ටෙලිකොම් මීට වසරකට විතර කලින් මෙගාලයින් සම්බන්ධතා හදුන්වා දුන්න. ඒ එකක්ම ටෙලිකොම් කියපු දෙයක් තමා කෙටිපණිවිඩ සේවාව. මේ සම්බන්ධතාවල Platinum සම්බන්ධතාවය (http://www.slt.lk/data/forhome/011telecon_new.htm) එක්ක කෙටිපණිවිඩ සේවය නොමිලේ හම්බෙනව. ඒකියන්නෙ කෙටිපණිවිඩ සදහා මාසික ගාස්තුවක් ගෙවන්න ඕනෙ නෑ. අනිත් සම්බන්ධතා වලට කෙටිපණිවිඩ සේවය ඕනෙනම් ලබාගන්න පුලුවන්.
ඒත් මේ විදිහට මේ අය ප්‍රචාරය අරන් ගියත්, පාරිභෝගිකයක් ලියාපදින්චි කරගත්තත් ටෙලිකොම් වල PSTN සම්බන්ධතා සදහා තාම කෙටිපණිවිඩ සේවයක් නෑලු. ඕක ගන්න ගිහින් ටෙලිකොම් එකෙන් දෙතනකින් දෙවිදිහක කථාවක් අහන්න උනේ.
මගෙ යාලුවෙක්ට වීස වලට අයදුම් කරල. ඒකෙන් කෙටිපණිවිඩ වලින් අප්ඩේට් එවන නිසා මෙයා ඒකට ගෙදර නම්බරය දාල. ටෙලිකොම් එකෙන් කෙටිපණිඩිඩ තියනව කීව නිසාත් මෙයාගෙ ජංගම දුරකතනයෙ අවුලක් නිසාත්. ඒත් දුරකථනයෙ දර්ශකයන් හෝ කෙටිපණීවිඩ සම්බන්ධතාවයක් නැති නිසා ඇහුව 1241 ඇමතුමක් අරන්. එයාල මුලින් PSTN සඳහා කෙටිපණිවිඩ කීවහම හොයල බලන්නම් කියල ටිකකින් කීව ඒක දීල තියෙන්නෙ. ඒකට කෙටිපණීඩිඩ සහය දක්වන දුරකථනයක් ගන්න ඕනෙ. ඒ පාර ඇහුව ඒකක් කීයක් විතර වෙනවද කියල. ඒ නිලධාරිනිය කීව කීයක්වත් යන්නෙ නෑ. දුරකථනය අරන් ටෙලිකොම් එකට එන්න. නොමිලේ කෙටිපණිවිඩ සහය දක්වන දුරකථනයක් දෙන්නම් කියල. මෙගාලයින් සම්බන්ධතාවයට නොමිලේ දුරකථනය දෙනවලු
පහුවෙනිද අපි ගියා ටෙලිකොම් කුරුණෑගල එකට. ඒ පාර විස්තරේ කීවහම අරය ගාවට… මෙයා ගාවට යන්න කියල එකක්කෙනෙක් ගාවට අන්තිමට ගියා. එයා කීව PSTN වලට එහෙම දුරකථනයක් දෙන්න තියා සම්බන්ධතාවයක්වත් අපිගාව නෑ කියල. මම කිවුව මෙගාලයින් ගද්දි දෙනව කීව. ඊයෙ පාරිභෝගික සේවයෙන් ඇහුවහමත් කීව ඇවිත් දුරකථනය අරන් යන්න කියල.
ඒ පාර මෙයා වටේ පිටේ අයගෙන් අහල පාරිභෝගික 1241 නිළධාරියෙක්ගෙන් ඇමතුමක් අරන් අහුව. එයා කියපි එහෙම තාම දෙන්නෙ නෑ කියල. අපි මොනව කියන්නද. ඊයෙ රෑ දෙනව කියපු අය උදේ වෙද්දි දෙන්නෙ නෑලු.පාරිභෝගික නිළධාරීන් බොහෝ දෙනා ඔහොමයි දෙන්නෙක්ගෙන් ඇහුවොත් සමහර ඒවට දෙකක් කියන්නෙ. සමහර ඒව අපි කියල අපිම අහගන්න ඕනෙ. ඒත් මේ අය ප්‍රසිද්ධිය දෙන්නෙ මෙගාලයින් එකක් කෙටිපණිවිඩ දෙනවකියල. අනික ඒහෙම දෙන්නෙ නැතිනම් ඒ ගැන සදහනක්වත් දාන්න ඕනෙ. එක්කෙ නිවැරදි කරන්න ඕනෙත ඒත් තාම එහෙමයි. කෙටිපණිවිඩ එකකට ශත 75 ක් කියල.
බලන් යද්දි ටෙලිකොම් බොරුවක් අරන් යනව. ADSL වලත් දෙන්න බැරිවෙච්ච පාර ලබන සතියෙ අලුත් පැකේජ හදුන්වල දෙනවලු. ලබන සතියෙ මැද වෙද්දි ඒව එලියට දායි. තාම TRC අනුමැතිය සඳහා පෙන්ඩින්. ආරන්චියෙ හැටියට ඒවගෙ FUP තියනව. යම් සීමාවකට පසු (බොහෝ දුරට 30GB විතර) මෙගාබයිටයකට ශත 50 ක් හෝ ඊට අඩු ගානක් අය කරන්න ලෑස්තිය වගේ. ඒත් ඒ ගැන නිල වශයෙන් ආරන්චියක් නෑ. ඒ වගේම ටෙලිකොම් එක ratio එකත් වෙනස් කරයිවගේ.මීට වඩා බලන් යද්දි මොබල් බ්‍රෝඩ්බෑන්ඩ් හොදා වගේ.
ADSL 4Mbps තිබ්බ සමහරු 2Mbps වලට මාරු කරල. ඒත් උදේ අවුල එහෙමමයි. නමුත් හවස්වෙද්දි 2Mbps ට ආසන්න වේලයන් ඇවිත්. දිගටම මේ වේගයම තිබ්බොත් හොදා











මාලින්ද ප්රසාද් Reply:
September 9th, 2010 at 10:54 pm
ආරංචිය ඒ ආසන්නයෙන් දෙනව කියල. තාම මේව අනුමත වෙලා නෑනෙ. කැපිල කෙටිල TRC අනුමත වෙද්දි වෙනස් වෙයි
[Reply]