අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසදුම් සොයාගත්ත ආකාරය ගැනයි මේ සටහන
මම කුරුණෑගල ඉදන් කිලෝමීටර 4 ක් දුරින් ඉන්නෙ. අපේ ගෙදරට Mobitel, Dialog වලින් ටවර් 4-5කට වඩා සිංග්නල් එනව. ඒ නිසා එකකින්වත් හරියට නෑ. මේකට mobitel ගෙවල් හරියෙ කුලුණක් ගැහුව. ඒත් හිතුව තරම් සාර්ථක නෑ. මේ හරියෙ ඉන්න මොබිටෙල් පාරිභෝගිකයින් ගාන වැඩී. ඉන්ටර්නෙට් මාර ස්ලෝ.
ඒක නිමා ඩයලොග් ගත්ත. ඒකෙ සිංගනල් ගෙදරට නැති ගනම්. ජනේලෙක E220 ඩොන්ගල් එක එල්ල තමා යන්නෙ. එතකොට හොදට තියනව. ඒත් මෙහෙ එල්ල යදිද් අපිට ලැබෙන සංග්නල් ඉතා අඩුයි. ඒ නිසා ඩොන්ගල් එක උපරිම ශක්තියක් යොදවල තමා සම්බන්ධ වෙන්නෙ. ඒක නිසා හොද විදුලියක් මේ ඩොන්ගල් එක ගන්නව. හොදට රත් වෙනව.
මේ විදිහට මම HSDPA විතරක් තියන E220 භාවිතා කරද්දි ඒකෙ කේබල් එක කැඩුන. මම වෙන කේබල් එකකින් ගැහුව. රත්මලානෙ ඉද්දි හොදාට වැඩ. ගෙදර ආවම නිතර විසන්ධි වෙනව. ටිකක් පරික්ෂා කරල බලද්දි තමා මීටර් උනේ රත්මලානට වඩා මෙහෙ සිංගනල් අඩු නිසා ගන්න විදුලිය වැඩි. ඒ අලුත් කේබල් එකෙන් ඕනෙ විදුලිය යන්නෙ නෑ ඩොන්ගල් එකට. එහෙම උනහම ඩොන්ගල් එකේ ලයිට් එක ඕෆ් වෙනව. ආයෙ ඒක රීස්ටාට් වෙනව. ඒක නිසා Disconnect වෙල නැවත පරිගණකය හා සම්බන්ධ වෙනව.
ඒකට පිලියමක් ලෙස් හොද වයර් එකක් දාල Laptop එකේ වැඩි විදුලියක් එන E-Sata Port එකට ගැහුව (ඩෙස්ක්ටොප් පරිගණකයකනම් පිටුපස USB හොදා ඉදිරිපසට වඩා). දැන් හොදට වැඩ. මේක කරගන්න අමාරුනම් Y Cable තියනව ගන්න.ඒකෙන් USB පෝට් දෙකක විදුලිය එකතු කරල ඩොන්ගල් එකට දෙන එක කරන්නෙ
ඒ විදිහට භාවිතා කරද්දි මට හෙන කාලෙක ඉදන් හිතේ තිබ්බ HSUPA තාක්ෂණත් භාවිතා කරන්න ඕනෙ කියල හිතුන. ඒ මම ගෙදර ඉද්දි නිතර වීඩියෝ කෝල් ගන්න නිසා හොද කොලිටියක් තියෙන්න ඕනෙ නිසාත්
ඩොන්ගල් කඩ වලින් මේව අහද්දි ඒ අය දන්නෙ 3.6 ද 7.2 ද කියන්න විතරයි. ඩයලොග් එකෙන් ඇහුව. එහාට මෙහාට දාල විස්තර හොයගන්න බැරිඋනා. Etisalat Site එකේ තියන ඩොන්ගල් සමහරක HSUPA තියන නිසා ඇහුව. ඒ අය දන්නෙ නෑ ඒ මොකක්ද කියලවත්. මොනව කරන්නද E173 ගැන හොදට හොයල ගත්ත ඒකක් Etisalat එකෙන්. අරන් අන්ලෝක් කරල දැම්ම Dialog එක. අපරාදෙ කියන්න බෑ. ගෙදරට සිග්නල් නෑ. ඉදල හිටල ගන්නව E220 තරම්ම සිග්නල්. ඒත් ඒකෙන් සම්බන්ද උනාට Upload Download මුකුත් යන්නෙ නෑ
අර E220/E169 HSDPA සමග හොදට වැඩ කලාට මේකට එහෙම වැඩ කරන්නෙ නෑ. ඒක නිසා සිංගනල් අඩු පැති වල ඉන්න අය HSPA ගන්නවට වඩා HSDPA ඩොන්ගලයක් ගන්න එක හොදා. HSDPA පමණක් තියන E1150, e220, E169 හොදට වැඩ කරලා HSUPA තියන E173 වැඩ කලේ නෑ.
මේ වැඩ නැති එක රත්මලානෙදි හොදට වැඩ. Upload එක 1.5Mbps පන්නල එනව

වීඩියෝ කෝල් හොද Quality
අලුත් E173, E153 වගේ ඩොන්ගල් එකක් Wireless Card එකකුත් ස්ථාපනය වෙනව. අර E220 එකට වඩා Detect කරනව එහෙම හොදා. ඒවගේම WiFi වගේ Network එකේ Singnal, නම වගේ විස්තර Wifi වලට යටින් Mobile Bradband පෙන්වනව. ඒකට මම හරි කැමති. mobile Partnet නැතිව සම්බන්ධ වෙන්න පුලුවන්. ඉස්සර වගේ ඉදල හිටල Error එන්නෙ නෑ. Pin එකක් උනත් දාන්න පුලුවන්. APN හදන්නත් පුලුවන් Windows වලින්
Etisalat දෙන Mobile Partner එකත් Dialog දෙන එකත් අලුත්ම Version. Linux වලටත් එකක්මයි එන්නෙ. History හිටන් Save වෙනව. හුගක් හොදා.
හැම විසන්ධි වීමක්ම අවසානයේ Statistics පෙන්වනව

ඒ වගේම incomming Call පෙන්වනව (Dongle එක සහය දක්වන නිසා)
කෝල් ගන්න පුලුවන්

කෝල් අරන් හොදට කථාකරන්න පුලුවන් (ඉස්සර සමහර ඩොන්ගල් වල කෝල් ගත්තට කථාකරන්න බෑ)
Videoකෝල් ගන්නත් පුලුවන්ලු. ඒත් Mobile partner එකෙන් ඒක සක්‍රිය කරගන්න ඕනෙ
වැඩිදුර











