දැන් පුලුල්පරාස සබතාවල මිලගණන් සීග්‍රයෙන් අඩුකර ඇත. අඩුකිරීමෙහි ලා මුල්තැන ගන්නෙ ජංගම පුලුල් පරාස සේවා සපයන්නන්ය. ඔවුන් තම ඇමතුම් ගාස්තු මෙන්ම GPRS ගාස්තුද අඩුකර ඇත. ඒ අනුව උපරිම පසුගෙවුම් හිමියන්‍ට මෙගාබයිටයක් ශත 50 බැගින් ලබාගත හැකිය. එමෙන්ම 1Mbps ක වේගයක්ද ලබාගත හැකිය.

එසේ බලන විට මොබිටෙල් සමාගම ලබාදෙන Zoom 490 පැකේජය මිලදීගන්නෙකුට මෙගාබයිට් 750 ක නොමිලේ සැරිසැරීමේ භාවිතයක් හිමිවේ. ඔවුට ගිගාබයිට 1Mbps ක සැරිසැරීමකට වැයවන්නෙ 490+125=615/- කි. එමෙන්ම Zoom 890 පැකේජ හිමියෙකුට ගිගාබයිට් 2ක් සදහාම වැයවන්නේ රැ 890/- ක් පමණි. එසේම ඔවුන් ලබාගන්නා අමතර මෙගාබයිටයකට ශත 50ක් මෙන්ම එය අයකරනුයේද මෙගාබයිට් 10 කාණ්ඩ වශයෙනි. එනම් රු 5/- බැගිනි

නමුත් මුලින්ම අඩුමුදලට පුලුල් පරාස ලබාදුන් ටෙලිකොම් ආයතනයේ මිලගනන් මෙයට වඩ දැන් වැඩිවී ඇත. මුලින් අඩුවට තිබුනද අනෙක් සේවාසපයන්නන් මිලගනන් පහත දැමීම නිසා ටෙලිකොම් මිලගනන් වැඩිව පෙනේ. ඉන් විශේෂයෙන්ම අසාධාරණය වන්නෙ මාසික ගාස්තුව රු 1000/- ගෙවන ටෙලිකොම් පුලුල්පරාස පාරිභෝගිකයන්ටය. ඔන්ට ගුණාත්මක සේවාවක් ලැබුනද රු 1000/- ට ඔන්ට නොමිලේ ලබාගත හැක්කේ 1GB ක භාවිතයක් පමණි. එය ඉක්මවන විට මෙගාබයිටයට රු 1/- බැගින් අයකරන අතර ඒ අයකිරීමද සිදුකරන්නේ මෙගාබයි‍ට් 250 ක කාණ්ඩ වශයෙනි. එනම් රු 250/- බැගිනි.

එමෙන්ම ටෙලිකොම් භාවිතා කරන්නන්ට ඇති අනෙක් අවාසියනම් වේගයයි. ඔන්ට උපරිමය 512 Kbps ක වේගයක් ලබාගත හැකි උවත් මොබිටෙල් පාරිභෝගිකයන්ට 1024 Kbps ක වේගයක් ලබාගත හැකිය. මේ අතරින් මොබිටෙල් පාරිභෝගිකයාට අවාසි නැතුතාම නොවේ. ටෙලිකොම් නිවාස සදහා දෙන පැකේජය හා සැසදීමේදී මොබිටෙල් පාරිභෝගියන්ට භාවිතා කිරීමේ සීමා තිබේ. එමෙන්ම මෙම වේගයන් ලබාගැනීමට හොද ආවරන කලාපයක මෙන්ම 3 කලාපයක සිටිය යුතුය. නැතිනම් හොන්ද ගුනාත්මක සේවාවක් ලබාගත නොහැකිය.

