2011-11-12 දින සිට කුරුණෑගල නගරයේ නව මාර්ග සැලැස්මක් පොලිසිය මගින් ක්රියාත්මක කරන ලදී. එම වැඩසටහන යටතේ බෙදාදුන් අත්ප්රතිකාවත් පහත දැක්වේ.
(සමහර මාර්ග තේරැම් ගැනීමට අපහසු උවත් පොලිසිය මගින් බෙදාහරින සැලැස්ම)
Image 1 – Full
Image 2 – Full
Update
ව්යාපරිකයන්ගේ හා රියදුරන්ගේ අකමැත්ත හේතුවෙන් මෙම සැලැස්ම දින කීපයක් තුල නවතා නැවත පරණ සැලැස්මම ක්රියාත්මක කරන ලදී
Kurunegala New Traffic Plan
මොන ගොං වහන්සේ ඇඳපු සිතියමක්ද මන්දා මේක. මඤ්ඤං වගේ.
නුවර පැත්තේ ඉඳන් එන කෙනෙක් මීගමු පාරේ ෆුඩ් සිටි එකට එනව නම් එහෙම කිලෝමීටර් 4ක විතර රවුමක් එන්න ඕනේ
දැන් පාර මැද නවත්තං සිතියම බල බලා තමා ඉන්න වෙන්නෙ
අනික කෙලින් තියන දඹුලු පාරට කරල තියන එක. මේ මැප් එක තේරුම් ගන්න වෙනමම උපාදියක් කරන්න වෙනව
පුත්තලම්පාරට සමාන්තරව දඹුලු පාර තියෙන්නේ. 😀
මේක ප්රින්ට් කරලා තියෙන්නේ කුරුණෑගලට පය ගහලවත් නැති එකෙක්.
අපරාදේ මේ කොල වලට ගිය සල්ලි.
I can have an idea on how the police works.
දැන්නම් පට්ට ආතල් දෙන්නෙ
හැම වාහනේම ටවුන් එක වටේ යනව. ඉස්සර එක වැඩකට ඇවිත් ඒ පැත්තෙන්ම ගිය වාහන දැන් වටේ යනව
බස් නැවතුමෙන් එලියට දාන පුත්තලම පාරෙ යන බස් දැන් ටවුන් එක වටේ යනව. ඒකනම් රෑ බෙහෙත් ගන්න අයට වගේ හොදා. නැත්තම් හෙන රස්තියාදුවක්
දන්නෙ නැති බස් පොලිසියෙන් ටවුන් එක වටේ යැව්වමහ ත්රික්රණාමලය ඒව පුත්තලම දිහා යනව. ඒ අයට පාර වහල කියල වෙන පාරකට දැම්මට යන දිහාක් දන්නවයෑ. කුරුණෑගල ඉන්න අයයෑ හැමෝම කුරුණෑගලින් යන්නෙ
http://t.co/D1ofoYTe