දැන් දිගට හරහට ජංගම දුරකථන ගාස්තු අඩුකරමින් පාරිභෝගිකයන්ට සහන සැලසුවත් ටෙලිකොම් රැහැන් දුරකථන සදහා දීමනා ලගදී හිමවුයේ නැත. එහෙත් මීට ටික දිනක පටන් රැහැන් සබදතාවල සබදතා ගාස්තුමිල පහත දමා ඇත ඒ SMT MEGALINE හරහායි. මෙය විශේෂයෙන් පුලුල්පරාස අන්තර්ජාල සේවාව ලබාගන්න‍ට විශේෂය.

පෙර රැ 20,000/=ට ත් වඩා වැඩිව තිබු රැහැන් සබදතා ගාස්තුව දැන් උපරිම රැ 14,000/= දක්වා පහත දමා ඇති අතර නව සබදතා පැකේජ 4 ක් හදුන්වාදී ඇත.

අඩුම සබදතා ගාස්තුව හිමි ප්ලැ‍ටිනම් පැකේජයේ මිල රැ 8000/= ක් වන අතර ඒ සදහා පුලුල්පරාස අන්තර්ජාල සබදතාවය නොමිලේ වේ. මෙම අන්තර්ජාල සබදතාවය නිසා රැ 8000ට හිමිවන මෙම සබදතාවයේ අමතන්නා හදුනාගැනීමේ පහසුකම (CLI) , SLT PLUS (පොරොත්තු ඇමතුම්, ඇමතුම් යොමුකිරීම වැනි ජාල විශේෂාන්ග ) හා කෙටිපණිවිඩ (SMS) නොමිලේ වන අතර ඒ සදහා මාසික ගාස්තුවක් අයනොකෙරේ. නමුත් තොරා ගන්නා පුලුල්පරාස සබදතාවය අනුව (රැ 1000, රැ 2250, රැ 6500) අදාල මාසික ගාස්තුව මාසික ගාස්තුව‍ට ඇතුලත් උවත් අනෙක් නොමිලේ සපයන සේවා නිසා මාසිකව රැ 200 ට වැඩි ලාබයක් හිමිවේ. එමෙන්ම මෙහි ඇමතුම් සදහා විශේෂ මාසික ගාස්තුවක් නැත. සාමාන්‍යය මාසික ගාස්තු පමණි. එහෙත් මෙම සබදතාවය ලබාගන්නන්ට අන්තර්ජාල පහසුකම මාස 12 ක් යන තුරැ ඉවත්කල නොහැක. ඒ සබදතාවය මාස 12 පවත්වාගෙන යාමයි මෙහි විශේෂත්වය. එමෙන්ම සබදතාවය ලබාගැනීමට පෙර තම ප්‍රාදේශීය කාර්යාලය හා සම්බන්ද වී තමා සිටින ප්‍රදේශය පුලුල්පරාස ආවරණ කළාපයේද යනවග පරික්ෂාකරගතයුතුවේ.එමෙන්ම අන්තර්ජාල සදහා අවශ්‍යය මොඩම ආදිය තමා මිලදීගතයුතු වේ.

අනෙක් පැකේජය ගෝල්ඩ් පැකේජයයි. එහි සබදතාගාස්තු රැ 10,000/= ක් වේ. ‍මේ සදහා අමතන්නා හදුනාගැනීමේ පහසුකම (CLI) සදහා පමණක් මාසික ගාස්තු රහිත වන අතර  SLT PLUS (පොරොත්තු ඇමතුම්  හා ඇමතුම් යොමුකිරීම වැනි ජාල විශේෂාන්ග )  හා SLTNET (ඩයල් අප්) සබදතාවය නොමිලේ හිමිවුවත් ඒ සදහා මාසික ගාස්තු අයකෙ‍රේ.  එමෙන්ම කෙටිපණිවිඩද නොමිලේ නැත.

තුන්වන පැකේජය සිල්වර් වේ. මේ සදහා  අමතන්නා හදුනාගැනීමේ පහසුකම (CLI) හා  SLT PLUS (පොරොත්තු ඇමතුම්  හා ඇමතුම් යොමුකිරීම වැනි ජාල විශේෂාන්ග )  නොමිලේ හිමිවුවත් ඒ සදහා මාසික ගාස්තු අයවේ.‍මෙහි ගාස්තුව රැ 12,000/=කි

අවසාන පැකේජය රැ 14,000/= ක් වන අතර ඒ සදහා සාමාන්‍යය සබදතාවය පමණක් හිමිවේ.

මේ සියලු සබදතා රැහැන් සබදතා වන අතර දුර අනුව අදාල සබදතාමුදල වැඩිවිය හැකිය. එමෙන්ම අදාල ප්‍රදේශයේ රැහැන් තිබීම අනිවාර්ය අතර මෙම දීමනාව මිල අඩුකිරීමට හා අන්තර්ජාල සබදතා පුලුල් කිරීම උදෙසා දුන් දීමනාවකි.

කෙසේවෙතත් මෙම සබදතා ‍‍ගෙවීමට සිදුවන මාසික ගාස්තුව නිසා සබදතා ගාස්තු හා අනෙකුත් විශේෂාන්ග වල මාසික ගාස්තු සදහා දීමනා හිමිවේ. එම නිසා වැඩි සේ‍වාවක් ලබාගන්නන්ට මෙම සබදතා විශෙෂය. එමෙන්ම අන්තර්ජාලයද ලබාගන්නෙනම් ඔවුන්ට බොහො සේවා නොමිලේ හිමිවනු ඇත

SLT Reduced Connection Fee – ටෙලිකොම් මිල අඩුකරයි (ADSL සදහා විශේෂයි)

One thought on “SLT Reduced Connection Fee – ටෙලිකොම් මිල අඩුකරයි (ADSL සදහා විශේෂයි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *