මොබිටෙල් සමාගම දැන් දිග‍ට හරහ‍ට මිල අඩු කරමින් අමුතු අමුතු දීමනා දීගෙන දීගෙන යනව. මම හිතන්නෙ නොවැම්බර් දියහ අලුතින් එනව කියන එකට බයේද මන්ද. මොනව නමුත් මේ දීමනා නිසා ‍අනෙක් ජාලයන්ගේ ඉන්න බොහෝ දෙනා මොබිටෙල් වෙත හැරීමක් මෑතකදි සිදුවෙමින් පැවතුනා. විශේෂයෙන් උපහාර පැකේජය එලිදැක්වීමත් සමග බොහො ‍‍රාජ්‍යය සේවකයන් උපහාර ගත්ත. ඒක නිසා මොබිටෙල් වල මාර පෝලිම. අර කාලෙක ටෙලිකොම් වලට සිම් දුන්න වගේ, පෝලිම. දැන් බොහෝ දෙනා ‍‍රාජ්‍යය සේවකයො හොය හොයා මේ සබදතාවය ලබාගත්ත. මමත් එකක් හොයාගත්ත. මොකද මාස 6 කින්ද කොහෙද තම නමට මේක හරවගන්න පුලුවන්නෙ.

ඒත් මේ සිම් එකේ තිබෙන දීමනා අත්විදින්න සම්පුර්ණයෙන්ම බෑ. හදිස්සියක‍ට ගිණුම පරික්ෂාකරගන්නවත්, ‍පාරිභෝගික සේවයට ගන්නවත් බෑ. හැම වෙලාවෙම නෙට්වර්ක් එක කාර්ය බහුලයි, නැතිනම් සබදතාවය බිද වැටෙනව. අනික් සබදතා වලටත් එමමමයි, විශේෂයෙන් තවත් මොබිටෙල් දුරකථනයක් වෙත ගන්නනම් මාර දුකක් විදින්න වෙනව. අඩුම තරමෙ දෙතුන් වතාවක් උත්සහ කරල තමා ගන්න වෙන්නෙ. පාරිභෝගික සේවයෙත් හෙන වෙලා ඉන්න ඕනෙ. ඉතින් ගිණුම පරික්ෂාකරගන්න බෑ කීවහම?.අන්තිමේට කෙටි පණිවිඩේකින් පරික්ෂාකලේ.

අද මම තව මොබිටෙල් දුරකථනයකට ගන්න පැය බාගයක් විතර ට්‍රයි කලා. බැරිම තැන අල්ල දැම්ම. කෙටි පණිවිඩ සේවයත් එමමයි, සමහර වෙලාවට එක දිගට පණිවිඩ යවන්න බරිවෙන වෙලාවල් අනන්තයි. මේ ක‍ට්ටිය වෙලද දැන්වීම් වලනම් දානව මිස්කෝල් ඇලට් තියන කියල. ඒත් ඒක ගන්න ඒක‍ට්ටියගෙ පාරිභෝගි සේවයට කථාකරල එයාලගෙ ගෑස් බලල. දවස් දෙක තුනක්වත් මතක් කරාම තමා ඇලර්ට් දාන්නෙ. අනෙක් යාලුවොත් කියනව මමත් කථාකලා ඒත් ඇලර්ට් නෑ කියල. බැරිම තැන ඒ නිළධාරියකගේ දෙමාපියන් සිහි කරල අල්ලල දාල.

මෙතරම් පාරිභෝගිකයන් සිටියත් ඒ අනුව මෙයාල‍ට සැපයුම දීගත්තනම් කොච්චර හොන්ද වේවිද?

ඉල්ලුමට සැපයුම් දීගත නොහැකිව අසරන වූ මොබිටෙල්

11 thoughts on “ඉල්ලුමට සැපයුම් දීගත නොහැකිව අසරන වූ මොබිටෙල්

  • October 13, 2008 at 12:06 am
    Permalink

    මොබිටෙල් උපහාර බිල බලාගන්නේ කොහොමද කියන එක නම් මටත් ප්‍රශ්නයක්. කොහොමද SMS එකෙන් ඒක බලාගන්නේ? මොකක්ද අංකය?

