිතා කරද්දි මට හෙන කාලෙක ඉදන් හිතේ තිබ්බ HSUPA තාක්ෂණත් භාවිතා කරන්න ඕනෙ කියල හිතුන. ඒ මම ගෙදර ඉද්දි නිතර වීඩියෝ කෝල් ගන්න නිසා හොද කොලිටියක් තියෙන්න ඕනෙ නිසාත්
ඩොන්ගල් කඩ වලින් මේව අහද්දි ඒ අය දන්නෙ 3.6 ද 7.2 ද කියන්න විතරයි. ඩයලොග් එකෙන් ඇහුව. එහාට මෙහාට දාල විස්තර හොයගන්න බැරිඋනා. Etisalat Site එකේ තියන ඩොන්ගල් සමහරක HSUPA තියන නිසා ඇහුව. ඒ අය දන්නෙ නෑ ඒ මොකක්ද කියලවත්. මොනව කරන්නද E173 ගැන හොදට හොයල ගත්ත ඒකක් Etisalat එකෙන්. අරන් අන්ලෝක් කරල දැම්ම Dialog එක. අපරාදෙ කියන්න බෑ. ගෙදරට සිග්නල් නෑ. ඉදල හිටල ගන්නව E220 තරම්ම සිග්නල්. ඒත් ඒකෙන් සම්බන්ද උනාට Upload Download මුකුත් යන්නෙ නෑ

අර E220/E169 HSDPA සමග හොදට වැඩ කලාට මේකට එහෙම වැඩ කරන්නෙ නෑ. ඒක නිසා සිංගනල් අඩු පැති වල ඉන්න අය HSPA ගන්නවට වඩා HSDPA ඩොන්ගලයක් ගන්න එක හොදා. HSDPA පමණක් තියන E1150, e220, E169 හොදට වැඩ කරලා HSUPA තියන E173 වැඩ කලේ නෑ.
මේ වැඩ නැති එක රත්මලානෙදි හොදට වැඩ. Upload එක 1.5Mbps පන්නල එනව


වීඩියෝ කෝල් හොද Quality
අලුත් E173, E153 වගේ ඩොන්ගල් එකක් Wireless Card එකකුත් ස්ථාපනය වෙනව. අර E220 එකට වඩා Detect කරනව එහෙම හොදා. ඒවගේම WiFi වගේ Network එකේ Singnal, නම වගේ විස්තර Wifi වලට යටින් Mobile Bradband පෙන්වනව. ඒකට මම හරි කැමති. mobile Partnet නැතිව සම්බන්ධ වෙන්න පුලුවන්. ඉස්සර වගේ ඉදල හිටල Error එන්නෙ නෑ. Pin එකක් උනත් දාන්න පුලුවන්. APN හදන්නත් පුලුවන් Windows වලින්

Etisalat දෙන Mobile Partner එකත් Dialog දෙන එකත් අලුත්ම Version. Linux වලටත් එකක්මයි එන්නෙ. History හිටන් Save වෙනව. හුගක් හොදා.

හැම විසන්ධි වීමක්ම අවසානයේ Statistics පෙන්වනව

ඒ වගේම incomming Call පෙන්වනව (Dongle එක සහය දක්වන නිසා)

කෝල් ගන්න පුලුවන්


කෝල් අරන් හොදට කථාකරන්න පුලුවන් (ඉස්සර සමහර ඩොන්ගල් වල කෝල් ගත්තට කථාකරන්න බෑ)

Videoකෝල් ගන්නත් පුලුවන්ලු. ඒත් Mobile partner එකෙන් ඒක සක්‍රිය කරගන්න ඕනෙ

වැඩිදුර

Boost HSDPA & WiFi Signal – HSDPA හා WiFi සිග්නල් වැඩිකරමු

Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

36 thoughts on “Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

  • August 18, 2011 at 6:40 am
    Permalink

    මටත් සිග්නල් අඩුයි. 3m දිග කේබල් එකකින් ඩොංගල් එක සම්බන්ධ කරල තියෙන්නෙ (E153) ඒත් පැය 3ක් විතර යනකොට ඩිස්කනෙක්ට් වෙනව. ඔයා කීය විදියට Y කේබල් එකක් දාල බලන්න ඕන.

    Reply
  • August 19, 2011 at 4:02 pm
    Permalink

    මම නම් පාවිච්චි කරන්නේ සෝනි එරික්සන් කේ600 කියන ‍‍‍පෝන් එක. දැනට අ.වු. 5ක් විතර කාලයක් පාවිච්චි කරා. ඉදිරියටත් කරාවි. දෙයියනේ කියල UMTS වලින් 30-50 කේ.බී. විතර එනවා. යාලුවන්ගේ ඩොන්ගල් දෙක තුනක්ම ගෙනන්ල බැලුවට පෝන් එකට තරම් ඒවට සිග්නල් එන්නෙ නෑ.

    Reply
  • August 25, 2011 at 9:08 pm
    Permalink

    මටත් සිග්නල් අඩුයි. MOBITEL WCDMA තිබිලා EDGE වලට මාරැවෙනවා. ඩිස්කනෙක්ට් වෙනව.
    ඩොන්ගල් එක හොදට රත් වෙනව. ඔයාගෙ බ්ලොග් එ​​​කේ දැකලා මම ඊයේ යුනිටි එකේ Y කේබල් බැලුවා. ඒත් ගොඩක් තැන්වල තියෙන්නෙ USB EXTENTION CABLE විතරයි. එක තැනක තිබුන කේබල් එකේ USB MINI PORT එකක් තියෙන්නෙ. (500/=) මම පාවිව්ව් කරන්නෙ HUAWEI E1550. ඒකට හරියන්නෙ නැහැ. ඔයා පළවෙනි රෑපෙ පෙන්නල තියෙනවා වගේ HUAWEI E1550. එකට හරියන Y CABLE ගන්න තියෙන්නෙ කොහෙද? External power supply දෙන USB HUB (Imation PCU 500 වගේ) එකකින් ඔය කියන විදියට ඩොන්ගල් එකට විදුලිය දෙන්න පුලුවන් නේද?

    Reply
    • August 30, 2011 at 3:28 am
      Permalink

      ඒ කේබල් පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. Ebay වගේ බලන්න.
      Hub වලින්ම් දෙන එක එතරම් සාර්ථක නෑ. ඒත් සමහර හබ් තියනව External Power ගහන්න පුලුවන් ඒව. ඒවනම් හොදා

      Reply
  • August 25, 2011 at 10:07 pm
    Permalink

    cable tiyena tenak tiyenawada???

    Reply
  • Pingback: Before Get Internet Connection, Think About Your Requirement and Current Situation - Malinda's Blog – මාලින්දගේ සටහන

  • August 30, 2011 at 2:58 am
    Permalink

    එතකොට Huawei E160G එක කොහොමද?

    Reply
    • August 30, 2011 at 3:32 am
      Permalink

      E160 එකේ HSUPA නම් නෑ. කෝල් ගන්න පුලුවන්ද කියන එකනම් බලන්න වෙනව

      Reply
      • August 30, 2011 at 11:32 pm
        Permalink

        Voice Disable තියෙන්නෙ Enable කරන්නෙ කො‍හොමද?

        Reply
        • August 31, 2011 at 12:54 am
          Permalink

          මොඩම් එක සහය දක්වනවනම් DC-Unlocker වගේ මෘදෘකාංගයකින් පුලුවන්.
          ඒවගේමයි Voice Enable කලාට මදි. ඒකට හරියන Dashboard එකක් ඒ කියන්නෙ Mobile Partner Version එක හොයාගන්න ඕනෙ

          Reply
        • August 31, 2011 at 12:54 am
          Permalink

          ඒක ගූගල් වලින් ලේසියෙන් හොයාගන්න පුලුවන්

          Reply
        • September 7, 2011 at 1:31 am
          Permalink

          ඒක කරන හැටි කියලා දෙනවද?

