ඇත්තෙන්ම දේශීය සමාගමක් කීවට ලංකාබෙල් නම් වැඩක්ම නෑ. මම හිතන්නෙ දැනට වැඩිම ඇමතුම් ගාස්තු ඇත්තෙ මේගොල්ලන්ගෙ. ඇමතුමක් ගත්ත ගමන් රැ 3.39/- ක් කපලයි වැඩේ පටන් ගන්නෙ. අන්තර්ජාල පහසුකමත් එමමයි.

අපේ ගෙදර ලංකාබෙල් ‍එකේ කෝල් ගන්න බෑ. එන්නෙ නෑ කියල කීවහම ඇවිත් ඇන්ටනාවක් ගැහුවා. ඒක තමා එයාල wireless කියන්නෙ. අපේ එක දැන් හෙල්ලුම් less තමා. මෙයාල‍ගෙ හැමදේම less තමා.

ලංකාබෙල් එක කා‍ම‍රේ තිබිල ගෙදර අලුත් වැඩියා කටයුතු වලදි ඒකෙ ඇන්ටනා වයර් ගලවල වෙන තැනකට ගත්ත. අන්තර්ජාලෙ යන්නබැරි තරම් මන්දගාමී නිසා මෙයාගෙ පාරි‍භෝගික සේවයට ගන්න හැදුව. කොහෙද…. ඒකටවත් ගන්න බෑ. ලයින් එක බිදවැටෙනව. සිග්නල් යනව එනව. අන්තිමේට වෙන දුරකථන‍යකින් ගත්ත. ඒපාර හරි. අපරාදෙ කියන්න බෑ පහුවෙනිදම කට්ටිය ආව. ඇවිත් අන්ටනාවෙ වයර් ගලවපු නිසා මුකුත් කරන්න බෑ, කාර්යාලයට ඇවිත් ගානක් බැදල කියන්න කීව. මේක මාර ලෝකයක්. අර වයර් ඇදල දෙන ටෙලිකොම් වලවත් මෙහෙම කරදර නෑ. ඕනෙ තැනකට ගන්න පුලුවන්.

අන්තිමේට මේව ගත්ත අපි තමා වැරදි. මේ දුරකථන සම්බන්ධතාවය නවත්වනවනම් අපි 14000/- ගානක් දීල ගත්ත දුරකථන‍ය මෙයාලට බාරදෙන්න ‍ඕනෙලු. කීයක්වත් ඩිපොසිට්වත් දෙන්නෙ නෑලු. 14000/-ම වතුරෙලු. මාර වැඩනෙ. අනෙක් සේවාසපයන්නන්ගෙනම් මොහම නෑ

Lanka Bell තම පාරිභෝගිකයා සූරාකෑම

8 thoughts on “Lanka Bell තම පාරිභෝගිකයා සූරාකෑම

  • October 21, 2008 at 1:21 am
    Permalink

    ITHIN MOKATA DHA WIRE EKA EHETA MEHATA ADHINNA GIYE?

    OYALAGE MA FAULT EKA NE

    ANUNTA BANALA WADAK THIYENAWA DHA?

    Reply
  • October 21, 2008 at 2:10 am
    Permalink

    @Anonymous
    unge gedara telephone eke wire eka unta one thanakata ganda barinam umbatada puluwan?

    Reply
  • October 21, 2008 at 9:39 am
    Permalink

    not only that they charge Rs.500 for a replacement CD for the CDMA modem drive CD. I wouldn’t mind paying a reasonable price like Rs.50, but 500 is a total rip off.

    Another thing machan. It’s good if u can post a English translation of these posts also at the bottom. SO when others (regular ppl who don’t use sinhala unicode) google for LankaBell these posts will come up. me wage jada wada gana ratama dana ganna one.

    Reply
  • October 21, 2008 at 11:33 am
    Permalink

    Ape Ratatama Aithi Sannivedakaya!

    Reply
  • October 22, 2008 at 11:23 am
    Permalink

    රුපියල් දාහතරදාහෙන් බලු කපුටු දානයක් දුන්නා කියලා හිතා‍ගෙන වෙන ෆෝන් එකක් ඇරගන්න. ඔය ලංකා බැල් එකට වඩා mobile network එකක් වුනත් හොඳයි.

    Reply
  • October 23, 2008 at 1:28 am
    Permalink

    රට වෙනුවෙන් කියල හිත හදා ගන්න.

    Reply
  • November 5, 2008 at 11:08 am
    Permalink

    අපේ රටේ සල්ලි පිටරට යන්නේ නෑ කිව්වට ඕක අයිති එකාගේ බැංකු ගිණුම් නම් ඔක්කොම තියෙන්නේ ස්විට්සර්ලන්තයේලු. එගොල්ලෝ අපේ රට කියල අදහස් කරන්නේ ස්විට්සර්ලන්තෙ වෙන්න ඇති.

    Reply

Leave a Reply to මරණය Cancel reply

Your email address will not be published. Required fields are marked *