මීට හුගක් කාලෙකට කලින් Cloud ලියන්න ගත්තට ලියල ඉවර කරන්න බැරි උන නිසි ආයෙ Cloud File Storage Service ගැන ලියන්න ගත්ත.
මීට වසර කීයකට කලින් Cloud සේවා කියන්නෙ ටිකක් අලුත් දෙයක් උනාට දැන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ඒ සේවා භාවිතා කරනව

උදාහරනයක් විදිහට GMail සේවාව ගත්තොත් ඒකෙත් Cloud එකක්. අපි Web UI එකෙන් හෝ Outlook හෝ වෙනත් Email Client මෘදුකාංගයකින් ලෝකේ ඕනෙ තැන ඉදන් ඒ අපේ ගිනුම බලන්න පුලුවන්
නැතිනම් Gmail වල තියන Contacts, Calander වගේ දේවලුත් සහය දක්වන ඕනෑම මෘදුකාංගයකින් හෝ උපාංගයකින් අපිට Sync කරගන්න පුලුවන්.
Goole Music, Music සදහා වෙන්වු සේවාවක්. අපේ සින්දුත් Upload කරල පරිගණකයකින් හෝ Android දුරකථනයකින් අහන්න පුලුවන්. ඒත් මේක දෙන්නෙ තෝරාගත් රටවල් කීපයකට පමණයි. නමුත් ලංකාවට නෑ (ගන්න ක්‍රම තියනව)

Google දෙන Google Docs Cloud සෝවාවෙ අපගේ ගොනු සේව් කරන්න පුලුවන් වගේම ඔන්ලයින් Edit කරන්නත් පුලුවන්. ඒත් අපි Google Docs වලට Upload කරන හැමවෙලේම එයා ඒ ගොනුව එයාගෙ සැකසුම් වලට සේව් කරනව. එතකොට සමහර පිටු සැකසුම් වගේම Colours වගේ දේවල් සුලුවශයෙන් වෙනස් වෙනව

තව විවිධ Cloud සේවා දෙන අය ඉන්නව. Microsoft එකත් SkyDrive කියල Cloud සේවාවක් දෙනව. ඒත් මේකෙත් අප්ලෝඩ් කරන්න පුලුවන් ගොනු වල සීමා හා වර්ග තියනව. ඒ නිසා සීමාසහිතයි. නමුත් 25GB දෙනව

ඒත් මේ සීමා වලින් අඩු File Store කරන්න යොදාගත හැකි Cloud එකක් තමා Amazon හා Zumo Cloud Drive කියන්නෙ
Amozon සමාගම 5Gb නොමිලේ ලබාදෙන අතර Zumo සමාගම 2Gb පමණක් ලබාදේ. ඒ වගේම HP සමාගම Laptop සමග දෙන Cloud Drive කියන මෘදුකාංගයෙන් ( HP Cloud) Zumo Cloud සේවා භාවිතා කරන්න පුලුවන්. මේ Zumo Cloud සේවාව Mac, Linux, iPhone, Android වගේ විවිධ පද්ධති සමග ඒවට එන මෘදුකාංගය ආධාරයෙන් ලේසියෙන් භාවිතා කරන්න පුලුවන්
ඒවගේමයි සේ සේවාවෙ හොදක් තියෙන්නෙ අපේ Cloud එක පරිගණකයෙ Cache කරනව. ඒකෙන් වේගවත්ව අපේ ගොනු Access කරන්න පුලුවන් වගේම ස්වයංක්‍රියව Sync වෙනව. ඒ මෘදුකාංගය නැතිව WebUi එකෙනුත් Acess කරන්න පුලුවන්. අනිත් සේවා වලට වඩා limitation අඩුයි. Exe උනත් Upload කරන්න පුලුවන්.මම දැනට වසරක විතර ඉදන් මේ සේවාව භාවිතා කරනව. තාම අවුලක් නෑ.
Amazon සේවාව 5GB නොමිලේ ලබාදෙන අතර සිංදු වලට අමතරව අනිත් ගොනු වලට WebUI එක භාවිතා කරන්න වෙනව

අවශ්‍යය ෆයිල්, Project වගේ දේවල් මේ වගේ සේවයක් හරහා Save කරන් භාවිතා කරනවනම් කිසි කරදරයක් නැතිව භාවිතා කරන්න පුලුවන් වගේමයි ඉස්සර වගේ නැතිවෙන්නෙත් නෑ. බැරිවෙලා හරි Delete උනත් හුගක් වෙලාවට ගන්න පුලුවන්

 

Amazon Cloud – https://www.amazon.com/clouddrive/learnmore
Zumo Cloud – https://www.zumodrive.com
Sky Drive – http://skydrive.live.com/
Google Docs – https://docs.google.com/
Google Music – http://music.google.com
Hp Cloud Drive – HP Cloud
 

Cloud Services and Never lost your import Files with Cloud Drive

6 thoughts on “Cloud Services and Never lost your import Files with Cloud Drive

  • October 8, 2011 at 1:09 pm
    Permalink

    ඉතා වැදගත්. බොහොම ස්තූතියි ! මට ගැටළුවක් තියෙනවා.
    මේ සේවා වලින් අපට ලබා දෙන ඉඩ සඳහා file upload කරන්න FTP ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන් ද ? එහෙනම් ඒ කොහොම ද ?
    මොකද එතකොට අපිට filezilla වගේ tool එකක් භාවිතා කරලා ලේසියෙන් file upload කරන්න පුළුවන්.
    ජය වේවා !

    Reply
  • October 9, 2011 at 10:46 pm
    Permalink

    බොහොම ස්තුතියි අයිය අයියට සුබඅනාගතයක් වේවා.

    Reply
  • October 19, 2011 at 5:32 pm
    Permalink

    යුනිකෝඩ් කන්වටරයක් පරිගනකයට ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද?

    Reply
  • November 5, 2011 at 6:04 am
    Permalink

    machan oya cloud service okkatama wadaa Dropbox maru.free denne nam 2GB withara but eke upload download speed maru. anik ona welawaka sync wena eka pause karanna puluwan

    https://www.dropbox.com/home

    Reply
  • November 9, 2011 at 4:49 pm
    Permalink

    මම භාවිතා කරනව SugerSync. 5GB දෙනව. යාළුවො refer කරන්නත් පුළුවන්. sync කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකෙන්.
    ඇයි CX.com? 10GB දෙනව.
    SkyDrive එකක් තියෙනව. ඒක යූස් කරන්නෙ නෑ නෙ. 🙂

    Reply
  • December 3, 2011 at 9:23 pm
    Permalink

    මම පාවිච්චි කරන්න්නේ ඩ්‍රොප් බොක්ස්. ඒක නියමයි. පොඩි අවුලකට තියෙන්නේ ඒකෙන් දෙන්නේ ගිගා බයිට් 2ක් විතරයි.

    Reply

Leave a Reply to shehan Cancel reply

Your email address will not be published. Required fields are marked *