          Reply
      • September 7, 2011 at 2:17 am
        Permalink

        http://www.dc-unlocker.com/forum/showthread.php?t=1517

        තියන විදිහට කරන්න
        DC-Unlocker බාගත කරන්න ඒතන ලින්ක් ඒක තියනව
        ඊට පස්ෙස
        User name: free
        Password: voice
        භාවිතා කරල ලොග් වෙන්න

        ඒකෙ තියනව Activate Voice

        Reply
        • September 7, 2011 at 11:50 pm
          Permalink

          Insufficient credits! කියල වැටෙනවා

          Reply
  • August 30, 2011 at 3:01 pm
    Permalink

    මාලි…මගෙ තියෙන්නෙ ඩයලොග් එකෙන් දෙන HSDPA(MF-100) ඩොන්ග්ල් එකක්.call facility එක එකෙ නෑ.වෙන software එකකින් මට ඒ facility එක ගන්න පුලුවන්ද?මේක අන්ලොක් කරලා පුලුවන්ද?

    Reply
    • August 31, 2011 at 12:33 am
      Permalink

      ZTE ගැනනම් මචන් කියන්න අමාරුයි. Huawei සමහර මොඩල් වල Mobile Partner එකෙන් Voice Enable කරන්න පුලුවන්. ඒත් කෝල් එක ගියාට මුකුත් ඇහෙන්නෙ නෑ. අන්ලෝක් කලා කියල මචන් වෙන සිම් දාන්න පුලුවන් වෙන එක විතරයි වෙන්නෙ. අනිත් සේවා තියනව. Voice වලට දන්න විදිහට Hardware + Firmware එකෙන් සහය දක්වන්න ඕනෙ.

      Reply
  • September 7, 2011 at 2:12 am
    Permalink

    මං මගෙ (E160G) ඒකෙ firmware Update කරා ඊට පස්සෙ Network එකේ Wifi වගේ Wifi වලට යටින් Mobile Broadband පෙන්වනවා

    Reply
    • September 7, 2011 at 2:18 am
      Permalink

      ෂ..මරුනෙ
      මම මගෙ තිබ්බ E169, E1550, E220 වල කරල බැලුව. හොයාගන්න පුලුවන් අලුත්ම Firmware දාල. හරිගියෙ නෑ.

      Reply
  • September 9, 2011 at 10:07 pm
    Permalink

    MF 100 unlook karanne kohomada.

    Reply
  • September 23, 2011 at 8:24 pm
    Permalink

    අනේ priyanthaමගෙ තියෙන්නෙ E 160ක් . firmware updates ගන්ඩ linkඑක දෙනවද?
    මම computer shopඑකකින් unlock huawei E 160 ක් ගත්තා. එකෙ තිබ්බෙ mobile partnerතමා. help fileඑකෙනම් callsගන්න හැටි කියල තිබ්බට dial button එකක් නැහැ. මම ඉන්නෙ මාවතගම . mobitel වලින් maximum 100kbpsතමා downloadවෙන්නෙ. upload maximum 20kbpsවිතර. පස්සෙ etisalat ඩාපුහාම download 300kbps and upload 30kbpsවිතර maximumඑනවා.අහම්බෙන් වගේ etisalat site එකෙ එයාලගෙ ඩොන්ගල් සමග දෙන etisalat connect(black interface eka thiyena)නම් mobile partner විකරනය කරලා හදපු sftwareඑක තියෙනව දැකල බගෙන install කරා . දැන් m. partner and eti.connect 2kama තියෙනවා. එත් m.partner walin connectවුනහම කලින් ස්පීඩ් එකම තමා. එත් etisala connect හරහා ගියහම maximum 1.5mbpsතමා downloadවෙන්නෙ. upload maximum 150kbpsවිතර. මෙක තව වැඩි කරගන්ඩ ක්‍රමයක් තියෙනවද? etisalat conncet sftwareඑකෙ රහස මොකක්ද?

