දැනට බොහෝ අන්තර්ජාල සේවා අප අතර තිබුනත් අලුතින් HSDPA අන්තර්ජාල සබදතා දීම ආරම්භ කල ඩයලොග් සමාගමෙන් සීමා රහිත 7.2 Mbps ක වේගයක් ඇති අන්තර්ජාල සබදතාවයක් ලබාගැනීමට හැකියාවක් තිබේ.
මේ සදහා මාසිකව උපරිම බදු රහිතව රු 6000 /- මුදලක් ගෙවීමට සිදුවේ. එනම් (http://sinhala.kalingasblog.com/2008/09/16/dialog-unlimited-mobile-broadband-hsdpa-vs-mobitel-m3-borodband/) දරන කාලිංගගේ බ්ලොග් සටහනට අනුව ඩයලොග් මගින් ලබාදෙන HSDPA සබදතාවයක් සදහා 7.2 Mbps ක වේගයක් හි‍මිවෙන බව සමාගම පවසනවා. එමෙන්ම මෙම සබදතාවය සීමා රහිත උවත් සාධාරන භාවිත කොන්දේසි නිසා මාසික (යම් මසක 15 දින සිට ඊලග මස 14 දක්වා) භාවිතය 5GB දී හා 6GB ඉක්මවීමේදිදී වේගයන් 64Kbps දක්වා අඩුකිරීමක් සිදුකරනව. මේ ආකාරයෙන් සාමාන්‍යය භාවිතයට මාසිකව රු 2990/- ගෙවිය යුතු අතර මෙම සබදතාවය විශ්වවිද්‍යාල හැදුනුම්පත් හිමියෙකු ලබාගතහොත් මාසික ගාස්තුවට 50 % ක වට්ටමක් හිමිවෙනව. ඒ අනුව ඔන්ගේ මාසික ගාස්තුව රු 1490/- කි
එසේම තමා මෙම සභදතාවය භාවිතයේදී නියමිත පරිභෝජන සීමාව ඉක්මවුවිට එම මාසයේ (යම් මසක 15 දින සිට ඊලග මස 14 දක්වා) තමාට හිමිවන වේගය සමාගම විසින් අඩුකරනු ලබනවා. නමුත් මෙම අහිමිවූ වේගය දිනකට රු 100/- බැගින් ගෙවීමෙන් නැවත ලබාගත හැකිවනවා.
එම නිසා අප මෙම සබදතාවයක් ගත්විට පරිබෝජනයේදී වේගය අඩුවුවහොත් නැවත ලබාගත හැකි නිසා මේ සබදතාවය දීර්ග වශයෙන්ම 7.2Mbps ක වේගයක් සහිත සීමා රහිත සබදතාවයක් බවට පත්කරගත හැකිය. ඒ අනුව උපරිම මාසිකව අමතර රු 3000/- (දිනක‍ට රු 100/- බැගින් දින 30ක් ) ක් ගෙවීමට සිදුවෙනව. ඒ අනුව මාසික ගාස්තුව රු 2990/- ට මෙම රු 3000/- එක්වු විට මාසිකව රු 6000/-කට 7.2Mbps සබදතාවයක් ලබාගතහැකි වනව. එමෙන්ම මෙම සබදතාව‍ය සදහා විශ්වවිද්‍යාල හැදුනුම්පත් හිමියෙකුට (රු 1490/- + රු 3000/-) රු 4490/- කට ලබාගත හැකි.
එහෙත් මෙම සබදතාවය ලබාගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් හා ගැටලු රැසක් තිබෙනව. (http://malindaprasad.blogspot.com/2008/12/dialog-mobile-broadband.html) යන මාගේ පැරණි සටහන අනුව මෙම සබදතාවයෙන් 7.2 ක වේගයක් ලබාගැනීමට HSDPA ආවරණ කලාපයක සිටිය යුතු‍ වනව. නමුත් ඩයලොග් සමාගමේ බොහෝ HSDPA ආවරන කලාප තුලත් මොබිටෙල් සමාගම තරම් හොන්දටවත් එනම් 7.2 ක වේගයක් ලබාගැනීම අසීරැයි. නමුත් මෙම ගැටලුව මොවුන්ගේ කුලුණු අතර ගොඩනගන ප්‍රකාශතන්තු මගින් සම්බන්ධ වන නව ජාලව නිමවීමත් සමග හරියාමටද ඉඩ ඇත. ඒත් එය හරියාකාරව කිව නොහැකිය. එමෙන්ම මෙහි ඇති තවත් ගැටලුවක් නම් මෙම සබදතාවය මගින් සම්බන්ධ වීමේදී අනෙක් මොබිටෙල් හා ටෙලිකොම් සබදතා වලට‍ සාපේක්ෂව වෙබ් පිටු සමග සම්බන්ධ වීමට සැලකිය යුතු කාලයක් ගතවේ(ping එක ටෙලිකොම් හා මොබිටෙල් සමාගම් වලට වඩා වැඩිවේ) . එමෙන්ම මොවුන්‍ගේ සේවාවේ ගුණාත්මත භා‍වයේත් ගැටලු නැතිවාම නොවේ. මොවුන් අපට ‍අනේක් සබදතාවල මෙන් වෙනස් වන හෝ වෙනමම අන්තර්ජාල IP ලිපිනයක් ලබානොදෙන අතර ඔවුන්ගේ ජාලයේ IP ලිපිනයක් පමණක් ලබාදේ. එම නිසා සමහර අඩවි මගින් බාගත කිරිමේදී ගැටලු මතුවේ.
නමුත් අනෙක් සාමාන්‍යය කටයුතු වලට සෑහෙන තරම් වේගයක් ලබාදෙන මෙම සබදතාවය රු 6000/- කට අඩුවෙන් ලබාගත හැකිය. එය වාසියකි. නමුත් මෙම සබදතාවය ගැනීමට පෙර තම ප්‍රදේශයේ ආවරනයන් හා වේගයන් ගැන සලකා බැලිය යුතුය.

7.2Mbps Internet Connection for Rs 6000/- per Month

4 thoughts on “7.2Mbps Internet Connection for Rs 6000/- per Month

  • January 5, 2009 at 6:50 am
    Permalink

    මොබිටෙල් මගින් ලබා දෙන සබදතාවයේ IP එක Public ද?

    Reply
  • January 5, 2009 at 10:16 am
    Permalink

    මම හිතන්නෙ එහෙම තමා

    Reply
  • January 5, 2009 at 11:10 am
    Permalink

    හපෝ මේ ඩයලොග් connection දැනට මට ලෙඩ කෝටියක් දෙනවා.

    Reply
  • January 5, 2009 at 11:00 pm
    Permalink

    Mobitel HSPA වලට දැන් ගොඩක් අය කැමතියි වගේ

    Reply

Leave a Reply to රුක්ෂාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *