අපේ රටෙ සපයන සෑම අන්තර්ජාල සබදතාවයක් පාහේම වාගේ අප රටේ සර්වර් සමග සම්බන්ධ වීම‍ට ගතවන කාලයට වඩා වැඩි කාලයක් අන්තර්ජාතික සර්වර් සමග සම්බන්ධවීමට ගතවේ. එනම් විදේශීය සර්වර් සමග සම්බන්ධවීමට වඩා අපේ රටේ සර්වර් සමග සම්බන්ධ වීමට වැඩිවේගයක් හිමිවේ. සර්වර් හා සම්බන්ධ වීම සම්බන්ධව ලර්න් ආසියා අඩවිය කල සමීක්ෂණ ප්‍රතිථල මෙම පුරුක මගින් ලබාගත හැකිය.
තවද අපරටේ මුලු පරිගණක ජාලයම ගතහොත් එම මුලු ජාලයටම විදේශීය ජාල හා සම්බන්ධ වීමේ වේගයේ සීමාවක් තිබේ. අප නිවස‍ට 512 Kbps , 2Mbps හෝ HSDPA සබදතා ලබාදුන්නත් මෙම සියලු සබදතා වන් එක්ව ගත්විට විශාල වේගයක් සැපයීමට සේවා සපයන්නාට සිදුවේ.
එමෙන්ම මෙම සියලු දේශීය පාරිභෝගිකයන්‍ ගෙන් වැඩි පිරිසක් දේශීය සර්වර් වලට වඩා විදේශීය සර්වර් සමග සම්බන්ධ වීම නිසාවෙන් මුල් ජාලයම පාහේ විදේශිය ජාලයන් වෙත සම්බන්ධ කිරීමට සේවාසපයන්නාට සිදුවේ. තවද මින් සැලකිය යුතු පිරිසක් දේශීය වෙබ් අඩවි හා සම්බන්ධ උවත් එම දේශීය අඩවි වලින් වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ වි‍දේශයන්ගේය. එම නිසා අප සියලුදෙනා වැඩියෙන්ම සම්බන්ධවන්නේ විදේශීය ජාලයන් සමගවේ.
එහෙත් මෙම දේශීය අඩවි සදහා විදේශයන් හා සම්බන්ධවීම වෙනුවට දේශීය සර්වර් හා සම්බන්ධ වීමට බැරිකමක් නැත. එහෙත් එයට අවශ්‍යය පසුබිම අපරටේ නැති තරම්ය. අප රටේ සිටින බොහෝ බෙබ්හෝස්ටින්ස් සේවා සපයන්නන්ගේ සර්වර් මෙන්ම අපරටේ සිට මෙහෙයවන බොහෝ ජනප්‍රිය අඩවිවල සර්වර්ද ඔවුන් පවත්වාගෙන යන්නේ විදේශයන්ගේය. එයට ප්‍රධානම හේතුව එමරට වල අඩු මිලට හොන්ද වේගයක් සහිත අන්තර්ජාල සබදතා සැපයිමයි. එවන් සබදතාවයක් ලංකාවෙන් ලබාගැනීමට ඉතා අධික මුදලක් ගෙවීමට සිදුවේ. එමෙන්ම එම සබදතාවල බිදවැටීම්ද අවමය. එමෙන්ම අපරටේ සේවා සපයන්නන් සතුවද දේශීය ‍වෙබ් හෝස්ටින්ග් සර්වර් තිබුවත් එම සර්වර් වලින් සපයන සේවාවන්ගේ මිල ඉතා අධිකය. එම නිසාවෙන් විදේශිය සර්වර් භාවිතයට අ‍පරටේ වේබ් අඩවි හිමිකරිවන් පෙලබේ. ‍මෙම ‍නිසා අපරටේ මුලු ජාලයම පාහේ කෙලින්ම විදේශිය ‍සර්වර් හා සම්බන්ධ වීමක් සිදුවේ. නමුත් මෙම අඩවි අප රටේ පිහිටුවහොත් අපේ රටේ ජාලයෙන් වැඩි පිරිසක් අපරටේ ජාලය තුලම රැදී සිටී. එය වැඩි වේගයක් ලැබීමටද හේතුවක්. එමෙන්ම එම නිසා විදේශිය ‍සර්වර් හා සම්බන්ධ වීමේදී වැඩි වේගයක් ලබාගත හැකිවා මෙන්ම වැඩි පිරිසකට ගුණාත්මක සේවාවක් ලබාගැනීමටද හේතුවක් වේ.
නමුත් මේ සදහා මුල පිරිය යුත්තේ අපරටේ සේවා සපයන්නන්ය. ඔවුන්ගේ වේග සීමාවන් රැක ගැනීම‍ටද එය හේතුවකි.

අපේ රටේ Bandwidth එක රුකගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *