ටෙලිකොම් මීට වසරකට විතර කලින් මෙගාලයින් සම්බන්ධතා හදුන්වා දුන්න. ඒ එකක්ම ටෙලිකොම් කියපු දෙයක් තමා කෙටිපණිවිඩ සේවාව. මේ සම්බන්ධතාවල Platinum සම්බන්ධතාවය (http://www.slt.lk/data/forhome/011telecon_new.htm) එක්ක කෙටිපණිවිඩ සේවය නොමිලේ හම්බෙනව. ඒකියන්නෙ කෙටිපණිවිඩ සදහා මාසික ගාස්තුවක් ගෙවන්න ඕනෙ නෑ. අනිත් සම්බන්ධතා වලට කෙටිපණිවිඩ සේවය ඕනෙනම් ලබාගන්න පුලුවන්.
ඒත් මේ විදිහට මේ අය ප්‍රචාරය අරන් ගියත්, පාරිභෝගිකයක් ලියාපදින්චි කරගත්තත් ටෙලිකොම් වල PSTN සම්බන්ධතා සදහා තාම කෙටිපණිවිඩ සේවයක් නෑලු. ඕක ගන්න ගිහින් ටෙලිකොම් එකෙන් දෙතනකින් දෙවිදිහක කථාවක් අහන්න උනේ.
මගෙ යාලුවෙක්ට වීස වලට අයදුම් කරල. ඒකෙන් කෙටිපණිවිඩ වලින් අප්ඩේට් එවන නිසා මෙයා ඒකට ගෙදර නම්බරය දාල. ටෙලිකොම් එකෙන් කෙටිපණිඩිඩ තියනව කීව නිසාත් මෙයාගෙ ජංගම දුරකතනයෙ අවුලක් නිසාත්. ඒත් දුරකථනයෙ දර්ශකයන් හෝ කෙටිපණීවිඩ සම්බන්ධතාවයක් නැති නිසා ඇහුව 1241 ඇමතුමක් අරන්. එයාල මුලින් PSTN සඳහා කෙටිපණිවිඩ කීවහම හොයල බලන්නම් කියල ටිකකින් කීව ඒක දීල තියෙන්නෙ. ඒකට කෙටිපණීඩිඩ සහය දක්වන දුරකථනයක් ගන්න ඕනෙ. ඒ පාර ඇහුව ඒකක් කීයක් විතර වෙනවද කියල. ඒ නිලධාරිනිය කීව කීයක්වත් යන්නෙ නෑ. දුරකථනය අරන් ටෙලිකොම් එකට එන්න. නොමිලේ කෙටිපණිවිඩ සහය දක්වන දුරකථනයක් දෙන්නම් කියල. මෙගාලයින් සම්බන්ධතාවයට නොමිලේ දුරකථනය දෙනවලු
පහුවෙනිද අපි ගියා ටෙලිකොම් කුරුණෑගල එකට. ඒ පාර විස්තරේ කීවහම අරය ගාවට… මෙයා ගාවට යන්න කියල එකක්කෙනෙක් ගාවට අන්තිමට ගියා. එයා කීව PSTN වලට එහෙම දුරකථනයක් දෙන්න තියා සම්බන්ධතාවයක්වත් අපිගාව නෑ කියල. මම කිවුව මෙගාලයින් ගද්දි දෙනව කීව. ඊයෙ පාරිභෝගික සේවයෙන් ඇහුවහමත් කීව ඇවිත් දුරකථනය අරන් යන්න කියල.
ඒ පාර මෙයා වටේ පිටේ අයගෙන් අහල පාරිභෝගික 1241 නිළධාරියෙක්ගෙන් ඇමතුමක් අරන් අහුව. එයා කියපි එහෙම තාම දෙන්නෙ නෑ කියල. අපි මොනව කියන්නද. ඊයෙ රෑ දෙනව කියපු අය උදේ වෙද්දි දෙන්නෙ නෑලු.පාරිභෝගික නිළධාරීන් බොහෝ දෙනා ඔහොමයි දෙන්නෙක්ගෙන් ඇහුවොත් සමහර ඒවට දෙකක් කියන්නෙ. සමහර ඒව අපි කියල අපිම අහගන්න ඕනෙ. ඒත් මේ අය ප්‍රසිද්ධිය දෙන්නෙ මෙගාලයින් එකක් කෙටිපණිවිඩ දෙනවකියල. අනික ඒහෙම දෙන්නෙ නැතිනම් ඒ ගැන සදහනක්වත් දාන්න ඕනෙ. එක්කෙ නිවැරදි කරන්න ඕනෙත ඒත් තාම එහෙමයි. කෙටිපණිවිඩ එකකට ශත 75 ක් කියල.
