ටෙලිකොම් එක මීට කීප දිනකට කලින් වැඩිපුර භාවිතා කරන සම්බන්ධතාවල භාවිතය සීමා කරල තිබ්බ කිසිම දැනුම්දීමකින් තොරව. ඒ සීමාව දැන් ටිකක් ලිහිල් කරලලු. ඒත් සම්පුර්ණ යථාතත්වයට පත්කරල නෑලු. ඒ වෙනුවට ඒ අය දැන් හිතන් ඉන්නෙ කැෆේවලට වෙනමම සම්බන්ධතාවයක් හදුන්වල දෙන්න වගේ. කියන්නෙනම් සාධාරන විදිහට වැඩේ කරන්න හදනව කියල. මොකද මේ විදිහට එක දිගට 4MB සම්බන්ධතා වල බාගතකිරීම් කරගෙන ගියොත් ටෙලිකොම් වල International Bandwidth එකට වඩා ඉල්ලුමක් එනවලු. ඒක නිසා මේ විදිහට සීමාකරල තියෙන්නෙ. ඒත් බොහෝදුරට මේ ගැටලුව 2Mbps සම්බන්ධතාවලට නෑ. තියෙන්නෙම වැඩිපුර බාන 4Mbps සම්බන්ධතාවලට.
දැන් සති කීපයක ඉදන් ඒවට හරිහමන් සම්බන්ධතාවයක් නෑ. ඒකනිසා කැෆේ සමහර ඒව දිගටම වහල. මේ අය ටෙලිකොම් පාරිභෝගික සේවයට කථාකලාම ඒ අය දැන් හොයල බලන්නම්, තාක්ෂණික නිළධාරියෙක් කථාකරයි වගේ මොනව හරි කියල මග අරිනව. අඩුම ගාන පැමිණිල්ලක්වත් ගොණුකරගන්නෙ නෑ. ඒත් අසීමිතයි කියල මේ විදිහට සම්බන්ධතා දීල ඒව භාවිතා කරල පාරිභෝගිකයන්ට මේ විදිහට අසරන කරන එකනම් හරිම කැත වැඩක්. එක්කො දෙන්න බැරි සම්බන්ධතා නොදී ඉන්න ඕනෙ. මේකෙන් කීදෙනෙක්ගෙ ව්‍යාපාර කටයුතු අඩපන වෙනවද. අනික මේ අය වැඩිම මුදලක් ගෙවල වැඩි වේගයක් ගන්න අයටම තමා කෙලවල තියෙන්නෙ. 2Mbps හෝ ඊට අඩු අයට තාම අවුලක් දාල නෑලු. දැනගන්න හම්බුන විදිහට මෙයාල කැෆේ වැනි වැඩි භාවිත තියන ඒවට නව පැකේජයක් හදුන්වල දෙන්න යන්නෙ. ඒක කොහොම වෙයිද දන්නෙ නෑ. නැතිනම් වෙන්නෙ 2mbps සම්බන්ධතා 2ක් ගන්න. මෙයාල මේ පැකේජය හදුන්වල දෙනකම් අර පාරිභෝගිකයින් අනාතයි.
හැබැයි TRC එකෙන් නිවේදනය කරල තියනව අන්තර්ජාල සම්බන්ධා වල කියන වේගය එන්නෙ නැත්තම් පැමිණිලි කරන්න. ඒ අය නීතිමය පියවර ගන්නව කියල. ඒකනම් හොද දෙයක්.  දැන් තියෙන්න අවුල තියන අය පැමිණිලි කරන එක. මොකද පැමිණිලි කරන්නෙ නැතිව ක්‍රියාමාර්ගයක් ගන්න බෑනෙ. හැබැයි TRC එකේ අන්තර්ජාල  සම්බන්ධතා නිරීක්ෂණය කරන්න වෙනමම ඒකකයක් තියනව. ඒවට මේ අවුල නැතිව ඇති

ඔය වැඩේ වෙච්ච 4Mbps සම්බන්ධතාවයක දැන් වේගය

Speed Test

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl