English Version > http://akalankapadmal.blogspot.com/
අද සිද්ද වෙච්ච දෙයක් නිසා මේක ලියලම ඉන්න හිතුන. ඒ Facebook Application එකකින් ආව Spam නිසා. මේක වෙන්නෙ හුගක් වෙලාවට නොදැනුවත් කම නිසා. මීට කලින් Facebook හා අනිත් අඩවි වලට ආරක්ෂිතව පිවිසෙන ආකාරය ගැන ලිපිය මතක ඇති. ඊට වඩා වෙනස් ක්‍රම කීපයක් ගැනත් මතක් කරන්න හිතුන

කලින් ලිපි
Facebook / Gmail Security Settings & Use HTTPS for Secure, Safe and Speed Web Experience
If you tag on Facebook without your friend on Photo, One day both you and Friend in trouble

Application
Facebook API එක මත සංවර්ධනය කරපු Application විශාල ප්‍රමණයක් තියනව. ඒව විවිධ කාර්යන් සඳහා හදපුව. මේ අතරෙ හොද වැඩ වගේම නරක වැඩ කරන අයත් ඉන්නවනෙ. ඒ අය මතුපිටින් මොකක් හරි බොරුවක් දාල යටින් වෙන වැඩකට හැදුව Application තියනව. මේව තෝරාබේරාගන්න හරි අමාරුයි. ඒත් හොදම වැඩේ දන්නෙ නැති ඒව Allow නොකර ඉන්න එක.
ඕනෙ එකක් නම් පොඩ්ඩක් කියවල බලන්න එයා ඕනෙ කියන්නෙ මොන මොන permission ද කියල. උදා හුගදෙනෙක් භාවිතා කරන ඔය පින්තූර හදන Application. ඒවගේ එකක් ගද්දි Massage යවන්න ඕනෙ කියල තිබ්බොත් දෙපාරක් හිතන්න වෙනව..

Permission
විශේෂයෙන් කාන්තා පාර්ෂවය මේ විවිධ පින්තූර වැඩ දාන Applicaion භාවිතා කරන වැඩීනෙ. ඒ වගේ ඒව භාවිතා කලා කමක් නෑ. කරල ඒව අයින් කරල දාන්න. නැත්තම් ඒක ඒ දාන කෙනාට වගේම අනිත් අයටත් කරදරයක්

මම මුලින් කීව වගේ අපේ යාලුවෙක්ගෙ Application එකකින් *orn විඩියෝ වලට මිතුරන් ටැග් කරල හෝ ගාල පෝස්ට් දානව. සමහර වෙලාවට වැස්සක් වහින්ව වගේ එක දිගට.. ඒ වගේ වෙන්නෙ මේ විවිධ Application වලින් හුගක් වෙලාවට. ඒකෙන් එයාට වගේම මේ වීඩියෝ වගේ ඒව tag වෙන මිතුරන්ටත් අපහසුතාවයක්
Notification

Timeline එකක්

Manage Application
අපිට පුලුවන් අපි Allow කරල තියන Application මොනවද කියල බලාගන්න වගේම අයින් කරන්න.
Account Settings වල පැත්තෙ තියන Apps කියන එකෙන් (නැතිනම් https://www.facebook.com/settings?tab=applications වලින්)

Application Settings

ඒකෙ තියන Edit කියන එකෙන් Permission වෙනස් කරන්න වගේම X මගින් Remove කරන්නත් පුලුවන්

Apps

*භාවිතා කරන්නෙ නැති, දන්නෙ නැති හැම එකම අයින් කරන එකයි හොද

Privacy Settings
මේක හුගක් වටිනව උඩ කියල තියනව වගේ Spam ප්‍රහාර වටල. අනිත් හුග දෙනෙක්ගෙ Wall/Timeline එකේ Tag කරපුව වැටුනට මගේ වැටෙන්නෙ නෑ. ඒ මම Approve කරනකම්. එ සැකසුම් හදන්නෙ මෙතනින්. මුලින්ම තිය මගේ Facebook tag සම්බන්ධ ලිපියෙන් වෙන කරදර වලට පිලියමත් මේක තමයි (If you tag on Facebook without your friend on Photo, One day both you and Friend in trouble)

අපිව ටැග් කරන ඒව, Comment, Wall එකේ (Timeline නෙ දැන්) එකේ වැටෙන ඒව වෙනස් කරන්නෙ මේකෙන්