බලන් යද්දි ටෙලිකොම් බොරුවක් අරන් යනව. ADSL වලත් දෙන්න බැරිවෙච්ච පාර ලබන සතියෙ අලුත් පැකේජ හදුන්වල දෙනවලු. ලබන සතියෙ මැද වෙද්දි ඒව එලියට දායි. තාම TRC අනුමැතිය සඳහා පෙන්ඩින්. ආරන්චියෙ හැටියට ඒවගෙ FUP තියනව. යම් සීමාවකට පසු (බොහෝ දුරට 30GB විතර) මෙගාබයිටයකට ශත 50 ක් හෝ ඊට අඩු ගානක් අය කරන්න ලෑස්තිය වගේ. ඒත් ඒ ගැන නිල වශයෙන් ආරන්චියක් නෑ. ඒ වගේම ටෙලිකොම් එක ratio එකත් වෙනස් කරයිවගේ.මීට වඩා බලන් යද්දි මොබල් බ්‍රෝඩ්බෑන්ඩ් හොදා වගේ.
ADSL 4Mbps තිබ්බ සමහරු 2Mbps වලට මාරු කරල. ඒත් උදේ අවුල එහෙමමයි. නමුත් හවස්වෙද්දි 2Mbps ට ආසන්න වේලයන් ඇවිත්. දිගටම මේ වේගයම තිබ්බොත් හොදා
Thanks kiwwwa News1 dunnata bro
30GB FUP??? :O
ආරංචිය ඒ ආසන්නයෙන් දෙනව කියල. තාම මේව අනුමත වෙලා නෑනෙ. කැපිල කෙටිල TRC අනුමත වෙද්දි වෙනස් වෙයි
machan 100% sureda ? fup wade :O
ඔව්. දැනටම ඕකට අහුවුන අය ඉන්නව. ඒත් ඒකට තාම ඒ අය TRC අනුමැතිය අරන් නෑ. ඕක ලබන සතිය හම්බෙයි. එතකොට සීමාව වෙනස් වෙයි. ඒත් FUP එක දායි. Ratio එක වෙනස් කරයි
මල්ලි ටෙල්කොම් එක ගැන කියපු කතාව හරියටම හරී. කස්ටමර් කෙයාර් කතා කලාම එකක් කියනවා.ටෙලිකොම් එකට ගියාම තව එකක් කියනවා. මටත් ඔය වගේ වැඩක් උනා. බ්‍රොඩ් බෑන්ඩි ගන්න ගිහිල්ලා. කස්ටර්මර් කෙයා එකෙන් කීවා කොළඹ ඕකේ කුරුණෑගල ටෙලිකොම් යන්න ගිහින් අහන්න කියලා. මමත් ඉතිං ගියා. ගිහිල්ලා ඔන්න ඉතිං ඉදගෙන ඉන්නවා. මොන කවුරුවත් අහන්නෙත් නෑ බලන්නෙත් නෑ. පැය බාගයකට පස්සේ ඔන්න නෝනා කෙනෙක් ඇවිත් විස්තර අහලා කියපි කොළඔ වැරැද්දක් කියලා. මට යකා නැග්ගා. ආපහු කස්ටමර් කෙයා කතා කරපුවාම කියනවා කුරුණෑගල වැරැද්ද කියලා. මට දුකේ බෑ. ඒ උණාට අර කස්ටර්මර් කෙයා ගෑණු ළමයාට මට ඇති කියලා හිතෙනකම් බැනලා තිබිබා. ආපහු මම පැත්ත පළාතේ ගියේ නෑ. කොහොම හරි සතියකට විතර පස්සේ මට බ්‍රොඩ් බෑන්ඩ ලැබුනා. මම කියන්න ගියේ ඔය කුරුණෑගල ටෙලිකොම් එකේ ඉන්න මැටි ගෑණු ටික කීයක් හරි දීලා ගෙදර යවන්න තියෙන්නේ. මේලෝ දෙයක් දන්නෑ. ටෙලිෂොප් එකේ ගෑනු ටිකත් එහෙමයි.
කියල වැඩක් නෑ. එකපාරක් මම Online Web Self Care ගැන ඇහුව. අන්තිමට මමයි ඒ අයට විස්තරේ කීවෙ….
slt eken oka karanawa kiyanne aniwaryenma anik ewatath fup watenawamai eka sure dialog wimax okkoma wimax ewa fup daai
දැනට සාමාන්‍යය ගානට 4Mb තියෙන්නෙ Dialog Wimax විතරයි. SLT සීන් නිසා හුගක් දෙනා Dialog යයි. එහෙම උනොත් ඒකටටත් මේ වැඩේ වෙයිද දන්නෙ නෑ. තාම ලංකාබෙල් වයිමැක්ස් නම් අවුලක් නෑ. 512එක. ඒත් ඒකෙ 4Mbps නෑ
(උපුටාගැනීම = Malinda’s Blog – මාලින්දගේ සටහන) කියලා දාලා… 😛
http://www.elakiri.com/forum/showthread.php?t=803216
අවුලක් නෑ. කරන කොපි කිරිල්ලකි උපුටාගැනීම් දාල. ඒත් සමහරු කරන්නෙ තමන්ගෙ වගේ දාන එකනෙ. කොහෙන් ගත්තද? කාගෙද මුකුත් නෑ
දැන්නම් හොඳටම ෂුවර් SLT 4Mbps එකට ගේමදීල කියල. මට තියන ප්‍රශ්නය මෙයාලට ඕන ඕන වෙලාවට මේවගේ සෙල්ලම් දාන්න පුලුවන්ද කියන එක. අනික Limit කරන එකත් උපරිමයෙන්ම කරල තියනව. අනික කොච්චර ඇහුවත් ඇත්ත කියන්නෙත් නෑ, පුලුවන් තරම් customer ව ගොනාට අන්දන්න හදන්නෙ.
මටනම් SLT/Mobitel ගැන තිබ්බ විශ්වාසය නැතිම වෙලා යනව. අපිට බැරිද මේවට විරුද්ධව Legal actions ගන්න. මෙයාල ගහන ගහන පදවලට අපට නටන්න බෑනෙ
නීතිමය පියවර ගන්න සමහර ඒවට පුලුවන්වෙයි. ඔය වගේ වැඩ වලට. ඒකට තමා TRC එක පැමිණිලි කරන්න කියන්නෙ.
හැබැයි මම හිතන හැටියට පැකේජ වෙනස් කරන්න අයිතිය ආයතනය සතුයි. අපි අත්සන් කරල ඒකට අවසර දීල තියෙන්නෙ
hafoi ! mama me SLT megaline platinum ekak aragaththa. 1 week kalin. ADSL thama dunne na. ape paththe cabinet ADSL walata upgrade karana nisa 1 month wage yanawa kivva.. (samahara vita boru kiyanawa wenna athi FUP case eka nisa )
30GB FUP kiyanne Upload+download de ? nathinam download witharai de ?
FUP danawa nam package rental ekath adu karanna wei. dan 1840/= hodatama wadi.
anith eka FUP,512KBPS,wired connection nisa ADSL kawruwath ganna ekak na. mokade api ADSL gaththe unlimited, nearly stable speed eka nisa.
ehema unoth ADSL eka disconnect karala danawa. megaline platinum package eke ADSL aniwa ganna oni nisa, ADSL disconnect karanna ganak gewanna kiyai de danne na mun..
හෙට අනිද්ද ටෙලිකොම් නව පැකේජ එලියට දායි. එතකොට පියවරක් ගන්න.
සමහර විට ඒ අය තාම සම්බන්ධතාවය දුන්නෙ නැති නිසා එපා කියල ලියමනක් දුන්නොත් හරියයි
ow aluth packages introuduce karanakan idala.. ADSL walata bye kiyanna wei wage.
mobitel HSDPA walin maru una ADSL walata.. dan ayeth mobile broadband ganna wei wage..
aparade salli…
මම ADSL Entree package එකට Application දැම්මෙ ගිය 19 වෙනිද.මාසයකට කිට්ටු වුනත් තාම මට Connection එක හම්බ වුනේ නෑ.කථා කලාම කිව්වෙ Ports ඉවරයි මේ මාසේ මැද වෙද්දි දෙනව කියල.මට Password එකත් දුන්න.ඉක්මනට දෙයි කියල හිතල මම router එකත් අරගත්ත.ඒත් තාම නෑ.SLT එකේ වැඩ කරන එවුන් නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ තමා. පානදුර ටෙලෙකොම් එකත් එහෙමම තමා.අපි දන්න තරම් දෙයක් වත් මුන් දන්නෙ නෑ. මට Password එක දීලත් මාසයක් විතර යනකන් Connection එක දුන්නෙ නැති එකට මොන වගේ නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්ද කියල කාට හරි කියන්න පුවවන්ද?
අපෝ මගෙ යාලුවො දෙන්නටම ඔහොම තමා. ගන්න යද්දි කියන්නෙ කුරුණෑගල ටක් ගාල දෙනව. දවස් තුනයි උපරිම කියල. ඒත් මාස එකහමාරක් විතර ගියා. හැමදාම මෙහෙ දාන්නෙත් ඔය පොට් කථාව තමා. එක සම්බන්ධතාවයක් දුන්න ගමන් අනිත් එකක්කෙනා ඉල්ලුවත් එයාටත් පෝට් ඉවරයි. මම හිතන්නෙ ඕක එයාල අරන් යන මොකක් හරි ඇග බේරගන්න ගන්න ක්‍රියාමාර්ගයක්
ඔයාලට විතරක් නෙමේ මටත් connection eka denna masa 6 yak withara giya. a witharak neme dan hitapu gaman disconnect wenawa. mata nam epawela thiyenne
Pingback: SLT FUP and Small Solution for Speedup FUP Applied Connection - Malinda's Blog – මාලින්දගේ සටහන
Wow really glad i came across your internet site, i??ll be sure to visit back now i??ve bookmarked it??. 47930