    Reply
  • September 27, 2011 at 6:16 pm
    Permalink

    mama paawechchi karanne mobile partner naputh call gaththahama ring wenawa namuth lap ekee pennanne naha mama pawechchi karanne mobitel

    Reply
    • November 3, 2011 at 12:04 am
      Permalink

      ඒකට මොබයිල් පාට්නර් වොයිස් තියන එකක් දාගන්න. ඩොන්ගලය සහය දක්වනවනම් ගන්න පුලුවන්. වොයිස් සහය නැති ඩොන්ගලයක් උනත් කෝල් කලාම අපිට රින්වෙනව ඇහෙනව.

      Reply
  • September 27, 2011 at 6:22 pm
    Permalink

    machan dongal eka e153

    Reply
  • November 1, 2011 at 9:19 pm
    Permalink

    මම ඔයාගේ blog එකට අලුත්.නමුත් IT කරන අයට ඔයාගේ සටහන් මසුරන් පරාදයි.
    මට දැනගන්න ඕනෑ අලුතින් dongle එකක් ගන්න signal හැරුනම speed and usage (unlimited pakeges ද prepaid ) යන මේවා හොඳ මොන වර්ගයද?

    Etisalat නම් අලුත් මම Etisalat ගැන දන්නෑ.Dialog unlimited pakage මගේ යාලුවෙක් ගත්තා අන්තිම chater.
    FUP දාන නිසා දවස් 2,3 පාවිච්චි කලේ speed එක 15kbps,5kbps දක්වා අඩුවුනා.signal ප්‍රශ්නයක් නෑ.
    මාස 2 rentle එකත් එකපාර ගත්තා.
    මට දැනගන්න ඕනෑ හොඳම dongle එක මොකක්ද කියන එක ?

    Reply
    • November 3, 2011 at 12:14 am
      Permalink

      දැන් හැමෝම අඩුවට දෙන්නෙ E153 එක. මේ ඔක්කොම ඉන්දියා ඒව.
      හැබැයි E173 එක HSUPA තියන නිසා හොදයි.
      මටනම් Dialog ඉන්න පැත්තට හොදමට හොදා. Etisalat එකත් අවුලක් නෑ.
      ඩයලොග් වේගය හොදනම් Download නම් ලාබම Dialog රු 50/- පෙරගෙව්ම් එක (මට හිතෙන විදිහට)
      සාමාන්‍යෙයන් මම ඉන්න පැත්තෙ අඩුම 2-3GB බාගන්න පුලුවන් ඒකෙන්
      මොකක් හරි පරිගණක අධ්‍යාපන ආයතනයක (UCSC, IIT, SLIIT, ESOFT, NIBM….) ID එකක් තියනවනම් Etisalat 10GB – Rs 990/- පැකේජය ගන්න පුලුවන්

      Reply
  • November 4, 2011 at 7:22 pm
    Permalink

    අපේ ගෙදර හදල තියෙන්නේ ගෙවල් 2 + කරලා.පරණ ගෙදර සහ අලූත් ගෙදර.ගෙවල් 2 අතර පොඩි පරතරයක් තියෙනවා.මගේ ප්‍රශ්නය ADSL connection එක ගැනයි.Telephone fuse box එක පරණ ගෙදරට තමයි අරන් තියෙන්නෙ.ඒකෙන් එන (main) Telephone line එකට splitter එක connect කරලා DSL වෙන් කරලා අලුත් ගෙදරට ( මගේ කාමරයට) copper line එක ඇදලා router එකට සම්බන්ද කරලා තියෙන්නේ.අනිත් telephone socket එකට 1 in 2 out socket එකක් දාලා telephone 2 සම්බන්ද කරලා තියෙන්නේ.මේ parallel phones 2 අත්‍යවශ්‍යයි.
    මේ විදිහට මම කාලයක් වැඩකලා හැමතිස්සෙම frequent disconnection.( router එකේ internet light එක off වෙනවා.internet යන්න බෑ.Hold වෙන්නෑ ADSL ON
    මගේ router එක cisco linksys WAG 120N ADSL 2+ wireless router.
    තව දුරටත් සාමාන්‍ය විදිහට DSL with one telephone line disconnect වෙනවා.මම splitter එක නැතුව try කලා එතකොට වැඩ වගේ පෙනුනා.ඒත් එහෙමත් බෑනේ.splitter මාරුත් කලා.
    අන්තිමේදී මම මගේ නැන්දලාගේ ගෙදර router එක ගෙනිහින් check කලා.එතකොටත් හොඳට වැඩ කලා 45 min … no disconnections…
    මේකට විසඳුමක් දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්.

    Reply
      • November 7, 2011 at 12:20 pm
        Permalink

        කනගාටුයි ! එම විසඳුම හරියන්නෑ.අනේ මොකක්හරි අලුත් විසඳුමක් දෙන්න.
        1 phone line with dsl සාමාන්‍යයෙන් හොඳට වැඩ කරනවා.මම firmware update එකකුත් කලා.අපිට Te 2 අවශ්‍යමයි.

        Reply
  • November 4, 2011 at 7:40 pm
    Permalink

    තව ප්‍රශ්නයක් ඔයාට වෙලාව තියෙනවනම් විතරක් උත්තර දෙන්න.
    huawei e153 dongle එකේ firmware update කලාම ඒක unlock කරන්න බැරිද?
    මම try කලා error එකක් ආවා sorry මට මතක නෑ.
    කොහොමද ඒක කරන්නේ ? ඔයාගේ instructions වලින් පුලුවන් ද?

    Reply
  • November 5, 2011 at 8:05 am
    Permalink

    MAMA ENNE NIKAWERATIYA KADIGAWA KIYANA DUSKARA GAME.APITA 3G KIYANNE HEEEENAYAK THAMAI.APITA LAGAMA 3G TOWER EKATA 22KM DURAI.ETH MAMA MAGE 3G HEENE HABA KARA GATHTHA.MAMA HADUWA ANTENA EKAK 56FEET USA KANUWAKATA HY KARA ANTENAWA.SET KARA DONGLE EKATA.DAN MATA SIGNAL ANNE HALAWATHA TOWER EKEN 33KM DURAI……………….VISTHARA ONA KENEK MATA CALL KARANNA 0776574075

    Reply
  • December 2, 2011 at 7:47 pm
    Permalink

    මට අලුත් mobile partner version ඒක download කරන්න link ඒකක් ෙදන්නෙකා්

    Reply
  • June 11, 2012 at 4:54 am
    Permalink

    වෙසමුණි රජු කුවේර නමින්ද හැදින් වූ බවත්, එහි සිටි ප්‍රාදේශිය නායකන් පිළිබදවද සදහන්ව ඇති අතර රාවණ රජු සම්බන්ධව සෙවීමේදි විශ්‍රවස්‍ර මුණි හෙවත් වෙසමුණි රජුගේ දෙටුපුත් වූ කුවේර නම් ආලකමන්දාවේ සිටි රජකෙනෙක් ගැන අසන්නට ලැබේ. නමුත් ආටානාටියේ සඳහන් වන වෙසමුණි රජු යනු ඒ දෙදෙනාම නොවිය යුතුය. නමුත් එම පරපුරෙන් පැවැත එන පෙර සදහන් කලාක් මෙන් පෙළපත් නාමය විය හැක. ඒ නිසා කුවේර හා වෙසමුණි යන නම් දෙකම බාවිතා කලා විය හැක.

    Reply

Leave a Reply to Priyantha Cancel reply

Your email address will not be published. Required fields are marked *