Privacy Settings

How you connect
Freined Request එවන ඒව, Massage එවන ඒව, Timeline එකේ post දාන ඒව පාලනය කරන්න

How tags work
Post ටැග් කිරීම්, Post, Video වල ටැග් කිරීම් වගේම Check IN වලට එකතු කිරීම් පාලනය කරන්න

Limit the Audience for Past Posts
Public දාපු post වල පෙනීම වෙනස් කරන්න පුලුවන්

Blocked People and Apps
එකෙන් Application වගේම Friend ල Block හා Unblock කරන්න

Security Settings
මේක ඉතා වැදගත්. මේකෙන් අපේ ගිනුමේ ආරක්ෂාව හුගක් රැකගන්න පුලුවන්

Security Question
මේක ගැන හැමවෙලේම අවධානයෙන් හා මතකෙන් ඉන්න
Secure Browsing
මේක හැමවෙලේම Enable කරන් ඉන්න (උඩ ලිපියෙ තියනව ඇයි ඒ කියල Facebook / Gmail Security Settings & Use HTTPS for Secure, Safe and Speed Web Experience)
Login Notification
මේක දාගන්න. මේකෙන් අපි අලුත් Device එකක ඒ කියන්නෙ Recognize Device ලිස්ට් එකේ නැති එකකින් ලොග් උන ගමන් පණිවිඩයක් එනව. මේක අපේ Facebook SMS සේවාව භාවිතයක් නැති නිසා අක්‍රිය වෙලා තිබ්බත් Notification එනව. ඒක නිසා අනිවාර්යෙන් FB එකට Massage යවල ගාන කපාගන්න ඕනෙ නෑ.
Login Approval
මේකෙන් පුලුවන් අපි හදුනානොගත් (කලින් ලොග්වෙලා නැති) පරිගණකයකින්, Phone හෝ වෙන එකකින් ලොග් වෙනවනම් එයා අපෙන් අහනව. අපේ දුරකථනයට කෙටිපණිවිඩයක් දීල. ඒකෙන් අපි අවසර දුන්නොත් විතරයි අපිට ලොග්වෙන්න පුලුවන්. මේකට වියදමක් යන්නෙ නෑ. ඒත් FB SMS සේවා සක්‍රිය වෙලා තියෙන්න ඕනෙ
ඒ වගේමයි අපි සමහර Software වලින්, Device වලින් Facebook යද්දි ඔය Login Approval කියන එක තියනවනම් ලොග් වෙන්න බෑ. මොකද ඒ මෘදුකාංග වල Logging Approval Code එක ගහන්න තැනක් නෑ. එතකොට අවුලක් වෙනව. මම ඒ දවස් වල කලේ තාවකාලිකව මේ Login Approval කියන එක Disable කරල අවශ්‍යය එකෙන් ලොග් වෙලා ආයෙ Enable කරන එක. ඒත් දැන් එක්ටත් පිලියමක් තියනව
ඒ තමා App Password කියන එක. එහෙම Login Approval තියෙද්දි ලොග් වෙන්න බැරි ඒවට මෙතනින් ගන්න තාවකාලික පාස්වර්ඩ් එකකින් ලොග් වෙන්න පුලුවන්

Recognize Device
අපි යාලුවෙක්ගෙ පරිගණකයකින් හරි අපේම පරිගණකයෙන් හරි මුලින්ම ලොග් වෙද්දි අපෙන් අහනව නමක් දෙන්න කියල. ඒකට හුගක් අය කරන්නෙ එක එක අකුරු ටිකක් කොටල Remember කරන එක. ඒත් ඒක හොදවැඩක් නෙවේ.
මේ Recognize Device වලින් පුලුවන් ඔයා ලොග්වෙලා තියන ඒව බලාගන්න. අර කලින් කීව වගේ එක එක අකුරු ටිකක් කොටල නිකන් හිටියොත් ඔයාටම ඒක හදුනගන්න අමාරුයි. ඒක නිසා හරියට නමක් දුනනම් මෙකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම අයින් කරන්නත් පුලුවන්
මේකෙන් අයින් කලා කියල අවුලක් වෙන්නෙ නෑ. ආයෙ පාරක් ඒ Device එකෙන් ලොග් වෙද්දි නමක් දෙන්න පුලුවන්. ඒ වෙලාවට Login Approval/Notification තියනවනම් ඒව ක්‍රියාත්මක වෙනව

