මේ ලිපියෙන් කියන්නෙ තමාගේ සැකසුම් හා විස්තර ඇතුලත් වින්ඩෝස් තැටියක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් අපේ බොහෝ දෙනා තාම ජනෙල්මත යැපෙන්නන්නෙ. ඒත් මේ අයගෙන් බොහෝදෙනා (හැමදෙනාම වගේ) නියම මුදල බිල්ගේට්ස් මාමට දීල ගන්න තැටිවලින් නෙවේනෙ දාගන්නෙ. කොහෙන් හරි පිටපත් කරගන්නා ව්‍යාජ්‍යය තැටියක්න්නෙ. ඉතින් මෙහෙම හරි අව්‍යාජ තැටියකින් වින්ඩෝස් දාද්දි හරි අපිට උත්තර ගොඩක් ඒ සීඩී එකට දෙන්න වෙනව.
ඉන්ස්ටෝලරය පිලිගැනීමේ සිට තම ගිවිසුම, සීඩී කී, රට, ජාලගත සැකසුම්, භාෂා, රට මුදල් වර්ග, පරිශීලකයන් ආදී සැකසුම් රාශියක් පිලිබදව විස්තර අපෙන් අහනව. නමුත් ඒසියල්ල පෙර ඇතුලත්කර ඉතා සීමත විමසීම් වලින් යුත් වින්ඩෝස් ස්ථාපන තැටියක් දැන් සාදාගත හැකිය. මේ සදහා අවශ්‍යය වන්නෙ nlite කියන මෘදුකාංගය පමණයි. එය nliteos.com අඩවියෙන් ලබාගත හැකිය.
ඒ කුඩා මෘදුකාංගය දැමීමෙන් පසු අපගේ වෙනස් නොකල සීඩී තැටිය කොපිකරගන්නා අතර වින්ඩෝස් වල දැනට ඇති උපාංග ඉවත් කර නව මෘදුකාංග හා ඩ්‍රයිවර්ස් මෙන්ම වෙනස් උපාංග, තීම් ද දමා තම අවශ්‍යය විස්තර ඇතුලත් කර සීඩී කී, නම් ගම්, වෙනත් සැකසුම් ඇතුලත් කර තැටිය සකසාගත හැකිය. මෙහිදී වැදගත් වන්නේ මේ මාර්ගයෙන් අපට අවශ්‍යය මෘදුකාංග මේ තැටියට ඇතුලත් කරගත හැකි අතර වින්ඩෝස් ස්ථාපනය අවසානයේ ඒ සියල්ල ස්වයංක්‍රියව ස්ථාපනය වේ.
මෙහිදී nliteos.com අඩවිය බොහෝ මෘදුකාංග වල ස්වංක්‍රිය ස්තාපක add one ලෙස ලබාදෙන අතර තමාටද එහි ස්ක්‍රිප්ට් එක කියවීමෙන් හෝ ස්වයංක්‍රිය ස්ක්‍රිප්ට් රයිටර් මෘදුකාංගයකින් තමාගේ මෘදුකාංගද ස්වයංක්‍රිය ස්තාපක ලෙස සාදා මෙම තැටියට ඇතුලත් කරගතහැකිය.
දැනට මෙය බොහෝ සෙයින් එක්ස්පී වෙත සහය දැක්වුවත් නව සංස්කරනය විස්‍ටා වෙතද සහය දක්වයි. එමෙන්ම මෙයට genuine crack එකක් ඇතුලත් කිරීමෙන් තම ව්‍යාජය වින්ඩෝස් සංස්කරනය වින්ඩෝස් නීත්‍යායානුකූල සංස්කරනයක් බවට පත්කගහැකි අතර එමගින් වින්ඩෝස් අප්ඩේට්ද ලබාගත හැකිය.











Comments
Leave a comment Trackback