    Reply
  • October 13, 2008 at 1:39 am
    Permalink

    බිල බලා ගන්නෙ නම් 1456 ඩයල් කරල හැබැයි අර කිව්වත් ‍වගෙ මාර කට්ටක් කන්න ඕනේ. මිස් කෝල් ඇලර්ට් එකත් මම ඉ මේල් කරල දා ගත්තෙ. හුඟක් අය කියල තියෙනවා IDD කෝල්ස් එහෙම ගන්න බෑ කියල. හැබැයි කියන්නෙ නම් Activation and Rental Free කියලනේ.
    “කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල” තමා.

    Reply
  • October 13, 2008 at 6:58 am
    Permalink

    @ චරිත – අපෝ මම ඒ අංකෙට කලින්ම ගත්තා. ඒක නම් එපා වෙනවා… SMS ක්‍රමේ දන්නවාද?

    Reply
  • October 13, 2008 at 11:09 am
    Permalink

    මට මතකයි ඒකාලේ මෝබිටෙල්, මම කියන්නේ අර ටෙල්ස්ටාර් ඔස්ට්‍රේලියා එක්ක SLT තිබුන කාලේ, ඇත්තමයි හරිම අගනා පාරිබෝගික සේවාවක් තිබුනේ, ඒකාලේ මම පාවිචිකලේ මොබිටෙල්, ඔයා SLT අරගෙන GSM කරාට පසේ ගු උනා… පසෙ තමයි මාරු උනේ….

    මේලගතිත් මගේ m3 එක disconnect කරන්න ගිහින් හොද බුලක් කලා, මගෙන් වැඩිපුර සල්ලි අරගෙන දැන් රිෆන්ඩ් කරනෙ හැටි හොයනවා… පිස්සු හැදෙනවා…

    Reply
  • October 13, 2008 at 12:26 pm
    Permalink

    type "Usage" and send 4567

    eg – usage >4567

    කරල කෙටිපණිවිඩයෙන් බලාගන්න

    Reply
  • October 14, 2008 at 10:30 am
    Permalink

    ආ… බොහොම ස්තූතියි. ඒත් එකේ එවන්නේ නොමිලේ විනාඩි ගාන විතරයි නේ. ගෙවන්න තියෙන බිල ගැන දැනගන්න විදිහක් තියෙනවානම් හරි.

    Reply
  • October 14, 2008 at 10:54 am
    Permalink

    i use dialog and difficult to take calls. even if connected it is disconnecting. my mobitel friends use it without such congession. they have problem with the hotline as it is always busy but calls are connecting without difficulty.

    Reply
  • October 20, 2008 at 7:33 am
    Permalink

    @Malinda

    Do you mean to say that the “Upahara” users have been separated from other Mobitel customers when you say that its difficult even to call another Mobitel?

    Reply
  • October 20, 2008 at 7:58 am
    Permalink

    අනිත්ව‍ගේත් අවුල තිබ්බට මේතරම් නෑ. ස්මාට් තව හොන්දා. මම හිතන්නෙ උපහාර අය යූස්කරන ස්ව්ච් එකේ අයට වෙන්න ඇති

    Reply
  • November 9, 2008 at 1:27 am
    Permalink

    සුපුන්ගේ ප්‍රශ්නෙට පිලිතුර LASTBILLSUM ටයිප් කර 4567 ට යවන්න. අන්තිම බිලේ සමරියක් එනවා. මගේ සිම් එකේ නම් සිම් මෙනු එකේ හැම පහසුකමක්ම තියෙනවා බිලට අදාල දේවල් බලාගන්න. ඒත් අලුත් සිම්වලට දෙන්නේ නෑ.

    Reply
  • November 10, 2008 at 4:44 am
    Permalink

    මොබිටෙල් එකෙන් මෙනූ එක ඉල්ල ගන්න. එයාල අලුත් සිම් වලට මෙනූ එවනව.

    Reply

Leave a Reply to sanjan Cancel reply

Your email address will not be published. Required fields are marked *