Active Session
ඒකෙන් පුලුවන් අපි දැන් ලොග්වෙලා ඉන්න තැන් (තව කොහෙන් හරි ලොග් වෙලානම්) බලාගන්න වගේම කලින් ලොග් උන ඒව බලාගන්න. දන්නෙ නැති ඒව තියනවනම් වහන්නත් පුලුවන්
උදා – අමතක වෙලා යාලුවෙක්ගෙ ගෙදර ලොග් වෙලා ආවොත් මේකෙන් ඒක Logout කරගන්න පුලුවන්

අනිත් දේ තමා අනාරක්ෂිත පරිගණක වලින් ලොග් වීම, Proxy හා VPN භාවිතය
මේක ගැනත් හුගක් සැලකිලිමත් වෙන්න ඕනෙ. අපි නොදන්න පරිගණකයකින් අපි ලොග් වෙද්දි දෙපාරක් හිතන්න. ඒ අයට පිලුවන් ඔයා Keyboard එකේ ටයිප් කරන ඒව විවිධ මෘදුකාංග මාර්ගයෙන් save කරගන්න. password වගේ දේවල්. ඒ වගේ සැකයක් තියනවනම් Lastpass වගේ tool එකක් භාවිතා කරන්න. ඒකෙ Password එක ගහන්න එයා Keyboard එකක් දෙනව. ඒකෙ ටයිප් වෙන ඒව Keystrock Track කරන ඒවට ගන්න පෑ. මේ Tool එක හැම Browser එකටම වගේ තියනව. එයා අපේ Password මතක තියන් ස්වයංක්‍රියව පුරුවනව. එතකොට Keystrock අයට ගන්නත් බෑ. ටිකක් අමාරු Password එකක් හදල මේකෙ මතකයේ තියන්න පුලුවන්

ඒ වගේමයි Facebook වගේ කාලය කාදමන අඩවි හුකක් ආයතන වල Block කරල තියෙන්නෙ. ඒකට අපේ අය කරන්නෙ Proxy හරි VPN හරි භාවිතා කරන එක. ඒත් මතක තියාගන්න මේ VPN හරි Proxy එකක් හරහා හරි අපි යද්දි අපේ Password Username දෙන එක වගේම අනිත් විස්තර දෙන එක ගැනත් දෙපාරක් හිතන්න (SSL හරහා දුන්නත්) . සමහර අය WebBased Proxy භාවිතා කරනව. එ කියන්නෙ අපි ඒ අයගෙ පරිගණයකට ලොග් වෙලා ආයෙ මෙහොට ගන්නව කියන එක. ඒ වගේමයි අපි අපේ මිතුරන් බලද්දි ඒ අයට ඒ විස්තර තියාගන්න පුලුවන් වගේම අපි බලන ඕනෙ එකක් එයාලට තියාගන්න පුලුවන්.
ඒ වගේමයි අපි එකපාර මේ VPN හරි Proxy යකින් හරි ලොග් උන ගමන් Facebook එකට යන්නෙ අපේ IP එක නෙවේ. ඒ Proxy හෝ VPN සේවාව Host කරන පරිගණකයයේ IP එක (සමහර Proxy හා VPN අපේ IP එකත් ඔවුන්ගේ එක සමග යැව්වත් Facebook ගන්නෙ සර්වරයේ IP එක). එතකොට Facebook හිතන්නෙ අපි ඉන්නෙ ඒ රටේ කියල. ආයෙ ටිකක් අපි අපේ පරිගණකයෙ සාමාන්‍යය විදිහට ලොග් උනගමන් ගැටලු ගොඩයි. Facebook කියනව ඔයා ටිකකට කලින් පිට රටකින් ලොග් උනා, ඒක නිසා මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න කියල.. දැන් දීපන්කො උත්තර.. මේ අතරෙ උඩ තියන If you tag on Facebook without your friend on Photo, One day both you and Friend in trouble එකේ වගේ Tag කරපුව පෙන්න පෙන්න ප්‍රශ්ණ අහනව. වැරදියට Tag කරල තිබ්බොත් Sorryම තමා

මීට අමතරව උඩම තියන SSL හා TAG කිරීමේ ලිපිත් කියවල අපේ ගිණුමේ ආරක්ෂාව අපිම රැකගම්මු

How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself

2 thoughts on “How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *