දැන් මොබිටෙල්ගෙ අන්තරජාල ඉල්ලුම වැඩිවෙලා. රු 5490/- ට ඩයලොග්ල මොඩම් දුන්න කාලෙ  හුගක් අය මොඩම් අරන් ඒක අන්ලොක් කරල. කුරුණෑගල ඩයලොග් අන්තර්ජාල වේගය හොන්දනැති නිසා ඒ අය දැන් මොබිටෙල් වලට මාරැ වෙලා. ඒකෙන් හරි මොකෙන් හරි මොබිටෙල් අයගෙ පාරිභෝගිකයන් වැඩිවීම නිසා විශේෂයෙන් කුරුණැගල හෙන ටවර් තද බදයක් ඇතිවෙනව. මොකත කුරුණෑගල HSDPA කුලුණු තියෙන්නේ නගරෙ විතරයි. ඒක නිසා කුරුණෑගල නගරාසන්නෙ හා කුරුණෑගලින් සිග්නල් යන අය හරමෝම සම්බන්ධ කෙරෙන්නෙ කුරුණෑගල හරහා.
දැන් ඩයලොග්ලගෙ කුරුණෑගල 3G ආවරණය වැඩි ඈතකට නෑ. ඒත් මොබිටෙල්ල‍ගෙ තියනව. එයාලගෙ හුගක් ටවර් 3G. ඒ වගේමයි අපි මොන ටවර් එකෙන් සම්බන්ධ උනත් අපිට  HSDPA සිග්නල් පොඩ්ඩක් හරි එනවනම් මෙයාල ඒ ටවර් එකට සම්බන්ධ කරවනව. දැන් මම කුරුණෑගල ඉදන් 4-5km දුරින් ඉන්න නිසා මට සිග්නල් එන්නෙ මේ අවටින්. හැබැයි කුරුණෑගලිනුත් ඉදල හිටල එනව. නමුත් මම අන්තර්ජාලෙ හා සම්බන්ධ උනහම මෙයාල මාව කුරුණෑගල හරහා තමයි සම්බන්ධ කරන්නෙ. මොකද මේ හරියෙ HSDPA තියෙන්නෙ කුරුණෑගල විතරනෙ.
ඉතින් මේවගේ හේතුනිසා මෙහෙ හෙන තදබදේ. සමහර වෙලාවට WCDMA/HSDPA මගින් සම්බන්ධ වේන්න බෑ. එතකොට EDGE තෝරල තමා යන්න වෙන්නෙ. මම හිතන්නෙ ඒ තදබදේ වැඩි උනහම.
නමුත් අපිට දැනි මොබිටෙල්ල සාර්ථක පිලිතුරක් දෙන්නයි යන්නෙ. මෙයාල කුරුණෑගල අන්තර්ජාල සේවාව වර්ධනය කරනවලු. දැන් නගරින් බාහිරවත් HSDPA කුලුණු ඉදිවෙමින් පවතිනව. ඒවගේමයි මෙයාල කුරුණෑගල වෙනමම අන්තර්ජාල සම්බන්ධ අංශයක් පිහිටුවන්නයි යන්නෙ. ඉතින් මේව නිසා හොන්ද සේවාවක් ලැබෙයි කියල හිතනව. දැනටත් අනිත් HSDPA සේවාවන්ට වඩා හොන්ද සේවාවක් මෙයාල සපයනව. ඉතින් මේක වර්ධනව වෙන එක ගැන හරිම සතුටුයි.

Now Mobitel ready for improve their HSDPA service around the Kurunegala. At this days  Mobitel HSDPA network are very busy. so their network traffics jam occur most times.

As answer for this problem, they build new HSDPA towers and Departments in Kurunegala for serve good service to customers. After they complete this project. we can get good service for our internet

Happy news for mobitel Internet users in Kurunegala
Tagged on:

7 thoughts on “Happy news for mobitel Internet users in Kurunegala

  • February 13, 2009 at 12:07 pm
    Permalink

    ආ ..කොල්ලට මාර හැපි වගේ…!ඉඩෝරයට පොද වැස්සක් නොවේවා !

    Reply
  • February 13, 2009 at 8:30 pm
    Permalink

    එහෙනම් ඉතින් Dialogලා ගෙන් මොඩම් අරන් Unlock කරල ගමු නේද?
    (මම දන්න විදිහට Dialog ලගේ E220 මොඩමය තමයි ලාබ ම මොඩම් එක)

    Reply
  • February 13, 2009 at 8:33 pm
    Permalink

    කොහොම වුනත් අපේ ගෙවල් ලඟ නම් මොබිටෙල් කුළුණක් නෑ

    http://gayantha.myblog.lk/files/2009/02/mobi.jpg

    ඒත් සෑහෙන වේගයක් නම් එනවා (මෙහෙම එන්න නම් WCDMA Only තෝරන්න ඕනෙ 🙁 )

    Reply
  • February 16, 2009 at 10:05 am
    Permalink

    @ Malinda

    Isn’t there a 6 month contract when you get the modem for Rs. 5200/- from Dialog? How can you disconnect from Dialog before 6 months?

    Reply
  • February 16, 2009 at 11:10 am
    Permalink

    මම මොඩම් එක ගත්තට සම්බන්ධතාවය ගත්තෙ නෑ. යාලුවෙක් ගත්තෙ ඩයලොග් එක. එයා තාම ඒ සම්බන්ධතාවය පාවිචිකරනව

    Reply
  • February 18, 2009 at 12:24 am
    Permalink

    මේක මොබිටෙල් ගැන නෙවෙයි සමාවෙන්න ! .CD-DVD ශිල්ප දාන්න පුළුවන් FREEගැඡට් එකක් කියන්න.

    Reply
  • April 9, 2012 at 12:15 am
    Permalink

    I am the first time on this site and am really enthusiastic about and so many good articles. I think it’s just very good.

    Reply

Leave a Reply to saman bandara Cancel reply

Your email address will not be published. Required fields are marked *