එහෙත් ටෙලිකොම් පාරිභෝගිකයන්ට එම ගැටලු නැත. ඔවුන්ට දිනයේ ඕනෑම වේලාවක ආසන්න වශයෙන් පැකේජ වේගයම ලැබේ. බිද වැ‍ටීම් අවමය. එමෙන්ම භාවිතා කිරීමේ සීමා නැත. එසේම මොබිටෙල් පාරිභෝගියන්ගෙන් අයකරන බදුමුදල ටෙලිකොම් මෙන් ආසන්න වශයෙන් 190%කි. එනම් ටෙලිකොම් සමාගම තම පාරිභෝගිකයාගෙන් 15% කට ආසන්න බදු මුදලක් අයකරන විට මොබිටෙල් සමාගම ආසන්න වශයෙන් 28%කට වැඩි බදුමුදලක් අයකරයි.

මේ ආකාරයෙන් ඇමතුම් හා අන්තර්ජාල සේවාවන්ගේ මිල විශාල වශයෙන් අඩු උවත් ටෙලිකොම් සමාගම තම ඇමතුම් මිල හො අන්තර්ජාල මිල ගනන් අඩුකර නැත. ඒ අනුව මීට වසර කීපයකට පෙර පැවත් තත්වයක් එනම් ජංගම දුරකථන මිලට වඩා ස්ථාවර දුරකථන මිල අඩුවීම යන සංකල්පය බිදීයන අතර ජංගම දුරකථන සේවා සපයන්නන් තම මිලගනන් අඩුකීරමින් තම තාක්ෂණය නිතර ඉහල දමමින් සිටී. නමුත් ටෙලිකොම් සමාගම පෙර පැවති මිලගණන් සමග බලාසිටි. එහෙත් ඔවුන් අන්තර්ජාතික ඇමතුම් ගාස්තුනම් අඩුකර ඇත

පුලුල් පරාස සබතා මිල අඩවීම හා SLT බලාසි‍ටීම

4 thoughts on “පුලුල් පරාස සබතා මිල අඩවීම හා SLT බලාසි‍ටීම

  • December 29, 2008 at 12:31 am
    Permalink

    කොහොමද SLT එක ඔහොම සද්ද නැතුව ඉඳලා 500/= ට විතර Unlimited එකක් දුන්නොත්. මල් හතායි!!!!!!

    මටනම් SLT 2250/= එක දාල යන්න තාමනම් කිසිම හේතුවක් නැහැ.

    Reply
  • December 29, 2008 at 8:54 am
    Permalink

    මම නං SLT එකේ පරණ ණය කාරයෙක්ද කොහෙද… SLT CDMA ඩයල් අප් සහ Dialog HSPA විතරයි ගෙදරට තියෙන්නෙ… Mobitel HSPA ගන්න නම් වෙල අද්දරට යන්න ඕනා… ඒක උනේ එහා ගමේ ටවර් එකක් ගැහුව නිසා… ඒ ටවර් එක කඩාන වැටුනොත් නම් මල් හතයි….

    Reply
  • December 31, 2008 at 12:06 pm
    Permalink

    The taxes are going to be equal from Jan ’08. They were increased for SLT and other fixed line operators in the last budget.

    Reply
  • February 3, 2009 at 12:10 pm
    Permalink

    මාලින්ද ඔයාගෙ ලිපි ටිකනම් නියමයි! මම ජංගම අන්තර්ජාලා සබඳතාවලට අළුත් නිසා මේ බ්ලොග් එක කියවීමෙන් ගොඩක්දේවල් විශේෂයෙන් වෙළඳ පොල සම්බන්ධ යාවත්කාල කිරීම් ලබාගන්න මට බොහොමත්ම ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න.

    තව දෙයක් මොබිටෙල් එකේ අන්තර්ජාල සම්බන්ධ සේවාවන් නම් ඇත්තටම හොඳයි මරේ මරු! විශේෂයෙන් ත්‍රීජී ඩිලයිට් එක !

    Reply

Leave a Reply to Cancel reply

Your email address will not be published. Required fields are marked *